අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • දැන් ලංකාවට ගෙනල්ල තියන කුණු කන්ටේනර් ආපහු අරින්නත් බැරි තත්වයක්නේ තියෙන්නෙ. එතකොට ඒවා ගෙන්නපු හේලීස් සමාගමෙන් ඒ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න අවශ්‍ය විශේෂ දේවල් කරන්න අලාබයක් අතීතයට බලපාන විදිහට අය කරගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට නඩුවක් ෆයිල් කරන්න පුලුවන්ද?

    සාමාන්‍ය කෙනෙකුට නඩු කියන්න බෑ කියල එකක් නෑ ඉතිං එතකොට ඒකට යන කාලය වියදම තමන් තනියම දරන්න ඕනේ.
    ඕකේ කේස් එක තියෙන්නේ ඕක ගෙන්නපු මිනිහා දැන් බංකොලොත් වීමයි.
     

    thanujaka

    Well-known member
  • මගේ බලපත්‍ර සහිත ඉඩමට ඔප්පුවක් ඉල්ලුම් කරලා දැන් අවුරුදු 12 විතර වෙනවා. හැමදාම එක එක ඔෆිස් වලින් එක එක දේවල් කියනවා. සමහරවෙලාවට කලින් දීපු ඩොකියුමන්ට් නැති වෙලා කියලා ආපහු වෙන ඔෆිස් එකකින් හදාගෙන එන්න කියනවා. මේකෙ ඉවරයක් නෑ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මගේ ඔප්පුව හදන්න කල් යන්නෙ ඇයි සහ එක එක දේවල් කරන්න එයාල ගත්ත කාලය දන්වන්න කියල ඉල්ලුම් කරන්න පුලුවන්ද? ඊට පස්සෙ ඒ පිළිතුර පාවිච්චි කරලා මගේ වැඩේ කරන්නෙ නැති එකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න හෝ වැඩේ ඉක්මන් කරගන්න ක්‍රමයක් තියනවද?

    තොරතුරු දැනගැනීමේ පණත කියන එක ඕවට යූස් කරන්න බෑ.
    ඕවට නං ප්‍රායෝගිකව කරන්න දෙයක් නෑ.
    ඔප්පු තිරප්පු හැදිල්ල, ප්ලෑන් අනුමත කිරිල්ල කියන්මේ එඔආ වෙන වැඩ ඉතිං.
     

    thanujaka

    Well-known member
  • අපි මාළු අල්ලන කෙනෙක්, රා මදින කෙනෙක් වගේ වීඩියෝ කරලා යු ටියුබ් චැනල් එකක දැම්මම (අපහාස කිරීමට නොව අධ්‍යාපන වැඩ සදහා ) අර පුද්ගලයාට තමන්ගේ අනුමැතියක් නැතුව වීඩියෝ කරා කියල කේස් අදින්න පුලුවන්ද ?

    යූ ටියුබ් කියන්නේ මුදල් ලැබෙන ආදයම් සහිත විකාශණ මාධ්‍යයක්.
    ඒ නිසා එහෙම අනවසරයෙන් අනිත් අයගේ යම් යම් ජවනිකා රූපරාමු වගේ දේවල් පලකරනවා නං ඒවට විරුද්ධව නඩු කියන්න පුළුවන්.
    නමුට් ඔය වගේ මාලු අල්ලන අය රා මදින අය කීයටවත් ඔයවගේ දේකට නඩු කියන්නෙ නෑ.
     

    thanujaka

    Well-known member
  • නඩුවක් කතා කරද්දි විත්තිකාර දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට ලෝයර් කෙනෙක් ගැනීමට සල්ලි නැත්තන් මොකද වෙන්නෙ ?සල්ලි නැති මිනිස්සු කොච්චර ඉන්නවද. (ඔබ තුමාගේ කාලය වැය නොකර මාගේ මෝඩ ප්‍රශ්ණයට කෙටි පිළිතුරක් ලබා දෙන්න.)

    නීතී ආධාර එකට යන්න එතනින් නොමිලේම ලෝයර් කෙනෙක්ව අල්ලල දෙනවා.
    හැබැයි එයාලගේ පර්ෆෝමන්ස් නං හොදටම අඩුයි.
     

    thanujaka

    Well-known member
  • ද්විත්ව පුරවැසිභාවය නැති කලින් ලාංකික වෙච්ච් තාත්ත කෙනෙකුටයි ලාංකික පමණක් වූ අම්ම කෙනෙකුටයි ලංකාවෙදි දරුවෙක් ලැබුනම. ඒ දරුවට නිරායාසයෙන්ම තාත්තගෙ පුරවැසිභාවය ලැබෙනවා තාත්ත ඉන්න රටේ නීතිය අනුව. එහෙම දරුවෙක්ට උපතින් ලංකාවෙ පුඅරවසිභාවය ලැබෙනවද? එහෙම නැත්නම් ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලුම් කරන්න ඕනද? දරුවට දැනට ඉන්නෙ ලංකාවෙ සහ දැනටම ලංකාවෙ උප්පැන්න සහතිකයක් අරගන තියෙන්නෙ.

    ප්‍රශ්නයක් නෑ දරුවාට ලංකාවේ පුරවැසිභාවය දැනටමත් හිමිවෙලා ඉවරයි.
     

    thanujaka

    Well-known member
  • අපි ඉන්න ගෙදර තනි තාප්පෙකින් වටවුණු ඉඩමක්.හැබැයි මේ ඉඩම ඔප්පු තුනකින් ඉඩම් කට්ටි තුනකට තමයි තියෙන්නේ.එයින් එක ඉඩම් කට්ටියක ගේ තියෙනවා.
    ඉඩම් තුනම තෑගි ඔප්පුවලින් වෙන වෙනම මගේ වයිෆ්ට එයාගේ තාත්ත ලිව්වා.ඉන් එක ඉඩම් කට්ටියක් පමණක් කාලාවරෝධ විදියට පරිහරණය නිසා ලැබුණු ඉඩමක්. මට දැනගන්න ඕන ඔබතුමාගෙන් මේ ඔප්පු තුනම වෙනුවට
    තනි ඔප්පුවක් අපට හදාගන්න පුලුවන්ද? එහෙම නැතිනම් මේය අපේ දරුවෙකුට පවරන දිනක ඉඩම් තුනම තනි තෑගි ඔප්පුවක් විදියට ලියන්න පුලුවන්ද?

    බෑ එහෙම බෑ..
    ඔප්පු තුනක් නං ඕක ඉඩම් තුනක්.
    එකට තිබ්බට කෑලි 3ක්.
    පවරන්න වෙන්නේ වෙන වෙනම.
     

    thanujaka

    Well-known member
  • අම්මයි තාත්තයි බැදලා නැතුව හදන ළමයෙක්. තාත්තා කෝට් ඕඩර් එකක් දාලා අයිතිය අරං හදනකොට (සින්ගල් පේරන්ට්) පස්සෙ කාලෙක අම්මට ලමයව ඉල්ලලා ගන්න පුලුවන්ද ? තීන්දුවෙන් වසර පහකට විතර පස්සෙ.?:rolleyes:

    බෑ සිංගල් පේරන්ට් නං අම්මට ගන්න බෑ.
    ඒ වගේම අම්මගේ දේපොල කිසිම දෙයක් ලමයට උරුමත් නෑ.
     

    thanujaka

    Well-known member
  • තීන්දුවක් දුන්න නඩු අංකයක් හොයාගන්නෙ කොහොමද? අදාල පැමිණිලි, විත්ති පාර්ශව අංකය දීම ප්‍රතික්ෂේප කරයි නම්. එම අංකය නීතිමය ලෙස ලබාගන්නේ කෙසේද? නඩුව කතා කරපු නීතීඥවරයා කියන්නෙ අංකය නොමැතිව සෙවීම අසීරුයි යන්නයි. මෙහි තීන්දුව ඉතා වැදගත් බැවින් එය ලබාගැනීමට අංකය සොයාගන්නා ක්‍රමය කුමක්ද?

    දැනට පවතින දත්ත:

    -අදාල පැමිණිලි, විත්ති පාර්ශව වල නම් සහ ලිපින
    -අදාල වර්ෂය
    -අදාල උසාවිය
    -විත්තියේ නීතීඥවරයාගේ නම

    අප්ප ඒකනං ලේසි වෙන්නේ නෑ.
    නඩු අංකේ නැතුව ෆයිල් ගොඩවල් අස්සේ ඕක හොයන එක නීතීමය වශයෙන් කරන්නම බැරි දෙයක්.
    මොකද පැමිණිලි විත්ති වල.නම් තියෙන්නෙ ෆයිල් එකේ ඇතුලේ.
    පිට කවරේ තියෙන්නේ නඩු අංකය විතරයි.
    ෆයිල් මිටි ගණන් එකට ගැට ගහලා තියෙන්නේ.
    එකම දෙයයි ඕකට කරන්න.
    නඩුව ඉවර උන මාසේ හරියටම දන්නවනං පියන් කෙනෙක්ට කීයක් හරි දීල ඕක හොයාගන්න පුළුවන්.
    දිනයත් හරියටම දන්නවනං වැඩේ ලේසි.
    ඒ නැතත් මාසේ හරි දන්නවනං ඕක හොයගන්න පුළුවන් පියන් හරහා.
    එහෙම මාසේවත් දන්නේ නැත්තං හොයන්න බෑ ඕව මිටි බැදලා සපත්තු ලේස් වලින් ගැටගහලා ගොඩගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: jhnnwp

    thanujaka

    Well-known member



  • අලුත් කේස් එකක් සෙට්වුනා මහේස්ත්‍රාත් තුමා. pm එකක් දැම්මා. පිළිතුරක් බලාපොරොත්තුවෙනවා



    ++

    රිප්ලයි එකක් එවලද බලපං මම.
    මතක නෑ ඉන්බොක්ස් පිරෙන නිසා රිප්ලයි කර කර මකනව මම.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මචන්. ලොකු හදිස්සියක්.
    මම කලින් වැඩ කරපු තැන clientලගෙ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා. clientට contact කරගන්න පුලුවන් මාව විතරයි. මම ඒ client ඇතුළුව තව client ල ගොඩක් handle කරා. professional මට්ටමෙන්. සල්ලි ගනුදෙනු නෙමෙයි.
    දැන් ඒ company එකේ boss සහ එයාගේ partner මේ clientලට contact කරගන්න බෑ. මාව විතරයි contact කරගන්න පුළුවන්. උන් කියනවා මට විරුද්දව පැමිනිලි දානවා කියලා.
    මම දැන් කිසිම ගනුදෙනුවක් කලින් එකේ කට්ටිය එක්ක නෑ. එයාලව contact කරගන්න විදියට් මම කියලා තියෙන්නේ. මේකෙන් මන් අමාරුවෙ වැටෙනවද? ලොකු හදිස්සියක්. මේ දවස් දෙකතුනේම මේ client ල මට කතා කරනවා

    පැමිනිල්ලක් දැම්මොත් මටට් යන්න වීවිද.යන එක නම් අවුලක් නෑ මම employee කෙනෙක් විතරක් නිසා මට අවුලක් නැතිවෙයිද
    :sorry:
     

    thanujaka

    Well-known member












  • මේක අදාළ වෙයිද නැද්ද දන්නේ නෑ. මෙයා කියන විදිහට මේ දේවල් කරන්න පුලුවන්ද ඒවාට නීතිමය පැත්තෙන් බලපෑමක් තියේද


    වීඩියෝ එකනං මම බැලුවෙ නෑ මචං බලල කියන්නං.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මහේස්ත්‍රාත් තුමනි.සාමාන්‍යෙන් මෝටර්සයිකල් එකකට ඩෑශ් කැමරා එකක් සවි කරනවනන්, ඒක බයික් එකට සවිකරපු අමතර උපාන්ගයක් විදිහට සලකලා නීතිය මගින් කටයුතු කරන්න පුලුහන්ද..වාහන වලනම් ඕවා තියනවා,, නමුත් බයික් එකක?ස්තුතියි.:rolleyes:
     

    thanujaka

    Well-known member
  • අහන්න නම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මහේස්ත්‍රාත් තුමා.
    එකම එක ප්‍රශ්නයක් අහන්නම්, අපේ රට දේශපාලනික වශයෙන් ගොඩ ඒමක් නැද්ද ?

    ඇයි අපිට මේ නරා වලෙන් ගොඩ එන්න බැරි.......


    :dull::dull::dull::dull::dull:

    ඒක තනිකරම ලංකාවේ මිනිස්සුන්ගේ වරදක්.
    ඒකට දේශපාලනට කරන උන්ට බැනලා වැඩක් නෑ.
    උදාහරණෙකට මම O/L A/L පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධි අරගෙන ලෝ කොලේජ් ගිහිල්ල ලෝයර් කෙනෙක් වෙලා, මහේස්ත්‍රාත් විභාගයත් පාස් කරලා සේරම කරලානේ ඉන්නේ.
    මට පුළුවන්ද ගම්පහින් මර්වින් සිල්වා එක්ක චන්දේ ඉල්ලලා දිනන්න, ඒ ඕන නෑ අර මෝඩ හිරුණිකා එක්කවත් මට චන්දයක් ඉල්ලලා දිනන්න පුළුවන්ද?
    උඩින්නේ පරාද වෙන්නේ.:rofl:
    චන්ද කරන්න සල්ලි තියෙන්න ඕනේ, කසිප්පුද විකුණන්නේ එතනෝල්ද ගේන්නේ ඒවා ප්‍රශ්නයක් නෑ.
    චන්දෙකට කෝටි 20ක් විතර වියදම් කරන්න බොන්න දෙන්න ඕනේ.
    අපිට එහෙම සල්ලි නෑනේ බං.
    ඉතිං උගත් බුද්ධිමත් උන්ට කවදාවත් මේ රටේ පරිපාලනයට එන්න බෑ. ඒ ආවත් ඌත් අර සිස්ටම් එකට වැටුනම ඌත් සල්ලි පස්සේ දුවනවා ඊලග චන්දේට සල්ලි හොයන්න ඕන නිසා.
    ලංකාවේ මිනිස්සු ක්ක මේ වැඩේ කරන්න බෑ බං.
    මායි හිරුණිකයි චන්දේ ඉල්ලුවොත් මොකද වෙන්නේ.
    මට 1% වත් නැති වෙයි.:rofl:
    ලංකවේ උන් එක්ක මේ රට හදන්න බෑ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඒක තනිකරම ලංකාවේ මිනිස්සුන්ගේ වරදක්.
    ඒකට දේශපාලනට කරන උන්ට බැනලා වැඩක් නෑ.
    උදාහරණෙකට මම O/L A/L පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධි අරගෙන ලෝ කොලේජ් ගිහිල්ල ලෝයර් කෙනෙක් වෙලා, මහේස්ත්‍රාත් විභාගයත් පාස් කරලා සේරම කරලානේ ඉන්නේ.
    මට පුළුවන්ද ගම්පහින් මර්වින් සිල්වා එක්ක චන්දේ ඉල්ලලා දිනන්න, ඒ ඕන නෑ අර මෝඩ හිරුණිකා එක්කවත් මට චන්දයක් ඉල්ලලා දිනන්න පුළුවන්ද?
    උඩින්නේ පරාද වෙන්නේ.:rofl:
    චන්ද කරන්න සල්ලි තියෙන්න ඕනේ, කසිප්පුද විකුණන්නේ එතනෝල්ද ගේන්නේ ඒවා ප්‍රශ්නයක් නෑ.
    චන්දෙකට කෝටි 20ක් විතර වියදම් කරන්න බොන්න දෙන්න ඕනේ.
    අපිට එහෙම සල්ලි නෑනේ බං.
    ඉතිං උගත් බුද්ධිමත් උන්ට කවදාවත් මේ රටේ පරිපාලනයට එන්න බෑ. ඒ ආවත් ඌත් අර සිස්ටම් එකට වැටුනම ඌත් සල්ලි පස්සේ දුවනවා ඊලග චන්දේට සල්ලි හොයන්න ඕන නිසා.
    ලංකාවේ මිනිස්සු ක්ක මේ වැඩේ කරන්න බෑ බං.
    මායි හිරුණිකයි චන්දේ ඉල්ලුවොත් මොකද වෙන්නේ.
    මට 1% වත් නැති වෙයි.:rofl:
    ලංකවේ උන් එක්ක මේ රට හදන්න බෑ..

    ඇත්ත ..ඇත්ත:yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෑ සිංගල් පේරන්ට් නං අම්මට ගන්න බෑ.
    ඒ වගේම අම්මගේ දේපොල කිසිම දෙයක් ලමයට උරුමත් නෑ.

    ඒකියන්නෙ නඩු දැම්මත් තාත්තට බය වෙන්න දෙයක් නෑ .:rolleyes: :rolleyes: :rolleyes:
    තෑන්ක්ස් වේවා .:P
     

    thanujaka

    Well-known member
  • මේක වෘත්තීයමය කාරණා සම්භන්ද ගැටලුවක්.
    මේ ළඟදි සහ විවිද අවස්තාවලදි ගරු අධිකරණය තීරණ වගයක් ලබාදුන්න වෛද්ය සභාවට උපදෙස් දෙමින්. අන්තිම එක උනේ ඇක්ට් 16 සමත් විදේශීය විශ්වවිද්යාල සිසුන් පිරිසකට වෛද්ය සභාවේ සාමාජිකත්වය ලබාදී ඔවුන්ට වෛද්ය සේවයේ නිර්ත වෙන්න දින 30ක් ඇතුලත ලියාපදිංචි කරන්න කියල නියෝග කලා. මට දැනගන්න ලැබුනු කරුනු අනුව ඒ සිසුන් සා.පෙ, අසමත් වගේ නිසා එහෙම නොකර හිටිය කියල ත්මයි මම දැනුම්වත් උනේ. මේ වගේ හෝ මීට සමාන අවස්තාවලදී අන්ය වෘත්තීන්ගේ ගුණාත්මකභාවයට පැහැදිලි බලපෑමක් වන කාරණා වලට ඒ ඒ වෘත්තිකයන්ගේ ගැසට් කරනලද ලියාපදිංචි ආයතන වලට නියෝග දීමේ සදාචාරාත්මකබව කුමනාකාරයිද. ඒ ඒ ආයතන මගින් ඔවුන්ගේ ගුණාත්මක වෘත්තිකයන් පවත්වාගැනීම සඳහා විවිධ අවම සුදුසුකම් හෝ වෙනත් දේ ගැසට් මගින් පාර්ලිමේන්තු පනත් මගින් දක්වා තිබියදී ගරු අධිකරණ තීරණ මගින් එවැනි දේ අතික්‍රමනය කිරීම අදාල වෘත්තීන්ට කරන අපහාසයක් නොවේද.

    මගේ මතකය හරි නං උසස් පෙල අසමත් ලමයි එතන හිටියේ නෑ.
    S3ක් තිබ්බ කියන්නෙත් ලමයෙක් සමත් කියන එකම තමයි.
    වෘත්තීයට ඇතුලත් වෙන කඩඉම් විභාගය සමත්වෙන අයට වෘත්තීයට ඇතුලත් වෙන්න අවසර දෙන්න ඕනේ.
    අනිත් සියළුම විශය ධාරා වල ඔය අවස්ථාව තියෙනවා.
    ලෝ කරපු අයට උනත් ලෝ කොලේජ් එකේ ෆයිනල්ස් ලියලා ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ජිනේරුවන්ටත් එහෙමයි.
    ඉතිං වෛද්‍ය වෘත්තීයට කියල විශේෂත්වයක් අවශ්‍ය නෑ.
    ඇක්ට් 16 සමත් කියන්නේ ඒ ලමයින්ට දැනුම තියෙනවා, පිලුගත් විශ්වවිද්‍යාලයක උපාධිය තියෙනවා.
    ඔය අවස්ථාව මෙච්චර කල් අහිමි වෙලා තිබ්බ එකම වෘත්තීය තමයි වෛද්‍ය වෘත්තීය.
    ඒකටත් ඒ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා