ප්‍රොෆෙසර් නලීන් ද සිල්වා මෙහෙම කියනවා.
"කාරක සභාව පාර්ලිමේන්තුවේ, එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් නොවෙයි. ඒ කරුණුවල දී හැරෙන්නට පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ අධිකරණ හා වෙනත් ආයතන මගින්. පාර්ලිමේන්තුවට නැති බලයක් එහි කාරක සභාවකට තියෙන්න බැහැ. මේ කාරක සභාවට කිසිවකු වරද කරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැහැ."
1. කාරක සභාවට කිසිවකු වරදකරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැරිද?
2. 2017 විදේශ විනිමය පනත අනුව හිස්බුල්ලට විදේශ මුදල් ලැබුන ආකාරය හොයන්න මහ බැංකුවට බලයක් නැද්ද?
3. සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට දඬුවම් කෙළේ අතීතයට බලපාන පරිදි නීති සකස් කරලා කියන්නෙ ඇත්තද?
4. සේපාලට එහෙම කරන්න පුළුවන් උනානම් පහුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක මෙරටට ලැබුණු විදේශීය මුදල්, තෑගි හා වෙනත් දේ ගැන සෙවීමට හැකි වන සේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එහෙම කරලා ඒ අනුසාරයෙන් වැරදි කාරයන්ට දඬුවම් කරන්න පුලුවන්ද?
2017 kalin thibba panathin puluwan kiyala e welawe kiwuwa neda
2017 genawa panathin kalin thibba vinimaya panatha ahosi karapu hinda central bank ekata balayak naha kiyala kiwuwe





...

