මම මේක දාන්නේ එළකිරි යාළුවන්ට ස්තූති කරන්න සහ නොදන්න කෙනෙක්ට දැනගන්න. මම මීට අවුරුද්දකට විතර කලින් මගේ අයියට ඩයබෙටික් වලට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ගැන එළකිරි යාළුවන්ගෙන් විස්තර ඇහුවා. ඒ වෙනකොට අයියට metformin answer කරන්නේ නෑ කියලා insulin inject කරන්න කියලා කලින් බෙහෙත් ගත්ත ඩොක්ටර් කියලා තිබුණා. Insulin inject කරන්න පටන් ගත්තම ආපසු හැරීමක් නෑ කියලා මම අහල තිබුණා.
මම ඒ හින්දා ඩොක්ටර් වෙනස් කරන්න ඕනෙ කියලා හිතලා එළකිරියෙන් ඇහුවම ගොඩක් අය මට උදව් කරා. මට ඩොක්ටර් කටුලන්ද ගැන කීප දෙනෙක් කිව්වා. මම ඒ නිසා අයියව ඩොක්ටර් ගාවට එක්කගෙන ගියා. අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත අයියගේ ලොකු improvement එකක් වුනා. ඩොක්ටර් කියපු විදියටම අයියත් බෙහෙත්, කෑම බීම ගත්තා, ව්‍යායාම කරා. ඩොක්ටර් ටික ටික අය්යගේ බෙහෙත් අඩු කරා. අද ඩොක්ටර් කිව්වා ඔය විදියට ගියොත් තව ටික කාලෙකින් බෙහෙත් සම්පූර්ණයෙන් නවත්වන්න පුලුවන් කියලා.
Dr. Prasad Katulanda, CDEM Hospital
මට විස්තර කියපු එළකිරි යාළුවන්ට ගොඩක් ස්තූතියි කරපු උදව්වට. dilshan87, lodbrok ට විශේෂ ස්තූතිය.