චිත්‍රපට - විශිෂ්ට අදහස්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    චිත්‍රපට - විශිෂ්ට අදහස්

    මෙය චිත්‍රපට ගැන නොවේ...
    චිත්‍රපට තුළ ගැබ් වූ විශිෂ්ට අදහස්... මට හැඟෙන... දැනෙන... :D

    චිත්‍රපටය ඇතැම්විට විශිෂ්ට එකක් නොවේවි. සිත් ඇදගන්නා සුළු එකක් නොවේවි.
    නමුත් ඒ චිත්‍රපටයේ වටිනාකමක් ඇතැයි හැඟෙන, වැදගත් යැයි හැඟෙන
    දෙබස්, කොටස්, දර්ශණ පිළිබඳ මගේ අදහස් මෙහි පළ වේවි.
    පැය කිහිපයකින් යුතු චිත්‍රපටයක ඇතැම්විට විශිෂ්ට වන්නේ තත්පර කිහිපයක කොටසක් පමණක් විය හැකියි.

    ඇතැම්විට සංකේතාත්මකව, උපමා රූපක සහිතව දැක්වෙන එම අදහස්වල අර්ථය පැහැදිලි නොකරමි.
    සිතා බලා යහපත් දෑ උකහා ගැනීම ඔබටම බාරයි...!
    ඒසේම ඒ අදහස් "සෘණාත්මක" පැත්තට බර ඒවා වීමද විය හැකියි. ;)

    ඔබටත් ආරාධනා...!
    චිත්‍රපට තුළින් ඔබ දුටු විශිෂ්ට වූ අදහස් තිබේ නම් සිංහල බසින් පළකරනා ලෙස... :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1. The Courier [2019]

    The Courier [2019]

    මෙවැනි ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම පිළිබඳ අදහස ආවේ මේ චිත්‍රපටය බලන අතරතුර...
    පළමුවැනි චිත්‍රපටය ලෙස මෙය තෝරාගත්තේ ඒ හේතුවෙන්...

    1
    අපි ජීවත් වේවි, තවත් දිනක් සටන් කරන්නට... :)

    2
    වෙඩි ප්‍රහාර තුනකින් ඔබට දඩයම සම්පූර්ණ කළ නොහැකි නම්,
    ඔබ දඩයම් නොකිරීමයි සුදුසු... :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    2. Point Break (2015)

    Point Break (2015)

    අපි අතර තියන වෙනස තමයි, ඔබ දකින්නේ විවිධාකාර සීමාවන්... අපි දකින්නේ සත්‍යය...
    ____________________________________________

    ස්වභාවදහමට සෑමවිටම ඔබව මෝඩයා කළ හැකි ක්‍රමයක් තියනවා...
    ____________________________________________

    අපි හැමෝම මැරෙනවා...
    වැදගත්ම ප්‍රශ්නය තමයි "ඒ කොහොමද" කියන එක...
    ____________________________________________

    අතීතයේ පැවති සුන්දර පෘථිවිය, මිනිසා විසින් දූෂිත නොකළ ඒ පොළෝ මාතාව
    නැවතත් ගොඩනැඟීමට ලෝකයාගේ අවධානය යොමුකර ගත යුතුයි.
    ඒ සුන්දර බව නැති වෙමින් තියෙන්නේ...
    අපිට ජීවිතය ලබා දෙන මේ ලෝක මාතාවට සිදුවන විනාශය නැවැත්වීමට නම්,
    අපි ගන්නවාට වැඩියෙන් දෙන්න ඕනේ.
    අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ මේ ස්වභාවදහමේ ම කොටසක් වෙලා
    මේ තැන රැකගන්න මිස වනසන්න නෙවෙයි.
    ඒ කැපකිරීම අනාගතය වෙනුවෙන් කළ යුතුම යි.
    මිනිසා විසින් කරන මේ විනාශය අවම කිරීමට යමක් කළ යුතු නම්,
    ඔබ ඊට යහපත් හා සාමකාමී ක්‍රමයක් සොයාගත යුතුයි.
    ____________________________________________

    ඔවුන් ජීවිතය දකින්නේ ස්වභාවදහමෙන් ඔවුන්ට ලැබුන තෑග්ගක් විදියට...
    ඒ තෑග්ග සමබර කරන්න, ඔවුන් උත්සාහ කරන්නේ ස්වභාවදහමට වටිනා යමක් ආපසු දෙන්න...
    ____________________________________________

    ඔහු නිතරම හිතුවේ, පොළොවෙන් ගත් දේවල් ආපහු දෙන එක ගැන විතරයි.
    සමහරවෙලාවට ඒක පැළයක් හිටවනවා වගේ සරල දෙයක්.
    තවත් වෙලාවකට ඒක පැහැදිලි කිරීම අපහසු ඉතා සංකීර්ණ දෙයක්.
    ____________________________________________

    A : මේ ලෝකය හුඟක් අවුල් වුන තැනක්. නමුත් මට ඒකේ ජීවත් වෙන්න වෙනවා.
    B : ඔබ ජීවත්වෙන්නේ ලෝකයෙන් සැඟවිලා ද?
    A : නෑ. අපි ලෝකය මත ජීවත් වෙන්නේ. අපේම කොන්දේසි වලට අනුව...
    B : කොන්දේසි?
    A : ඔබට ඒක තේරෙන්නේ නෑ. අපි ලෝකය වෙනස් කරනවා.
    අපි ලෝකයෙන් ගත්තාට වැඩියෙන් ලෝකයට දෙනවා.
    ____________________________________________

    ඔබේ මිතුරා දරුණු ආකාරයට මිය ගිය වෙලාවේ ඔබ ඒ ජීවිතය අතහැරියා. වෙනත් පැත්තකට හැරුනා.
    ඔයාගේ ජීවිතය තීරණය කරන්න ඔයා වෙන කෙනෙක්ට ඉඩ දුන්නා.
    නමුත් ඔහු මියගියේ ඔහුගේම තීරණයක් නිසා, ඔහුගේම ක්‍රියාවන් නිසා මිස ඔබ නිසා නෙවෙයි.
    තමාට වගකිව හැක්කේ තමාගේ මාර්ගය ගැන පමණයි.
    ඔහු ඒ තීරණය ගත් මොහොතේ පටන්, ඒක ඔහුගේ මාර්ගය වෙනවා.
    අනිත් අයට එයාලගේ මාර්ගයන් තෝරාගන්න ඉඩ දෙන්න.
    තමන්ගේ මාවත තෝරාගන්නේ තමන් විසින්මයි. ඊට වගකිව යුතු වන්නේ තමාමයි.

    ඔබ නිවැරදි මාවත සොයාගත්තා වෙන්නේ, ඔබ "මාවත සෙවීම" නතර කළ විටයි.
    ____________________________________________

    ඔහු විශ්වාස කළා එක අදහසකින් ලෝකය වෙනස් කළ හැකි බව...
    ඒකම තමයි ඔහුගේ දුර්වලතාව වුනේ...
    අදහස් බලවත් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බලවත් වෙන්නේ ක්‍රියාව...
    ____________________________________________

    ඔවුන්ගේ වරද වුනේ, තට්ටු සියයක ඉහළම තට්ටුවේ තිබුන ගොඩනැඟිල්ලක්,
    කවදාවත් මංකොල්ල කාලා පැනගන්න බෑ කියලා විශ්වාස කළ එක...
    ____________________________________________

    සෑම අපරාධකරුවෙක්ට ම ඔවුන් කරන දේවලට "විකාරරූපී සාධාරණීකරණයක්" තියනවා.
    ____________________________________________

    :)

    • Like
    Reactions: M a d d i e

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    The Courier [2019]

    මෙවැනි ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම පිළිබඳ අදහස ආවේ මේ චිත්‍රපටය බලන අතරතුර...
    පළමුවැනි චිත්‍රපටය ලෙස මෙය තෝරාගත්තේ ඒ හේතුවෙන්...

    1
    අපි ජීවත් වේවි, තවත් දිනක් සටන් කරන්නට... :)

    2
    වෙඩි ප්‍රහාර තුනකින් ඔබට දඩයම සම්පූර්ණ කළ නොහැකි නම්,
    ඔබ දඩයම් නොකිරීමයි සුදුසු... :yes:
    meka baluwa boka 70i
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    mage wife tharam hodata nam katawath raga panna baha!
    ඒක හරි. :D

    meka baluwa boka 70i
    වැඩක් නෑ තමා ඒක නම්.
    ඒත් සමස්තයක් විදියට චිත්‍රපටය හොඳ එකක් නොවුනට තත්පරයක යන අදහසක් හොඳ වෙන්න පුළුවන්. :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Naam Shabana (2017)

    Naam Shabana (2017)

    මට කාගේ හරි ගෙදරක ඔත්තු බලන්න ඕනේ වුනාම,
    මම එයාලට "කේබල් ටීවී" සම්බන්ධතාවක් හෝ අන්තර්ජාල සබඳතාවක් ලබා දෙනවා.
    එයාලා ඒවා ගන්න අකමැති වුනොත්,
    කේබල් ටීවී මාස තුනක් නොමිලේ... අන්තර්ජාලය 100 GB නොමිලේ... හැමදෙයක්ම නොමිලේ...
    නොමිලේ දෙන දේවලට මිනිස්සු කොච්චර කැමතිද කියනවා නම්,
    කිසි කෙනෙක් නොගෙන ඉන්නේ නෑ.
    ____________________________________________

    අපි දැනගෙන සිටීම වැදගත්,
    පියවරක් ඉදිරියට ගත යුතු වෙලාව සහ පියවරක් ආපස්සට ගත යුතු වේලාව...
    ____________________________________________

    සුදුසු වේලාව එනතෙක් තමුන්ගේ කට අරින්න හොඳ නෑ.
    ____________________________________________

    කෙනෙක්ගේ මූණ දිහා බලලා කවදාවත් තීරණ ගන්න එපා...!
    ____________________________________________

    :)

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    4. Agent Sai Srinivasa Athreya (2019)

    Agent Sai Srinivasa Athreya (2019)

    මිනිස්සු රවට්ටන මිනිස්සුන්ව හොයාගන්න සරල තාක්ෂණයක් තියනවා.
    ඔවුන් සමාජයට හොඳ මුහුණක් පෙන්වන්න, තමන් පරාර්ථකාමී කියලා පෙන්වන්න, විවිධ උපක්‍රම යොදා ගන්නවා.
    උදාහරණයකට, නොමිලේ විවිධ දේවල් මිනිස්සුන්ට බෙදාහරිනවා... දන්සල් දෙනවා...
    රෝහල් පවත්වාගෙන යනවා... ලේ දන්දීමේ කඳවුරු පවත්වනවා...
    මේ වගේ බොහෝම ලස්සන, අවධානය දිනාගත හැකි දේවල් කරනවා.
    ඒ සියල්ල කරන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න.
    ඒ විශ්වාසය තුළින් රවටාගෙන තම අරමුණු ඉටුකරගන්න...

    මිනිස්සු රවටාගෙන මුදල් සෙවීමට පහසුම ක්‍රමයක් තමයි ආගම ගාවාගෙන කරන අපරාධ...
    එවැනි අය මොන වැඩක් කරත්, ඒකට දෙවියන්ගේ නමක් යොදා ගන්නවා.
    එයාලගේ ආයතන, සංවිධාන ආදියට දෙවියන්ගේ නමක් දාගන්නවා.
    උදාහරණයකට Sai Baba Industries, Balaji Textiles වගේ...

    ____________________________________________

    අපරාධකාරයෝ බුද්ධිමත් කියලා ද හිතන්නේ?
    ඔවුන් අතරින් 90% ක් මෝඩයි.
    ඔවුන් අල්ලගන්න නම්, අපි කරන්න ඕනේ එයාලගේ මනස කියවන එක විතරයි...
    ඒ කියන්නේ, ඔවුන් අපරාධය කරන ආකාරය... ඔවුන් බය මොනවාටද‍... ආදී කරුණු.
    ඒවා හොයාගත්තොත් ඕනේම අපරාධයක් විසඳන්න පුළුවන්...!

    වරද හෝ අපරාධය කොතරම් නිර්භීතව කළත්, අහුවෙන්න බයයි හැමවිටම...
    ඒක ඔවුන්ගේ ඇස් වලින් පේනවා... බොහෝ දෙනාට ඒක සඟවන්න බෑ...

    ඕනේම අපරාධකාරයෙක් කොතරම් හොඳට කළ සැලසුමක වුනත් ඉතා කුඩා හෝ අඩුපාඩුවක් තියනවා.
    අන්න ඒ අඩුපාඩුවෙන්, වැරැද්දෙන් තමයි ඔවුන්ව අල්ලගන්න පුළුවන්...

    ____________________________________________

    රහස් පරීක්ෂකයා :
    කී දෙනෙක් ඒ විදියට රැවැට්ටුවාද? අවසන් කටයුතු නොකර මළ සිරුරු කීයක් අරන් ගියාද?
    ඔවුන්ගේ ඥාතීන්, අසල්වැසියෝ මොනවත් ඇහුවේ නැද්ද?

    අපරාධයට සම්බන්ධ අයෙකුගේ පාපොච්චාරණය :
    අහන අයට ගොතාගත්ත කතාවක් කියනවා, මහත්තයෝ...
    "ඉක්මණින් ආදාහනය කරන්න ඕනේ, නැත්නම් ආත්මයට ශාප වේවි" වගේ කතාවක්...
    නැත්නම්, "පංචාක් කාල් කාලේ ආදාහනය කළොත් ගමට, පවුලට අසුබයි" කියනවා.
    එහෙමත් නැත්නම්, "උදේ පාන්දරම ආදාහනය කළොත් කෙලින්ම ස්වර්ගයට යනවා... නැවත ඉපදීමක් නෑ" කියනවා.
    මේ විදියේ බොරුවට ගොතාගත්ත කතා කිව්වම එයාලා අපිව විශ්වාස කරලා මළ සිරුරු බාර දෙනවා.

    ____________________________________________

    සුරයක්, යන්ත්‍රයක් පැළඳුවාම හොඳක් වේවි, වාසනාව උදා වේවි කියලා අපි හිතනවා...
    කළු බළලුන් අපට අවාසනාව ගෙනේවි කියලා අපි බය වෙනවා...
    සත්ත්ව හෝ මිනිස් බිලි දුන්නාම සැඟවුනු නිධාන දැනගත හෝ දැකගත හැකිවේවි කියන හිතනවා...
    ආගමික භක්තිය නැති වුනොත් හොල්මන්, භූතයෝ පෙනේවි... අපිට වින කරාවි කියලා බය වෙනවා...
    විවිධාකාර නොපෙනෙන බලවේග වලින් අපිට හානි වෙයි කියලා බය වෙනවා...
    ජීවිතයට හොඳක් වෙන්න කියන ආසාව... ඒවගේම නරකක් වෙයි කියන බය...
    මේ ආකාරයට ඕනෑ දෙයක් අන්ධ ලෙස විශ්වාස කරන තත්ත්වයට මිනිසෙක්ව පත්කරන්න පුළුවන්.
    ඒ අන්ධ විශ්වාස හරහා "ඕනේ දෙයක් කරන" තත්ත්වයට මිනිසෙක්ව පත් කරන්නත් පුළුවන්...
    මිනිසාගේ ඒ දුර්වලතාව ප්‍රයෝජනයට ගත්තු සමහර මිනිස්සු ව්‍යාපාර කරනවා.
    ඒ ව්‍යාපාර කරන්නේ "මිනිස්සු" එක්ක නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ "විශ්වාසයන්" එක්ක...

    ____________________________________________

    චිත්‍රපටය ගැන කියනවා නම්, පවුලේ හැමෝම එක්ක බලන්න ඕනේ විශිෂ්ට චිත්‍රපටයක්. :)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''හෙට ඉර පායයිද... මැගී....?''
    බොනී මහත්තයා අහන්නෙ මැගීගෙන්
    ‘පරසතු මල් චිත්‍රපටිය’
    මේ වාක්‍යය ඇහෙද්දි හරිම දුකක් හිතෙනව..:(
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ''හෙට ඉර පායයිද... මැගී....?''
    බොනී මහත්තයා අහන්නෙ මැගීගෙන්
    ‘පරසතු මල් චිත්‍රපටිය’
    මේ වාක්‍යය ඇහෙද්දි හරිම දුකක් හිතෙනව..:(

    චිත්‍රපටිය බලලා නෑ.
    google search කළාම මේ මොන වගේ අවස්ථාවකද කියලා හොයාගන්න පුළුවන් වුනා...
    ස්තුතියි...! :)
    Code:
    http://www.sarasaviya.lk/features/2019/12/19/13549/‘සුරතලී’-ලෙස-ගඟට-පැන-‘පරසතු-මලේ’
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    5. Angel Has Fallen (2019)

    Angel Has Fallen (2019)

    යුද්ධය යනු මුලාවක්...!

    ඔබ හිතන්නේ එක් එක් රටවල පවතින යුද්ධය එකිනෙකට වෙනස් කියලද?
    නැහැ! ඒ සියල්ලම එකයි. ඒ තමයි බියකරු යුද්ධය!
    ඔබ යුද්ධයේ පැවැත්ම වෙනුවෙන් කරන කැපකිරීම් වල අර්ථයක් නැහැ.
    ඔබ ඒ කැපකිරීම් කරන්නේ යුද්ධය ගැන යථාර්තය නොදන්නා නිසයි...
    ඔබේ ගෞරවය... ඔබේ තරුණ කාලය... ඔබේ සම්පූර්ණ ජීවිතයම...

    ____________________________________________

    පුතා : ඔයා කළේ අපිවයි, අනිත් හැමදේමයි අත්හැරලා දාපු එක...
    පියා : ඔව් පුතා! මම කළේ අත්හැරීම තමයි.
    තමුන් තමුන්ටම බොරු කරගන්නවාට වඩා, තමන් ආදරය කරන අයට රිදවනවාට වඩා,
    තමන් ඉවත් වෙලා යන්න ඕනේ මොන වෙලාවට ද,
    තමන් අත්හරින්න ඕනේ මොනවාද කියලා දැනගෙන ඉන්න එක හොඳයි.

    ____________________________________________

    ජීවිතයේ ඇතිවෙන දුෂ්කර, කටුක අවස්ථාවන්හිදී තමයි, අපේ සැබෑ තත්ත්වය පැහැදිලි වෙන්නේ...
    තමා මොනවගේ කෙනෙක්ද කියලා හඳුනාගන්න හැකි වෙන්නේ...
    අපි එවැනි අවස්ථාවන් හසුරවන ආකාරයයි වැදගත්... :)

    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    6. Manikarnika: The Queen of Jhansi (2019)

    Manikarnika: The Queen of Jhansi (2019)

    රජ කුමරුගේ මව : මාළිගයක වාසය කරන අයුරු ඇයට මුල සිට උගන්වන්නට වේවි.
    මේ මාලිගයේ ඇගේ අලුත් ජීවිතයේදී ඒ සුළඟ බදු ජීවිතය වෙනස් වේවි.
    රජ කුමරා : නෑ මෑණියනි, අපි ඒ වෙනස පිළිගනිමු.
    ඒ නිදහස් නව සුළඟ මාළිගයට හමා ආවාවේ...
    ____________________________________________

    නුඹලා සිටින මේ භූමියේ, තවදුරටත් රැදී සිටිය යුතු නම්,
    මෙහි ජනතාවට හා ඔවුන්ගේ හැඟීම් වලට, සංස්කෘතියට, සදාචාරයට ගරු කරන්නට ඉගෙන ගත යුතුයි!
    ඉංග්‍රීසි බස අපේ දක්ෂතාවක් විය හැකියි. නමුත් කිසිවිටකත් ඒ අපේ මව් භාෂාව නෙවෙයි.
    මව්බස යනු අපේ අම්මාට සමානයි. අම්මා කෙනෙක් නම් සිටිය හැක්කේ එක් අයෙක් පමණයි.
    ____________________________________________

    දරුවන් දෙවියන් හා සමානයි.
    ____________________________________________

    මේ දේශයේ සිංහාසනයට සුදුසු වන්නේ නිර්භීත වූවන් පමණයි.
    කෑදර වූවන් නොවේ.
    ____________________________________________

    සෙන්පති : ඔබතුමිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට සමාදාන ලිපියක් යැව්වාද?
    ඉන්දියාවේ ප්‍රධාන සතුරාගෙන් එසේ ආයාචනාත්මකව අයැදීම ලැජ්ජාවට කාරණයක් නොවේද?
    රැජිණ : අපට සොල්දාදුවන් කොපමණ සිටීද?
    සෙන්පති : අශ්වාරෝහකයන් සමඟ මුළු ගණන දෙදහස් පන්සිය විසි හයක්.
    රැජිණ : බ්‍රිතාන්‍යයන්ට?
    සෙන්පති : උපරිම වශයෙන් හතලිස් දහසක්...
    රැජිණ : අපට කාලතුවක්කු කොපමණ තිබේද? ඔවුන්ට කොපමණ තිබේද?
    සෙන්පති : අපට වඩා අසූවකට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුයි.
    රැජිණ : අපේ අසල්වැසි රාජ්‍යයන් පවා ඔවුන් සමඟ එකතු වේවි.
    ඔබේ කෝපය මට තේරුම් ගත හැකියි.
    අයුක්තියට එරෙහිව කරන සටනේදී මේ තර්කයන් මතක තබා ගැනීම වැදගත්...
    ඔවුන් සටන් කරන්නේ අපව පාලනය කරන්න. නමුත් අපි සටන් කරන්නේ ආත්ම ගෞරවය හා ස්වාභිමානය වෙනුවෙන්...
    මව්බිම වෙනුවෙන් දිවි පූජා කරන්න මා සූදානම්...
    එහෙත් ඊටත් වඩා නිදහස්, ස්වාධීන ඉන්දියාවක උදාවන සූර්යයා දැකීමට ඇති අවශ්‍යතාව බලවත්...
    සෙන්පති : මම නිතරම සිතුවේ ඔබ වර්තමානය වෙනුවෙන් සටන් වදිනවා කියා...
    නමුත් දැන් මට වැටහුනා ඔබතුමිය සටන් වදින්නේ අනාගතය වෙනුවෙන් බව...
    මුලින් කී දෑට සමාවන්න.
    දැන් මට පවසන්න, ඉදිරි පියවර කුමක්ද?
    රැජිණ :කිසිවක් නොකර සිටිමු, නියම මොහොත එනතෙක්...!
    ____________________________________________

    ලෞකික වස්තුව අත්හරින්නා තමයි සැබෑ වශයෙන් ජයග්‍රාහකයා...!
    මේ සිංහාසනය මාව රැජිනක් කරන්නේ නැහැ.
    මේ දේශයේ ජනතාවගේ ආදරය හා විශ්වාසයයි මා රැජිනක් කළේ...
    ඔබට මේ රට අවශ්‍යයි. මටත් එසේමයි.
    අප අතර වෙනස නම්, ඔබට අවශ්‍ය පාලනය කිරීමටයි, මට අවශ්‍ය මගේ ජනයාට සේවය කිරීමටයි.
    මම එදා හිස නැමුවේ නැහැ. අදත් මම එසේ කරන්නේ නැහැ.
    ____________________________________________

    රැජිණ : ඔබේ සටන මේ අහිංසක බ්‍රිතාන්‍ය දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව නොවේ.
    සටන්කරුවන් : බ්‍රිතාන්‍යයන් අප යටත් කරගෙන මෙතෙක් කල් කල පීඩාව?
    අපේ කාන්තාවන්ට හා දරුවන්ට හානි කිරීමට පෙර ඔවුන් කවදා හෝ එසේ සිතුවාද?
    මේ මිනිසුන් ඔබතුමියවත් මාළිගයෙන් එළියට දැමුවා.
    ඔවුන්ට ඇයි මෙතරම් අනුකම්පාවක්?
    රැජිණ : කැරැල්ල හා සංහාරය අතර වෙනසක් තියනවා.
    මේ අහිංසකයන්ගේ රුධිරය මේ නිර්මල භූමියේ සදාකාලිකව පවතින කැළලක් වේවි!
    සටන්කරුවන් : ඔබේ අනුකම්පාව නිසා සතුරා අප දුර්වල යැයි සිතනවා.
    ඒ නිසාම අප දේශය මේ වනවිටත් අනාථ වී අවසන්...
    රැජිණ : එය සත්‍යයක් නොවෙයි, මගේ දේශය අනාථ වී නැහැ.
    සෑම දෙයකටම සුදුසු කාලයක් තිබෙනවා.
    මේ කැරැල්ලට මග පෙන්වීමට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා...
    ____________________________________________

    අපගේ සංස්කෘතිය ප්‍රමුඛස්ථානය දෙන්නේ සාමයට... විප්ලවයක් අවශ්‍ය නම් ඒ දෙවනුවයි...
    නමුත්, බ්‍රිතාන්‍යයන් නිසා අපට අවබෝධයක් ලැබුනා,
    සමහරු කරුණාව තේරුම් නොගන්නා බව... ඔවුන් එය සලකන්නේ නිවට වීමක් ලෙස...
    මේ දේශය ඕනෑම අවස්ථාවකට සූදානම්...!
    එකම විසඳුම යුද්ධය නම් එය සිදුවේවි...!
    ____________________________________________

    අපේම අයවළුන් ද්‍රෝහීන් වන කළ... මාතෘ භූමිය, අපි ඔබව කෙසේ රැකගන්නද?
    ____________________________________________

    අපි යුද්ධය ජයග්‍රහණය කළා. නමුත් සියල්ල විනාශ වෙලා...
    දැන් මම පාලනය කරන්නේ කුමක්ද?
    ____________________________________________

    සතුරා පරදවා ජය ලැබීමෙන් ඇති යහපත කුමක්ද?
    අපේම මිනිසුන්ට දේශය කෙරෙහි ආදරයක් නොමැති නම්, අපේ යුධමය ජය වටිනා එකක් නොවේවි...
    සෑම ඉන්දියානු හදවතකම නිදහස උදෙසා වූ ආශාව දැල්විය යුතුයි.
    යම් දිනක නිදහස අනිවාර්යයෙන්ම ලැබේවි...! නමුත් පළමුව, අපේ ජනතාව අවදි කළ යුතුයි..!
    ____________________________________________

    මාතෘ භූමිය අම්මාට සමානයි.
    තමන්ගේ පැවැත්මට අම්මා විකිණිය හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහු ඇතුළතින් මළ අයෙක්.
    මම මළවුන්ට හිරිහැර කරන්නේ නැහැ.
    ____________________________________________
    ____________________________________________
    ____________________________________________

    LmAAbSe.jpg

    චිත්‍රපටයේ මම දකින විශිෂ්ටම තත්පරය තමයි මේ...
    වෛරය අගය කළ යුත්තක් නොවුනත්, මම දකින ආකාරයට මෙතන නිරූපණය වෙන්නේ වෛරය නෙවෙයි.
    ඇගේ ශ්‍රේෂ්ඨත්වය... තම දේශය වෙනුවෙන් වූ කැපකිරීම...
    ඒ බව නිරූපණයට මීට වඩා සුදුසු ක්‍රමයක් ඇති කියලා මම හිතන්නෙත් නෑ.

    ඒ වගේම මීට සමාන අවස්ථාවක් වෙනත් චිත්‍රපටයක මතකයට එනවාද?
    කාන්තා චරිතයක් නෙවෙයි, පුරුෂ චරිතයක්...
    .
    .
    .
    .
    .
    .
    Lws0KlQ.jpg

    300 (2006) චිත්‍රපටයේ දී ඒ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය විහදා දක්වන්න භාවිතා කළ ආකාරයෙන්ම,
    එවැනිම අවස්ථාවකින් මේ චිත්‍රපටයෙත් ඒ කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය ඉදිරිපත් කරනවා.
    300 චිත්‍රපටයේ තම දේශය රකින්නට කැප වූ ඒ උදාර පුරුෂයා වගේම
    මේ චිත්‍රපටයේ කාන්තාවත් කොන්දේසි විරහිතව තම දේශය රකින්නට කැප වූ අයෙක්...
    දෙදෙනාටම අවශ්‍ය නම් පලාගොස් තම දිවි රැකගැනීමට හැකියාව තිබුනා.
    නමුත් මරණය කෙරෙහි වූ බිය මරා දමා, ස්ව කැමැත්තෙන්ම තම දේශයේ අනාගතය වෙනුවෙන් මරණය තෝරාගන්නවා.
    ඒ මිල කළ නොහැකි ශ්‍රේෂ්ඨත්වය තමයි මේ පින්තූර දෙකෙන් නොකියා කියවෙන්නේ... :)

    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    7. Batla House (2019)

    Batla House (2019)

    මට මුලින්ම මේ කතාවේ ඔයාගේ පැත්ත දැන ගන්න ඕනේ...
    කතාවේ අනෙක් පැත්ත දැනගන්න එක හැමවිටම වැදගත්...

    ඔබ හැමවිටම ඔවුන්ට බැන වදිනවා ඔවුන්ගේ මතයට කන් නොදී...
    ඔබ කියන්නේ ඔබ අපක්ෂපාතී බව...
    නමුත් ඔවුන්ට එහෙම බැන වදින එකත් එක්තරා ආකාරයකට ඔවුන්ට විරුද්ධ පිරිසට පක්ෂපාතී වීමක්...

    ඒ කාමරයේ ඔබ හිටියෙත් නෑ, මම හිටියෙත් නෑ.
    ඉතින් අපි කොහොමද කියන්නේ එතන හරියටම වුනේ මේකයි කියලා...
    ඔවුන් වැරදිකරුවන් කියන්න ඔබ ළඟ කිසිදු පිළිගත හැකි සාක්ෂියකුත් නැතිව ඔවුන්ට චෝදනා කිරීම වැරදියි.
    ____________________________________________

    තාක්ෂණය දෙපැත්ත කැපෙන කඩුවක් වගේ...
    ____________________________________________

    පොලිසිය හැමවිටම නගර සභා සේවකයින්ව උදාහරණයට ගන්නවා.
    නගර සභා සේවකයින්ගේ අත් අපිරිසිදු වුනේ නැත්නම්,
    ඉක්මණින්ම අනිත් හැමෝම අපිරිසිදු වෙනවා.
    ____________________________________________

    මී ගුලට අත නොදා මීයාව එළියට ගන්න උගුලක් අටවන්න...!
    ____________________________________________

    ද්විමය විරුද්ධත්වය යනු කුමක්දැයි ඔබ දන්නවාද?
    යහපතට එදිරිව අයහපත...
    මේ යුද්ධය ආරම්භයේ සිටම පැවතුනා... හොඳ සහ නරක අතර...
    මේ යුද්ධයෙන් අවසානයේ ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි අපි දන්නවා...
    ඉතින්, ප්‍රශ්නය ජයග්‍රහණය ගැන නෙවෙයි, ඒ වෙනුවෙන් කළ යුතු කැපකිරීම් මොනවාද කියන එක...
    ____________________________________________

    ____________________________________________

    මේ චිත්‍රපටයේ ඇතැම් කොටස්, දෙබස් ගැන පළ කළේ නෑ වැරදියට තේරුම් ගත හැකි නිසා‍‍‍...
    (රාජ්‍ය පාලකයන් හා නිළධාරීන්, නීතිය, මාධ්‍ය වල හැසිරීම ආදිය ගැන) :D

    සත්‍ය කතාවක් ඇසුරින් හදපු චිත්‍රපටයක්...
    යහපත, සාධාරණය, යුක්තිය ඉටු කරන්න ගියත් කොතරම් චෝදනා, බාධා, හිරිහැර විඳින්න වෙනවාද...
    කැමති කෙනෙක් බලන්න. හැබැයි එච්චර දැනෙන විදියේ දුවන, පනින, දඟලන චිත්‍රපටයක් නම් නෙවෙයි. :)

    Last edited:
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    watched +++++
     
    • Like
    Reactions: Dishta Didin

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    suggest me good indian movie.

    Yesterday I watched a telegu movie
    NAME: MAHARSHI