4. Agent Sai Srinivasa Athreya (2019)
Agent Sai Srinivasa Athreya (2019)
මිනිස්සු රවට්ටන මිනිස්සුන්ව හොයාගන්න සරල තාක්ෂණයක් තියනවා.
ඔවුන් සමාජයට හොඳ මුහුණක් පෙන්වන්න, තමන් පරාර්ථකාමී කියලා පෙන්වන්න, විවිධ උපක්‍රම යොදා ගන්නවා.
උදාහරණයකට, නොමිලේ විවිධ දේවල් මිනිස්සුන්ට බෙදාහරිනවා... දන්සල් දෙනවා...
රෝහල් පවත්වාගෙන යනවා... ලේ දන්දීමේ කඳවුරු පවත්වනවා...
මේ වගේ බොහෝම ලස්සන, අවධානය දිනාගත හැකි දේවල් කරනවා.
ඒ සියල්ල කරන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න.
ඒ විශ්වාසය තුළින් රවටාගෙන තම අරමුණු ඉටුකරගන්න...
මිනිස්සු රවටාගෙන මුදල් සෙවීමට පහසුම ක්‍රමයක් තමයි ආගම ගාවාගෙන කරන අපරාධ...
එවැනි අය මොන වැඩක් කරත්, ඒකට දෙවියන්ගේ නමක් යොදා ගන්නවා.
එයාලගේ ආයතන, සංවිධාන ආදියට දෙවියන්ගේ නමක් දාගන්නවා.
උදාහරණයකට Sai Baba Industries, Balaji Textiles වගේ...
____________________________________________
අපරාධකාරයෝ බුද්ධිමත් කියලා ද හිතන්නේ?
ඔවුන් අතරින් 90% ක් මෝඩයි.
ඔවුන් අල්ලගන්න නම්, අපි කරන්න ඕනේ එයාලගේ මනස කියවන එක විතරයි...
ඒ කියන්නේ, ඔවුන් අපරාධය කරන ආකාරය... ඔවුන් බය මොනවාටද... ආදී කරුණු.
ඒවා හොයාගත්තොත් ඕනේම අපරාධයක් විසඳන්න පුළුවන්...!
වරද හෝ අපරාධය කොතරම් නිර්භීතව කළත්, අහුවෙන්න බයයි හැමවිටම...
ඒක ඔවුන්ගේ ඇස් වලින් පේනවා... බොහෝ දෙනාට ඒක සඟවන්න බෑ...
ඕනේම අපරාධකාරයෙක් කොතරම් හොඳට කළ සැලසුමක වුනත් ඉතා කුඩා හෝ අඩුපාඩුවක් තියනවා.
අන්න ඒ අඩුපාඩුවෙන්, වැරැද්දෙන් තමයි ඔවුන්ව අල්ලගන්න පුළුවන්...
____________________________________________
රහස් පරීක්ෂකයා :
කී දෙනෙක් ඒ විදියට රැවැට්ටුවාද? අවසන් කටයුතු නොකර මළ සිරුරු කීයක් අරන් ගියාද?
ඔවුන්ගේ ඥාතීන්, අසල්වැසියෝ මොනවත් ඇහුවේ නැද්ද?
අපරාධයට සම්බන්ධ අයෙකුගේ පාපොච්චාරණය :
අහන අයට ගොතාගත්ත කතාවක් කියනවා, මහත්තයෝ...
"ඉක්මණින් ආදාහනය කරන්න ඕනේ, නැත්නම් ආත්මයට ශාප වේවි" වගේ කතාවක්...
නැත්නම්, "පංචාක් කාල් කාලේ ආදාහනය කළොත් ගමට, පවුලට අසුබයි" කියනවා.
එහෙමත් නැත්නම්, "උදේ පාන්දරම ආදාහනය කළොත් කෙලින්ම ස්වර්ගයට යනවා... නැවත ඉපදීමක් නෑ" කියනවා.
මේ විදියේ බොරුවට ගොතාගත්ත කතා කිව්වම එයාලා අපිව විශ්වාස කරලා මළ සිරුරු බාර දෙනවා.
____________________________________________
සුරයක්, යන්ත්‍රයක් පැළඳුවාම හොඳක් වේවි, වාසනාව උදා වේවි කියලා අපි හිතනවා...
කළු බළලුන් අපට අවාසනාව ගෙනේවි කියලා අපි බය වෙනවා...
සත්ත්ව හෝ මිනිස් බිලි දුන්නාම සැඟවුනු නිධාන දැනගත හෝ දැකගත හැකිවේවි කියන හිතනවා...
ආගමික භක්තිය නැති වුනොත් හොල්මන්, භූතයෝ පෙනේවි... අපිට වින කරාවි කියලා බය වෙනවා...
විවිධාකාර නොපෙනෙන බලවේග වලින් අපිට හානි වෙයි කියලා බය වෙනවා...
ජීවිතයට හොඳක් වෙන්න කියන ආසාව... ඒවගේම නරකක් වෙයි කියන බය...
මේ ආකාරයට ඕනෑ දෙයක් අන්ධ ලෙස විශ්වාස කරන තත්ත්වයට මිනිසෙක්ව පත්කරන්න පුළුවන්.
ඒ අන්ධ විශ්වාස හරහා "ඕනේ දෙයක් කරන" තත්ත්වයට මිනිසෙක්ව පත් කරන්නත් පුළුවන්...
මිනිසාගේ ඒ දුර්වලතාව ප්‍රයෝජනයට ගත්තු සමහර මිනිස්සු ව්‍යාපාර කරනවා.
ඒ ව්‍යාපාර කරන්නේ "මිනිස්සු" එක්ක නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ "විශ්වාසයන්" එක්ක...
____________________________________________
චිත්‍රපටය ගැන කියනවා නම්, පවුලේ හැමෝම එක්ක බලන්න ඕනේ විශිෂ්ට චිත්‍රපටයක්. 