ධමනි ශිරා

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ධමනියෙ යන්නෙ පිරිසිදු ලේ ලු
    ශිරාවල යන්නෙ අපිරිසිදු ලේ ලු

    ඒ වුණාට වකුගඩුවට ලේ එන ධමනියට වඩා, වකුගඩුවෙන් ලේ පිට කරන ශිරාවෙ ලේ පිරිසිදුයි නේද

    තව අවස්ථාවක් - පුප්පුශීය ශිරාවෙ ලේ පිරිසිදුයි පුප්පුශීය ධමනියට වඩා

    තව විශේෂ ශිරාවක් තියෙනව යාකෘතික ප්‍රතිහාර ශිරාව කියල, උඹලට මතකද ඒ කාලෙ ඉගෙන ගත්ත
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන සීලියක් ධමනිය 2 ට බෙදීමෙන් ඇතිවන යාකෘතික ධමනිය මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන යාකෘතික ප්‍රතිහාර ශිරාව මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ධමනියෙ යන්නෙ පිරිසිදු ලේ ලු
    ශිරාවල යන්නෙ අපිරිසිදු ලේ ලු

    පටලවා ගන්න එපා....

    මෙය හෘදයේ සිට පර්යන්ත පටක දක්වා රුධිරය ගෙන යන ධමනි සහ පර්යන්ත පටකවල සිට හෘදය කරා රුධිරය රැගෙන එන ශිරා වලට පමණක් වලංගු සාමාන්‍ය භාවිතයකි...!!

    පිරිසිදු ලේ ලෙස මෙහිදී හදුන්වන්නේ ඔක්ෂිජන් වලින් සංතෘප්ත රුධිරයයි.
    අපිරිසිදු ලේ ලෙස මෙහිදී හදුන්වන්නේ ඔක්ෂිජන් වලින් අසංතෘප්ත රුධිරයයි.

    :cool: