කිසිම අව්ලක් නෑ බන්... බය නැතුව ගනින්. මමත් ඕකෙන් තමා හැමදේම ගන්නේ .... අවරුදු 5ක් වෙනවා දැන්
මම ගත්තා මුලින්ම
අගල් 19 මොනිටෙර් එකයි,
i3 4th gen ප්රොසා
500gb හාර්ඩ් එක
2gb රැම් දෙකයි
casing එකයි
කීබෝර්ඩ් මවුස්
දැනට මාරු කලේ කීබෝර්ඩ් එකයි මවුස් එකයි ....... එ දෙකම පොඩි එකා සෙල්ලමට ගත්ත නිසා .. මොනිටර් එක සහ පවර් සප්ලයි එක මාරු කරන්න උනා අකුණක් වැදුන නිසා. පලවෙනි පාර මොනිටර් එක හදන්න LED හදන තැන් වලට දුන්නා මම නිකන් ගාන බලන්න ... හම්මට මුන් කෙලින්ම 2500/- කියන්නේ ගාන. මම neoview එකට අරගෙන ගියා ...... 900/- ගියේ වැඩේට.
තාමත් මලක් වගේ වැඩ අනිත් ටික .....
මට ලග දී යාළුවෙක් ගෙන් මාස 02 කට කලින් ඔතනින් ම ගත්ත බඩු ටිකක් සෙට් උනා පොර රට ගිහිල්ලා එද්දී අළුතින් අරන් ආපු නිසා. උ මට සල්ලි පස්සේ දෙන්න කියලා දුන්නේ.. පස්සේ උ කිව්වා සල්ලි එපා කියලා .... මලක් වගේ යාලුවෝ ඉතින්
සිපියු කුලින් ෆැන් එකයි
4gb රැම් එකයි
ගෙමින් කෙසින්ග් එකයි ....ෆැන් 3ක් එක්ක
500-600W පවර් සප්ලයි එකයි
කීබෝර්ඩ් එකයි
1tb හාර්ඩ් එකයි
මගේ තිබ්බ කැලිත් එක්ක සෙට් කරා මගේ යාලුවෙක් එක්ක .... ඊට පස්සේ PC එක restart වෙන්න ගත්තා.. මම යාලුවට කිව්වම මට ඌ ගත්ත බිල දුන්නා ..... එකත් එක්ක නියෝවිව් එකට ගියා. වොරන්ටි තිබ්බ නිසා චෙක් කරන්න 200/- ගත්තේ. බලනකොට එක රැම් ස්ලොට් එකක් වැඩ කරන්නේ නැතුව ගිහින් .. අපි හයි කරනකොට ප්රොසා ගේ එක පින් එකක් ඇද වෙලා. ඊට පස්සේ එක හදලා බෝර්ඩ් එක සර්විස් කරලා දුන්නා.....
එතන ඉන්න සෙට් එකත් එක්ක ඕනෙම දෙයක් කතා කරලා කරගන්න පුළුවන් ...සෙනසුරාදා ඉරිදා නම් සෙනග .. පාවිච්චි කරපු ඒවාට මාස 6ක වොරන්ටියක් දෙනවා. අළුත් කෑලි වලට නම් වොරන්ට්ය් අව්රුද්දක් වගේ මතක විදියට....
බය නැතුව පලයන් බඩු ගන්නවා නම් ... ගන්න කලින් එතනින් අනිවා හැම පාර්ට් එකක්ම චෙක් කරලා අරන් වරෙන් ......