කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්..

    අපේ එළකිරියේ ඔක්කොටම ආයුබෝවන් කියන ගමන්, බොහොම කාලෙකට පස්සේ සංචාරක නුලක් අරගෙන ආවා.

    මේ ගමන අපි ගියේ හරියටම කිව්වොත් ගිය අවුරුද්දේ අප්‍රේල් පාස්කු ප්‍රහාරයට දවස් කිහිපයකට කලින්.මමත් මගේ දකුණේ යාළුවා කසුන් සහ අපේ ගජ මිත්‍රයෙක් වෙන නදිය.පොර නම් ඉස්සර ඉඳලම එළකිරියේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක්.
    නදියා ගේ තමා මේ ගමනේ අදහස. ගමනේ සැලසුම් මමයි කසුනුයි.
    අපේ ගමනාන්තය විදිහට අපි තෝරා ගත්තේ දුම්බර මිටියාවතේ එක අන්තයක තියෙන කොටගඟ දිය ඇලි දාමය.

    ලොකුවට සුදානමක් අවශ්‍ය නොවුණු නිසා ඕනේ කරන සරලම දේවල් කිහිපයක් මලුවලට අඩුක් කරගෙන අපි 3 දෙනා කොළඹදී තමා එකතු වුනේ.
    අපේ ගමන සිද්ධ වුනේ මේ පිළිවෙලට.
    නුවර හුන්නස්ගිරිය හරහා කොබාර්ට්ස් ගැප් ( අට්ටලමෙට්ටුව , සමහරු අට්ටලවෙට්ටුව කියලත් කියනවා. හරිම නම මම දන්නේ නැහැ ) වලට ඇවිත් එතනින් තංගප්පුව ගමට බැහැල, නකල්ස් අඩිපාර ඔස්සේ කොටගඟ ට යන්න. පහුවදාට දියඇලි ඔස්සේ පහලට බැහැල රංගල හරහා එලියට එන විදිහට.

    මේක බොහොම නිවාඩු පාඩුවේ ගිය ගමනක්. අපි 3 දෙනා සෑහෙන කාලෙකින් හම්බු වුනු නිසා කතා කරන්න අදහස්, මාතෘකා, අතීතය,සිදුවීම් වගේ දේවල් ගොඩක් තිබුනා.අපි උදේ වෙද්දී හුන්නස්ගිරියට ඇවිත් කඩේකින් කාලා, තව අවශ්‍ය කරන කෑම ටිකක් ඔතාගෙන මීමුරේ පාරේ ටිකක් දුරට පයින් ඇවිදගෙන යද්දී ලූල්වත්ත බස් එක ආවා. එකේ ගොඩවෙලා ලූල්වත්තෙන් බැහැල. අට්ටලමෙට්ටුව වෙනකම් ඉතිරි ටික වීල් එකක ගියා.
    මෙතන ඉඳල කතාව පින්තුර එක්ක කියවමු...

    ypH2dv2.jpg


    ZRnUrwS.jpg


    jwTbWMR.jpg


    ලූල්වත්ත බස් එක එනකම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගියා....

    oFiEypB.jpg

    හුන්නස්ගිරිය බුද්ධ ප්‍රතිමා වහන්සේ.

    cXrFgEi.jpg

    මේක මැදමහනුවර කන්ද.

    JhrhKrg.jpg

    මේක නවනගල කන්ද...මීමුරේ පාරේ පොඩ්ඩක් ඉස්සරහට යද්දී දකින්න තියෙන්නේ

    CGJMisF.jpg


    ලූල්වත්ත බස් හෝල්ට් එකෙන් බැහැල එතන ඉඳල අට්ටලමෙට්ටුව වෙනකන් ඉතිරි දුර වීල් එකක ගියා. ලූල්වත්තේ ඉඳල කෙටි පාරක් තියෙනවා, නමුත් කාලෙකින් පාවිච්චි කරලා නැති නිසා වල් බිහිවෙලා නිසා අපි වීල් එකේම ආව.


    1KPaVzS.jpg


    iooYE7x.jpg

    අට්ටලමෙට්ටුව ට පෙනෙන නකලස් කඳු 5.

    TsRCN4U.jpg

    අළුගල් කන්ද

    44wW9Kl.jpg

    කිණිහිරගල 2 Sphinx rock 2

    lxmINdU.jpg

    ඔය පහලින් පේන්නේ මීමුරේ පාර. ඈතින් පේන්නේ කයිකාවල ගමේ වෙල් යායන්


    3xOk3AS.jpg

    අළුගල් කන්ද, අලුගල්ලෙන පිහිටලා තියෙන්නේ ඔය මහා ගල් ප්‍රපාතයේ පාමුලට කිට්ටුව.

    D7XaAJu.jpg


    rIUJ7jg.jpg

    දුම්බානාගල කන්ද...

    RIa2RIp.jpg

    Sphinx rock හෙවත් කිණිහිරගල කඳු 2 ම එකම ඡායාරුපයක.
    වම අත පැත්තේ තියෙන්නේ කිණිහිරගල 1 සහ දකුණේ කිණිහිරගල 2.


    0Ele4TE.jpg

    කිණිහිරගල 1 Sphinx rock 1

    vtBbTas.jpg

    කිණිහිරගල 2 Sphinx rock 2


    මේකට Sphinx rock කියල සුද්ද නම දාන්න හේතුව තමයි Sphinx කියන ග්‍රීක පුරාවෘතය. සිංහ ශරීරයක් සහ මිනිස් මුහුණක් තියෙන රුපය.
    ඊජිප්තුවේ තියෙන ග්‍රීක Sphinx පිරමිඩය ත් ඒ පුරාවෘතය අනුව නිර්මාණය කරපු එකක්.
    මෙතන කිණිහිරගල 2 කන්ද ඒ හැඩේ වගේ නිසා සුද්දා ඒ නම දාන්න ඇති.

    VzwXP77.jpg

    අට්ටලමෙට්ටුව - තංගප්පුව පාර. අපි ගියේ මෙතන ඉඳල.තංගප්පුව වෙනකම් කිලෝමීටර් 6 විතර තියෙනවා.

    4GChwzL.jpg

    රැහැයියා.


    jeN4mYP.jpg

    බළල්ගිර කන්ද...ඈතින් පේන ජලාශේ නම් දන්නේ නැහැ.

    7zeIPj9.jpg

    ගැරඬි ගල සහ ඈතින් පේන්නේ වෙලන්ගොල්ල පතනෙ කොටසක්.

    h1t5lk0.jpg


    Bbb0XPf.jpg

    මේ පේන කන්ද නම් හරියටම මොකක්ද කියල සුවර් කරලා කියන්න බැහැ. අලියවැටුණු ඇල කන්ද විය හැකියි.

    RCQuxg7.jpg


    Mp7WUCd.jpg


    RslcVcV.jpg

    අතරමග හම්බුනු දිය පාරක් ළඟ නතර වුනා පොඩි විවේකයක් ගන්න...පට්ට ලස්සන, නිදහස් තැනක්.

    5IejJ0M.jpg


    z9Tg9qt.jpg



    Kei0ynr.jpg

    කොබාර්ට් ගැප් - තංගප්පුව පාර මාර ලස්සනයි. ඒ ලස්සන දකින්න නම් පයින්ම යන්න ඕනේ...

    KexNK4d.jpg


    7uX5nVM.jpg

    පැය දෙකක් විතර යද්දී අපි තංගප්පුව ගමට කිට්ටු වුනා.

    තංගප්පුව ගමෙන් පොල් ගෙඩියක් සහ කෑමට බිස්කට් කෙසෙල් ගෙඩි ටිකක් අරගෙන පොඩ්ඩක් ඉඳල එතනින් නකල්ස් පාර ඔස්සේ අපේ ගමන පටන් ගත්තා.

    6xEPX5B.jpg


    hAhG1nd.jpg


    HbsL4hd.jpg

    පොඩි විවේකයක් ගන්න...

    SIWKOrk.jpg


    UjkEhDs.jpg


    196hwEs.jpg

    මෙයා හොරෙන් අපි දිහා බලාගෙන උන්නේ...ලංකාවට අවේනික ද දන්නේ නැහැ......

    u9vP2F5.jpg


    ItOjDzd.jpg

    නිල් බිනර මල.

    amcwrHq.jpg

    ගස් දෙබල් වල හැදුනු උඩවැඩියා.

    AJqDwqo.jpg


    zUYv6Wb.jpg


    Vk0AaIP.jpg

    කොටගඟ පාලම


    ඔන්න අපි අපේ ගමනේ එක සංධිස්ථානයකට ආවා. මේ තමයි තංගප්පුව නකල්ස්, අලුගල්ලෙන මාර්ගයේ හම්බුවෙන කොටගඟ.ඉස්සර නම් මෙතන ඒ දණ්ඩක් විතරයි තිබුනේ. 2018 අවුරුද්දේ වන සංරක්ෂනෙන් මෙතන පොඩි පාලමක් හැදුව.
    සමහරුන්ට මේ පාලම කැතයි වගේ පෙනේවි.ඔව් මේකේ නොගැලපීමක් තියෙනවා. හැබැයි කාලයක් යද්දී දිය සෙවෙල බැඳිලා, පාසි බැඳිලා එද්දී අපූරුවට තියෙයි.

    මෙතන ඉඳල ගඟ දිගේ පහලට යන්න ඕනේ....ඒ ටික මාර ලස්සනයි. වැස්ස දවසකට නම් තරමක් අවධානම්.
    දුම්බරයටම ආවේනික ලස්සනක් තියෙන තැනක් තමා කොටගඟ.

    Q0hnLOs.jpg


    PAnJwr5.jpg


    fN8T4CL.jpg

    මමයි නදියයි....

    TzxtWQt.jpg

    දුම්බරයට ආවේනික අං කටුස්සා.

    Fz7Fkfq.jpg


    foaJA2Q.jpg


    hJoluWr.jpg


    GCiHwYU.jpg


    trOGZhW.jpg


    කොටගඟ පහලට මීටර් 300, 400 විතර එන්න ඕනේ මුදුනේම ඇල්ල ලඟට එන්න. අපි පළමු දවස නතර වෙන්න සැලසුම් කරගෙන තිබුනේ එතන.
    අපි එතනට එද්දී දවල් 3 විතර ඇති..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි මුදුනේම ඇල්ල උඩට ආවා. එතනට ඇවිත් පින්තුරු කිහිපයක් අරගෙන බෑග් එහෙම බිමින් තියල අපේ කුඩාරම අටවන්න සුදුසු තැනක් බලලා ගඟ අයිනේ කෑලෑ මන්ඩියේ අපේ කුඩාරම ඇටෙව්වා.ඒ වෙද්දීත් වටේට කළු වලාකුළු ටිකක් අහසේ මෝදු වෙමින් තිබ්බේ...
    ඊට පස්සේ පොඩි ලිපක් හදාගෙන තේ එකක් වක්කරගෙන බීලා වැඩි වෙලාවක් යන්න ලැබුනේ නැහැ ලොකු වර්ෂාවක් ඇද හැලුනා.

    ZsFBbeJ.jpg


    faJl51J.jpg


    eczWhu7.jpg


    s1hb1pE.jpg

    ඈතින් පේන්නේ හුන්නස්ගිරිය කන්ද. මේක තියෙන්නේ නම් පන්විල කියන ගමේ.

    Ab3VtnH.jpg


    66iCwrV.jpg


    FTfP037.jpg

    කොහොම හරි වැස්සට කලින් තේ එක හදා ගත්තා.

    ආ කියන්න අමතක වුනා නේ, අපි තේ බීල ඉවර වෙද්දීම වගේ තව නඩයක් ආවා. කොල්ලෝ සෙට් එකක්.ඒ කට්ටිය ඇල්ලේ පාමුල ඉඳල ඉහලට ආවේ. එයාලට රාත්‍රියට අලුගල්ලෙන ගුහාවට යන්න ඕනේ කිව්වා.අපිට තේරුණු විදිහට නම් එයාලට වැස්සට කලින් යන්න අමාරු වෙන බව කිව්වත් එයාල පිටත් වුනා.
    පහුවදාට නකල්ස් කඳු 5 නැගල බඹරැල්ල ට බහිනවා කිව්වා.
    උන් සෙට් එක මොනවා කර ගත්තද දන්නේ නැහැ.පරිස්සමට යන්න ඇති...

    වැස්ස පටන් ගත්තට පස්සේ අපි 3දෙනා කුඩාරම ඇතුලට වෙලා වැස්ස පායනකම් හිටියත් සෑහෙන වෙලාවක් යනකම් වැස්ස පෑයුවේ නැහැ.කුඩාරම යටින් තෙත ගැහුවත් ගණන් ගන්නේ නැතුව හිටියා.
    වැස්ස අඩුවෙන පාටක් නැති නිසාත්, එළියේ ලිපක් ගහන්න බැරි නිසාත් අපි රාත්‍රියට සමපෝෂ එකක් හැදුවා.

    සමපෝෂ එකට පොල් ගෑවේ මම.වැඩේ බොහොම සකසුරුවමින් කරපු වැඩක්.

    iuZlOD7.jpg

    සාක්කු පිහියෙන් හීනියට පොල් රැස්සා. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්.

    53xmGE1.jpg

    වැස්ස පොඩ්ඩක් අඩු වුනු හැටියේ ජැකට් එක දාගෙන ගිහින් ඇල්ලේ පින්තුරයක් ගත්තා.

    එදා රෑට කෑවේ සමපෝෂ. කොහොම හරි එදා අපේ කස්සා මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ සෑහෙන කොටසක් විස්තර කළා.
    හැබැයි මම නම් ඒ සීරිස් එක බලලා නැහැ.කොහොම හරි රෑ වෙනකන් වල් පල් දොඩවල අපි නිදා ගත්තා. හැබැයි ඉතින් තෙත ගොඩේ නිදා ගන්න වුනේ.

    පහුවදා බොහොම සුන්දර දවසක් උනා. කලින්දා වැස්සෙන් සේරම හේදිලා පරිසරයම නිකන් චිත්‍රයක් වගේ දිස් වුනේ. පුදුම සීතලක් තිබ්බේ උදේ.

    eDmQSeD.jpg


    q3gr6VV.jpg


    tPXquEQ.jpg


    pYKc7dy.jpg


    51UxRFA.jpg


    ටිකක් එලිය වැටුණු හැටියේම අපි කලේ කුඩාරමෙන් එලියට බැහැල කොටගඟ තැනිතලාව වෙත ගියපු එක.
    ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ.
    මෙතනට නකල්ස් කඳු 5, අළුගල් කන්ද, කන්දසාමි ගල, ගොමරයේ ගල වගේම පැහැදිලි දවසක නුවර, අලගල්ල, හන්තාන, බතලේගලට වෙනකම් පේනවා.
    කොටගඟ තැනිතලාව මාර ලස්සනයි. රැයක් නවතින්නත් කියාපු තැන.
    නකල්ස් කඳු වල පිහිටීම ලස්සනටම දැක්කේ කොටගඟ තැන්නේදී.

    BlvODyD.jpg

    ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ.

    VrqDyt9.jpg

    කොටගඟ තැනිතලාව.ඔය පේන්නේ නකල්ස් කඳු 5 සහ අළුගල් කන්ද.Amazing view :love::love::love:


    bFSBCqD.jpg

    අළුගල් කන්ද

    YCYgZ0b.jpg

    ඔය ඈතින් පේන්නේ ගොම්බානිය කන්ද.නකල්ස් වල උසම කන්ද.

    2E564QA.jpg


    4D87N61.jpg

    ඔය පින්තුරේ ඈතින් දකුණු පැත්තේ පේන්නේ අලගල්ල කන්ද.
    වම් පැත්තේ පේන්නේ මාවනැල්ලේ උරාගල කන්ද සහ බතලේගල කන්ද.



    4Qtbgkk.jpg


    lhBCUzJ.jpg


    Yp1Y70Y.jpg


    hQBZhFC.jpg


    තැනිතලාවේ කෙළවරක් වෙනකම්ම ඇවිද්දා. තැන්නේ ගලාගෙන යන වතුර ඈත කොනකින් පහලට වැටෙන තැනට වෙනකම් ආවා.
    මම නම් එතනින් ටිකක් පහලට බැහැල බැලුවා. එතනත් පොඩි දිය ඇල්ලක් වගේ ගලින් ගලට වතුර ගලාගෙන වැටෙනවා.


    OPsars3.jpg


    e5F4LyZ.jpg


    qjc95bx.jpg


    0Ni4024.jpg


    05vlNAv.jpg


    සෑහෙන වෙලාවත් කොටගඟ තැන්නේ ලස්සන අසිරිය බලලා අපි ආපහු අපේ කුඩාරමට යන්න පිටත් උනා.
    කුඩාරමට ඇවිත් වතුර එකක් රත් කරලා තේ එකක් හදාගෙන බීලා, නූඩ්ල්ස් එකක් හැදුවා.
    කලින් රැයෙත් උයන්න බැරි වුනු නිසා බඩගින්නකුත් තිබුනා.
    බොහොම පරිස්සමින් ගෙනාපු බිත්තර දෙකත් දාලා නූඩ්ල්ස් එකක් හදලා කාලා කොටගඟේ ඇති වෙනකන් නාලා අපේ බෑග් එහෙම ලැස්ති කර කර ඉද්දි එක පාරම අපේ හිසට උඩින් බඹරු රෑනක් ඉගිල්ලුනා.
    ක්ෂණිකවම බිමට පාත් වෙලා බඹරු යනකම් ඉඳල තමයි නැගිට්ටේ.
    කියන්න සන්තෝසයි මිත්‍ර වරුනි බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි.
    අපි කලින් දවසේ ඒක දැක්කේ නැහැ.
    ඒක ලොකු පාඩමක් වුනා අපිට.කැලේක නතර වෙන්න සුදුසු තැනක් බලද්දී අනිවාර්යෙන් ගස් උඩත් බලන්නම ඕනේ.මොකද අනතුර අපේ හිසට ඉහලින්ද දන්නේ නැහැ.

    rLXZjXr.jpg


    q4c0rH9.jpg


    rDfOfjX.jpg

    බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි.

    fxxjwVx.jpg

    අපි ඉතිරි භූමිතෙල් ටික කඳවුරු බිමේ ගහක ගැට ගහල එල්ලලා ආවා. එහෙම කලේ නැවත එන කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න.

    අහස බොහොම පැහැදිලි වුනා. කලින් දා වැස්ස නිසා නිල්ල පිරුණු අහසක් තිබ්බේ. හරිම ලස්සනයි.
    ඉතින් අපි පින්තුර ටිකක් අරගෙන අපේ මලුත් උස්සගෙන දිය ඇලි දිගේ පහලට අපේ ගමන පටන් ගත්තා.මෙතන ඉඳල දිය ඇල්ලෙන් ඇල්ලට පහලට බලමින් තමා යන්න තියෙන්නේ.
    කලින්දා වැස්ස වුනත් වතුර ඒ හැටි ගොඩක් තිබුනේ නම් නැහැ.
    හැබැයි කොටගඟ දියඇලි දාමය හරි ලස්සනයි.

    DkWKujW.jpg


    PiaXMp0.jpg

    group photo එකකුත් ගත්තා.

    1XmXmqo.jpg


    fbu2PYg.jpg

    කවුරු හරි කෙනෙක් හදපු gravity glue එකක්...

    OnZXIDW.jpg


    මෙතන හරියටම දියඇලි කීයක් තියෙනවද කියල නම් මම දන්නේ නැහැ. කියන්නේ නම් 7ක් තියෙනවා කියල.හැබැයි සමහර එව්වා නම් බොහොම පොඩි.නමුත් හරිම ලස්සනයි...

    96ADfVG.jpg


    S2zh9WN.jpg


    Lymwhwx.jpg


    67w3s2c.jpg


    s2zI2fz.jpg

    මුදුනේ ඉඳල 3 වෙනි එක....මට නම් ලස්සනම ඇල්ල මේක.

    ZwDTibi.jpg


    7mUc7jH.jpg

    මේකත් මාර ලස්සනයි.....මේකේ යට ගල් හැදිලා තියෙන විදිහ හරි අපූරුයි ....


    beDsQ6W.jpg


    9d60V4P.jpg


    5GYevb7.jpg

    මේ තවත් ඇලි 2ක්....

    මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් ගමන වෙනස් කළා. අපේ නදියගේ කකුලේ පොඩි අමාරුවක් ආ නිසා අපි ඇලි පහලට වෙනකන් ගියේ නැහැ.
    අඩිපාර දිගේ ඇල්ල ඈතට විතරයි දැක්කේ. ඒ වෙද්දී අපි සෑහෙන යටට බැහැල හිටියේ. මම හිතන්නේ ඒ නිසා අපිට යටින්ම තියෙන ඇල්ල මගහැරුනා.
    කොහොම හරි දවල් වෙන්න කලින් අපි පහලට ආව.
    එතනින් ආපහු සැරයක් කොටගඟේන්ම නාගෙන රංගලට ඇවිත් අපේ ගමන නිමා කළා.

    5zGjMZx.jpg


    UELvi01.jpg


    qR0K2zu.jpg


    1aJEoIV.jpg


    ඔය විදිහට අපේ තවත් එක සුන්දර චාරිකාවක් නිමාවට පත් වුනා. ඒ ගමනත් ඇත්තෙන්ම හරි ලස්සන ගමනක්.
    අපි රංගලින් නුවරට ඇවිත් අපේ හිතමිත්‍ර '' ගයියා '' ( ස්කූටර් වන්දනාකරුවෝ කණ්ඩායමේ ඉහලින්ම ඉන්න සගයෙක් ) මුණගැහිලා ගයියගේ කඩේටත් ගොඩ වෙලාම තමා ගෙවල් බලා ගියේ.

    එහෙම නම් අපේ එළකිරියේ ඔක්කොටම ජයවේවා. තවත් මේ වගේ සංචාරක නුලක් ඉස්සරහට ලියන්නම්.

    :):):):):):)


     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි සුපිරි ගමන ❤️
    සමනල අඩවිය ගැන මොකුත් නෑ නේද
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    මෙන්න කොල්ලෝ ....එල මචන් !! අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න තව ගිය ගමන් වල විස්තර දාන්න !!:D
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නියමයි මචං... උඹට පැත්ත පළාත ගැන පුදුම දැනුමක්නේ තියෙන්නේ.... සුභ පැතුම් .... ඉදල්ගස්හින්න... බටහිර හපුතලේ, බෙරගල, තංගමලේ සහ හපුතලේ කන්ද පොඩි සවාරියක් දාලා භූමි ආක්‍රමණය ගැන විස්තරයක් රටට ලෝකේට දියන්.....
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අට්ටලමෙට්ටුව - තංගප්පුව පාර...:love::love::love:

    Mama me pare giya kalekata kalin..api nam awe thangappuwe idan meemureta parata enna..patta parak mara lassanai..4x4 jeep ekakin arenna wena wahanayak yanna amrui...elakiri dodo..:love::love::love::cool::cool::cool: