මම කාලයක් vauxhall street එකේ තියෙන company එකක වැඩ කලා
බිල්ඩින් එකක තුන්වෙනි තට්ටුවේ වගේ තිබුනේ ඔෆිස් එක
මේකේ බොසයි GM ගෑනියි සීන් එකේ හිටියේ හැබැයි කාටවත් මට්ටු වෙන්න වැඩේ නැතිව කරගෙන ගියා
දවසක් මට වැඩ වගයකට උදෙන්ම මාතර යන්න තිබුන නිසා GM ගෑණී උදේ 6.30 ට වගේ එන්න කියලා තිබුණා ඔෆිස් එකට ඒකි ඉන්නවා කියලා
මම යද්දී 7.15 වගේ උනා එත් දොර ලොක් කරලා තිබුනේ
GM ගේ ෆෝන් එකට කෝල් කලා answer කරන්නෙත් නැහැ
ඊට පස්සේ දොරේ වීදුරුවෙන් බලද්දී පේනවා බොසාගේ කාමරේ සෙටිය උඩ දෙන්නා ජිගි ජිගි සීන් එකේ ඉන්නේ කියලා
ඕන මගුලක් කියලා ගත්තා බොසාගේ ෆෝන් එකට කෝල් එකක්
එක දැකලද කොහෙද GM ගෑණී බාගෙට ඇදගෙන වගේ කොන්ඩෙත් අවුල් කරගෙන ඇවිත් දොර ඇරියා good morning කියාගෙනම
මම වැඩි වෙලා ඉන්නේ නැතිව මගේ වැඩේ කරගෙන ඔෆිස් එකෙන් ගියා
ඒත් එදා සින් එකෙන් පස්සේ GM මාර විදිහට ෆිට් උනා මාත් එක්ක ටික කාලයක් සමහර විට දෙන්නාගේ පලහිලව්ව රහසක් නොවුනත් කාටවත් එලි වෙලා තිබුනේ නැති නිසා වෙන්න ඇති
ඒත් කාලයක් යද්දී මටම තේරුණා GM ට මාත් එක්ක ෆේස් කරන්න වැඩිය කැමති නැහැ වගේ
ඊට පස්සේ පොඩි පොඩි කැපිලි වගයකුත් ආවා GM ගෙන්ම මම වැඩිය හිතන්නේ නැතිව වෙන ජොබ් එකකුත් සෙට් වෙලා තිබුන නිසා company එකෙන් අයින් උනා
හැබැයි අන්තිම දවසේ GM මට කතා කලා බොසාගේ කාමරේට, බෝස හිටියේ නැහැ එත්, ගියාම ටික වෙලාවක් කතා කර කර ඉදලා මේකි අඩන්න පටන් ගත්තා
පස්සේ මට තේරුණා මෙච්චර කාලයක් මේකි ඉදලා තියෙන්නේ මට මුහුණ දී ගන්න බැරිව කියලා
ඒ නිසා මම කැමැත්තෙන්ම අස් වෙලා යනකන් ඉදලා තියෙන්නේ