ජපනට වඩා හපන් අපේ ආණ්ඩුව - යකඩ හීන

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    වාහනයක් ගන්න මමත් ආසාවෙන් ඉන්නව.වැගන් ආර් එකකට තමයි මගෙත් ආසාව.ඉතින් ඔන්න මට හදිස්සියෙම හම්බවුණා ප්‍රවීන ආර්ථිකවිද්‍යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට (අධ්‍යාපනික පුවත්පතක් විය යුතුයි) ලියූ ලිපියක්..
    ================

    ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
    ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු.. 😊
    හොඳයි නේද යෝජනාව...?
    මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...
    මම කතාකළා මගේ මිත්‍රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා.
    ඔහු කියන කතාව මෙන්න සරළව.

    Wagon R
    වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
    Toyota Premio
    ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
    පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
    මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
    ජපානය - 39983
    ලංකාව - 3835
    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
    පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
    මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
    සංවර්ධන නිර්ණායකයක්...
    සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණ තරුණියන් තම මුල්ම වැටුපෙන් කාර් එකක් අරගෙන ගෙදර එන්න පුලුවන්.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩුකරනව.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනව.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..
    වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.
    රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි සමාගම එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එකයි.ජපානයෙදි කාර් එක
    ලක්ෂ 20යිනෙ.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.
    කාර් හදන සමාගමට වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි.. 😲
    ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් සමාගම ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.රජයේ ලාභය සමාගමේ ලාභය වගේ තුන්ගුණයකින් වැඩියි.😲😲
    මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන.. 😅
    සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව..
    දේශපාලන විද්‍යාව උගන්වන මගේ මිත්‍ර ජානකගෙන් මම ඇහුවා ජනතා නියෝජිතයකුගෙ කාර්‍යභාරය මොකක්ද කියල..ඔහු කියන විදියට නම්, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...
    හැබැයි මගේ අදහස මේකයි,
    "ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."
    "ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."
    ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."
    "ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."
    🤣🤣🤣🤣
    පව් නේද මිනිස්සු..😢
    - උපුටා ගැනීමකි

    copied from fb
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වාහන මොකටද හැමෝ‍ටම..පාරේ ට්‍රැෆික් වැඩි කරන්නද..මම නම් කියන්නෙ ත්‍රීවිල්,බයික් වගේ ඒව අඩු කරල අනිත් වාහන ඔක්කොම තව වැඩි කරන්න ඕන..ෆිනෑන්ස් දාල ගන්න උනුත් සෙත්ත පෝච්චි ඵතකොට..😁😁😁
     
    • Angry
    Reactions: Sandun Thiwanka

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    :(

    ඇත්ත බන්.. වාහනයක් හැමෝටම ගන්න පුලුවන් වෙන්න ඕනේ හැබැයි ඒ පාරවල් වල traffic පුරවගෙන office යන්න shopping යන්න නෙවෙයි.. ත්මන්ගෙ පෞද්ගලික ගමන් යන්න.. නිවාඩුවට යන්න. office යන්න city එකේ shopping යන්න public transport දියුනු කරන එක තමා රජයක වගකීම:(
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    yako oya gana deela wahana gannawath mun LC open krnna denne nane , para hatta

    munta nm hodak wenne na. un ynwa v8 wala . apita vahana import krnnawath ba .
     
    • Like
    Reactions: Arcadian

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :(

    ඇත්ත බන්.. වාහනයක් හැමෝටම ගන්න පුලුවන් වෙන්න ඕනේ හැබැයි ඒ පාරවල් වල traffic පුරවගෙන office යන්න shopping යන්න නෙවෙයි.. ත්මන්ගෙ පෞද්ගලික ගමන් යන්න.. නිවාඩුවට යන්න. office යන්න city එකේ shopping යන්න public transport දියුනු කරන එක තමා රජයක වගකීම:(

    අන්න හරි..අපේ කාලකණ්නි කොහෙද..පාන් ගෙඩිය ගන්න යන්නෙත් කාර් ඵකේ ලොකුකම පෙන්නන්න..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලංකාවේ රජය tax ගහල අදායම ගන්නවා කියන එක ඔච්චර සිම්පල් කතන්දරක් නෙමේ මම දන්න විදිහට. ඕකට හේතු කීපයක් තියනවා.
    1. රටේ සල්ලි පිටරට යන එක අධ්‍ය්ර්යමත් කරන එක. මොකද ඒක අඩු කරේ නැතුව tax නැතුව තිබිල මෙහෙට වාහන ගේන හැටියට dollar රටේ එක 1 USD = Rs.1000 වත් වෙයි. (උදාහරණක් හොදේ.)
    2. රජයට අදායමක් විදිහට.
    3. රට තුල වාහන ප්‍රමාණය අඩු කිරීම.
    ඔය වගේ දන්න නොදන්න හේතු තියනවා.

    මම දකින විදිහට ඕකට හොදම විසදුම් තමයි රට ඇතුලේ වාහන manufacture ලට factory open කරන්න දීල හරි එහෙම නැතුව හරි රට ඇතුලේ වාහන නිපදවන එක. එකෙන් රටෙන් එලියට සල්ලි යන එක ගොඩක් අඩු වෙනවා. පොදු ප්‍රවාහන සේවා දියුණු කරලා පෞද්ගලික වාහන භාවිතය අධ්‍ය්ර්යමත් කිරීම. එක පුද්ගලයෙකුට එක වාහනයකට පමණක් අයිතිය සීමා කිරීම වගේ දේවල් කරන එක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ලන්කාව ඇතුලෙ වාහන නිපදවන්න කිසිම සමාගමක් කැමති වෙන්නෙ නෑ . ඒක පාඩු ලබන ව්‍යාපාරයක් ලංකාව වගේ පොඩි රටක
     
    • Like
    Reactions: Arcadian

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලන්කාව ඇතුලෙ වාහන නිපදවන්න කිසිම සමාගමක් කැමති වෙන්නෙ නෑ . ඒක පාඩු ලබන ව්‍යාපාරයක් ලංකාව වගේ පොඩි රටක

    ලංකාවට ගෙන්නන වාහන ප්‍රමාණය අනුව ඔය ටික ලංකාව ඇතුලේ හදල එළියෙන් ගේන ඒවට 2000% විතර tax ගැහුවනම් හරි මුලින්. එතකොට manufacturers ල රට ඇතුලට එනවා. නැත්නම් රට ඇතුලේ manufacturers ල හැදෙනවා. ලංකාවේ වාහන market එක ලොකුයි හිතනවට වඩා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    දියුණු රටවල් වල හැම ගෙදරකම කාර් එකක් තියෙනවා. මෝටර් බයික් තමයි ඒ රටවල් වල අඩුවෙන්ම තියෙන්නේ. ලංකාවේ ඒකෙ අනික් පැත්ත. වැඩියෙන්ම තියෙන්නේ බයික්. අඩුවෙන්ම තියෙන්නේ කාර්.
     
    • Like
    Reactions: Arcadian

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    දියුණු රටවල් වල හැම ගෙදරකම කාර් එකක් තියෙනවා. මෝටර් බයික් තමයි ඒ රටවල් වල අඩුවෙන්ම තියෙන්නේ. ලංකාවේ ඒකෙ අනික් පැත්ත. වැඩියෙන්ම තියෙන්නේ බයික්. අඩුවෙන්ම තියෙන්නේ කාර්.

    ඕවා එක කොනකින් පටන් අරගෙන පිලිවලකට හැදෙන්න ඕන දේවල්.

    මිනිහෙක්ට හොද වාහනයක් (Health and safety සහ emmision standard තියන වාහන විතරක්) ගන්න සල්ලි තියෙන්නේ ඕනේ. ඒකට මිනිසුන්ගේ අදායම හොද වෙන්න ඕනේ. අනික් පැත්තෙන් වාහන වල මිල සාදාරණ වෙන්න ඕනේ. ඒ කියල පාරවල් වල traffic වැඩි වෙන්නත් බෑ. ඒකට පාරවල් හැදෙන්න ඕනේ, රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ (වෙලාවට, පහසුවෙන්) කරදරයක් නැතිව ඉක්මනින් (30min - 1hr ඇතුලත) රාජකාරී වැඩවලටයි, සාමාන්‍ය එදිනෙදා වැඩවලටයි යන්න ඒවා පාවිච්චි කරන්න.

    ඔහොම ඔහොම එකකට එකක් සම්බන්දයි. එකයි කිව්වේ ඕවා එක කොනකින් පටන් අරගෙන පිලිවලකට හැදෙන්න ඕන දේවල්. ඒකට බුද්ධිමත්, වැදගත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. එහෙම එකක් තිබ්බෙත් නෑ, පේනතෙක් මානෙක ඇත්තෙත් නෑ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    වාහන මොකටද හැමෝ‍ටම..පාරේ ට්‍රැෆික් වැඩි කරන්නද..මම නම් කියන්නෙ ත්‍රීවිල්,බයික් වගේ ඒව අඩු කරල අනිත් වාහන ඔක්කොම තව වැඩි කරන්න ඕන..ෆිනෑන්ස් දාල ගන්න උනුත් සෙත්ත පෝච්චි ඵතකොට..😁😁😁

    sapa pahasuwata gamanak yanna one manussayek kamathi machan.

    අන්න හරි..අපේ කාලකණ්නි කොහෙද..පාන් ගෙඩිය ගන්න යන්නෙත් කාර් ඵකේ ලොකුකම පෙන්නන්න..

    oka lokukamak wela thiyenne hamotama wahanayak ganna bari nisane. hamotama hoda wahanayak thiyanawanam wahana kiyana de samanya deyak wenawa. kawruwath loku podi balanne na ethakota.

    lankawe iddi loan gahala car pedda. den hithenawa mona karadarayakda eka kiyala

    uba kiyanne loan gahala wahanayak ganna eka moda wadak kiyalada? samanya manussayekta wahanayak ganna wena kramayak nane machan.

    ඕවා එක කොනකින් පටන් අරගෙන පිලිවලකට හැදෙන්න ඕන දේවල්.

    මිනිහෙක්ට හොද වාහනයක් (Health and safety සහ emmision standard තියන වාහන විතරක්) ගන්න සල්ලි තියෙන්නේ ඕනේ. ඒකට මිනිසුන්ගේ අදායම හොද වෙන්න ඕනේ. අනික් පැත්තෙන් වාහන වල මිල සාදාරණ වෙන්න ඕනේ. ඒ කියල පාරවල් වල traffic වැඩි වෙන්නත් බෑ. ඒකට පාරවල් හැදෙන්න ඕනේ, රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ (වෙලාවට, පහසුවෙන්) කරදරයක් නැතිව ඉක්මනින් (30min - 1hr ඇතුලත) රාජකාරී වැඩවලටයි, සාමාන්‍ය එදිනෙදා වැඩවලටයි යන්න ඒවා පාවිච්චි කරන්න.

    ඔහොම ඔහොම එකකට එකක් සම්බන්දයි. එකයි කිව්වේ ඕවා එක කොනකින් පටන් අරගෙන පිලිවලකට හැදෙන්න ඕන දේවල්. ඒකට බුද්ධිමත්, වැදගත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. එහෙම එකක් තිබ්බෙත් නෑ, පේනතෙක් මානෙක ඇත්තෙත් නෑ.

    aththa kathaawa
     
    Last edited:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    sapa pahasuwata gamanak yanna one manussayek kamathi machan.

    oka lokukamak wela thiyenne hamotama wahanayak ganna bari nisane. hamotama hoda wahanayak thiyanawanam wahana kiyana de samanya deyak wenawa. kawruwath loku podi balanne na ethakota.

    uba kiyanne loan gahala wahanayak ganna eka moda wadak kiyalada? samanya manussayekta wahanayak ganna wena kramayak nane machan.

    aththa kathaawa
    මම මෝඩ වැඩක් කියන්නේ නෑ බන්. එක එකාගේ කැමැත්තනේ...
    මම කියන්නේ මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා දැන්. සල්ලිත් ඉතුරුයි.
    හැබැයි ස්ටේටස් පෙන්නන්න වාහන ගන්න එක නම් හෙනම මෝඩ වැඩක්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාව කියන්නෙ තෙල් අඩු රටක්. අඩු නෙමෙයි තෙල් නැති රටක්. ඉතින් වාහාන වලට බදු ගහන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් බදු ගහනව වෙනුවට කරන්න පුලුවන් ගැසොලීන් වහාන භාවිතය අධෛරයමත් කරන එක. ගැසොලීන් වහාන වලට බදු ගහල ඉලෙක්ට්‍රික් වහාන වලට බදු අයින් කරල හැම ශෙඩ් එකකම සෝලා /වයින්ඩ් පවර්ඩ් චාර්ජින් ස්ටේෂන් හැදුවනම් රටෙන් තෙල් වලට පිට යන විදේශ ව්ණිමයත් ඉතුරුයි, පරිසරයත් ඉතුරුයි. ඒක කරන්න බෑ. පක්ෂ විපක්ෂ හැම ඒකාලටම පෙට්‍රල් ශෙඩ් තියනව. උන්ට තෙල් නැතුව බෑ.
     
    • Haha
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ලංකාවේ වාහන ගණන් අඩු වෙන්නේ නැත්තේ පාරවල් අලුතෙන් හැදුන නැති නිසා. UNP එකෙන් අලුතෙනන් පාරවල් හදන එක නවතතපු එක මෝඩ කම ක්.
    ලංකාවේ හෙට පටන් ගන්නවා කියන්නකෝ High way Project එකක් . බලන්න මේකේ Post කීයක් වැටෙනවද කියලා Wigh way කන්න ද කියලා අහන එසුන්ගේ ගේ. මේ වගේ තාර මෝඩ හරක් ඉන්න රටක් දියුණු කරන්න හරිම අමාරුයි😀😀
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    නිකමට හිතන්න ඔය ගානට වාහන ලංකාවේ දුන්නොත් අපේ රටේ මිනිස්සු කොහොම වාහන ගනියිද? අපේ මිනිස්සු වාහන ගන්නේ අවශ්‍යතාවයට නෙමෙයි. මිනිස්සු වාහන ගන්නේ රැල්ලට. ආණ්ඩුවක් කරන්න ඕන පුද්ගලික වාහන වලට තියන තැන අඩු කරන්න ඕන. පොදු ප්‍රවාහනේ දියුණු කරලා ඒවාට ලොකු තැනක් දුන්නා නං මිනිස්සු පුද්ගලික වාහන ගන්නේ නැතුව ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පිස්සුද බන්. වාහන කියන්නේ පුටු සෙටියක් වගේ දෙයක් නෙමෙයි. labour ගාස්තු ඇර ගත්ත දවසේ ඉදන් අපේ සල්ලි පිටරටට දෙන්න ඕන වැඩක්.නැත්තන් චන්ද ගන්න බදු එක දවසින් 0ට අඩු කරන්න පුළුවන්. ඔහොම තිබිලත් යකෝ මාතර රෑ 12ට ගියත් පැය බෑගයක් විතර යනවා town එක පාස් කරන්න. අපිට වඩා population : cars ratio එක වැඩි රටවල් හැම එකක්ම එක්කෝ අම්බානක ආර්ථිකේ හයියයි . නැත්තන් ගෙදරට පාන් ගෙඩියක් ගෙන්න පැය බාගයක් විතර drive කරන්න ඕන වෙන ලොකු රටවල්.
     
    Last edited:
    • Like
    Reactions: KBW123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පිස්සුද බන්. වාහන කියන්නේ පුටු සෙටියක් වගේ දෙයක් නෙමෙයි. labour ගාස්තු ඇර ගත්ත දවසේ ඉදන් අපේ සල්ලි පිටරටට දෙන්න ඕන වැඩක්.නැත්තන් චන්ද ගන්න බදු එක දවසින් 0ට අඩු කරන්න පුළුවන්. ඔහොම තිබිලත් යකෝ මාතර රෑ 12ට ගියත් පැය බෑගයක් විතර යනවා town එක පාස් කරන්න. අපිට වඩා population : cars ratio එක වැඩි රටවල් හැම එකක්ම එක්කෝ අම්බානක ආර්ථිකේ හයියයි . නැත්තන් ගෙදරට පාන් ගෙඩියක් ගෙන්න පැය බාගයක් විතර drive කරන්න ඕන වෙන ලොකු රටවල්.
    මාතර රෑ12ට පුශ් බයික් එකක ගියොත් නම් පැය භාගයක් යනවා තමා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මාතර රෑ12ට පුශ් බයික් එකක ගියොත් නම් පැය භාගයක් යනවා තමා
    දැන් එහෙමද බන්. බස් 10ක විතර දුර ඉන්න අපි ටව්මට එන්නේ ඉතින් අවරුදු 10කට විතර පාරක් නේ.