Reducing balance ක්රමය සහ Equated Monthly Installment
වල වෙනස මේකයි..
උඹ ලක්ෂෙක ණයක් 10% පොළියට , 1 අවුරුද්දකට ගත්තොත් ,
මුල් ණය මුදල = 100,000
ණය මුදල සඳහා වසරකට පොලිය = 10,000
මුල් ණය + පොළිය = 110,000
එක් මසකට වාරිකය = 9166 ( මුල් ණය + පොළියේ එකතුව බෙදීම වාරික 12 )
හැබැයි මචන් උඹ මාස 2,3,4,5 ... .... .. . වාරික ගෙවන් යද්දී උඹේ ණය මුදල
වුණු ලක්ෂෙන් ණය ප්රමානෙ අඩු වෙනවනේ .ටික ටික .. නේද ? පැහැදිලිද ..?
මුල් මාස 6 පැන්නුවාට පස්සේ බොහෝ විට ඉතුරු 50,000 වගේ ප්රමාණයක්නේ
ණය මුදල විදිහට... ඒ උනත් ඉහත ක්රමේ අනුව ගණන් හැදුවොත් මේ වෙද්දීත් උඹ ගෙවලා
තියෙන 50,000 විතර මුදලටත් උඹ පොළී ගෙවනවා නේද ...?
කොටින්ම උඹ අන්තිම වාරිකේ ගෙවද්දී 90,000 විතර මුල් ණය මුදල
ගෙවලා තිබුණත් , උඹ ලක්ෂෙක මුදලකට තවම මාස් පොළී ගෙවනවා...
ඉහත ක්රමයේදී පැහැදිළි පාඩුවක් උඹේ පැත්තට වෙනවා ලක්ෂ 10 ට
වැඩි , අවුරුදු 5 ට වැඩි ලෝන් වළදී...
ඒ නිසා තමයි සෑම මසකම වාරික අවසානයේදී එතෙක් ඉතිරි මුල් ණය
මුදල කීයද කියලා බලලා , ඒ මුදලට විතරක් පොළිය ගණන් හදන
ක්රමය නොහොත් " හීණ වන ශේෂය " භාවිතා කරන්නේ...
එතකොට පොළිය හදන්නේ
1 මාසය 100,000 ට 10%
2 මාසය 91,670 ට 10%
3 මාසය 83340 ට 10 %
4 මාසය
ආදී වශයෙන්
හැබැයි මචං ලක්ෂ 2,- 5 ලෝන් වලදී අවුරුදු
3 වගේ ගෙවන්න ගද්දි මහ වෙනසක් එන්නේ නැහැ..
උපරිම 12,000 වගේ එහෙට මෙහෙට වෙන්නේ...
බලපන්කො ක්රම දෙකෙන්ම ගාණ හදලා...
inflation එක පුදුම විදිහට තියෙන ලංකාවේදී
හීණ වන ශේෂය ක්රමය ඇතැම් විට ඔයාට පාඩුයි හොදේ...