ප්‍රක්ටිකල් වාහනයක්... ලංකාවේ එ්වුන් මොනට විට්ස් පස්සේ දුවනවද මන්දා මේ වගේ ලංකාවට ගැලපෙන වාහන තියෙද්දී...
Mama danna kenek vits 1k Exchange kala xbee 1k ta by paying additional amount by hand.
And also one of my friend has sold Vezel 2014 and baught a 2018 xbee.(according to his experience driving position is good when compared to vezel)
ඇත්ත. ප්‍රායෝගිකව බැලුවොත් Vitz එක ඇත්තටම එතරම් ගැලපෙන එකක් නෙමෙයි. Ground clearance එකත් හරි මදි. ගොඩක් තැන් වලදි යට වදිනව. සෑහෙන වද වෙන්න ඕනෙ වල ගොඩැලි පාරක යද්දි. Vitz එකේ ඇතුලෙ ඉඩ ඇහිරිලා තියෙන්නෙ ගොඩක්. වාඩි වුණාම ටැංකියක් ඇතුලෙ ඉන්නව වගේ. (CHR එකෙත් ඒ ගතිය තියෙනව. වාහනේ පෙනුම නම් තියෙනව ඇස් කඩාගෙන යන්න.. නමුත් ඇතුල ගුහාවක් වගේ.). Vitz එකේ Suspension නම් ඉතාම smooth. ඒක කියන්න ඕනෙ. වලක වැටෙනකොට වගේම Bumper උඩින් යද්දි වැඩිය ඇඟට දැනෙන්නෙ නැතිව ගමන යන්න පුළුවන්. නමුත් ඒ පහසුව සමග වාහනය තුල ඇති features එක්ක බැළුවොත් බොහෝ වාහනවලට වඩා XBEE ප්‍රායෝගිකව හොඳ වාහනයක්. 1000cc Engine එකක් එක්ක එතරම් හොඳ features එක්ක ගන්න හොඳ වාහනයක් තමයි XBEE එක. Hustler එකත් හොඳයි. ඒ වාහන දෙකේම ground clearance හොඳයි. Features හොඳයි. ඒ වගේම Fuel Consumption සෑහෙන්න හොඳයි. ඉතා හොඳ ඉන්ධන ඉතිරියක් තියෙනව. Eco Friendly වාහනය පදවනව නම් බොහොම හොඳින් ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. XBEE එකේ පෙනුම නම් කිසිම වරදක් මම දකින්නෙ නැහැ.
ඇැත්තටම SL වාහන මාර්කට් එක මහ උක්කන විදියට බන් හැසිරෙන්නේ නේද
ලෝකෙම රෙස්පෙක්ට් කරන වාහාන මෙහේ ගණන් ගන්නේවත් නෑ
ලෝකෙම රිජක් කරන වාහන මෙහේ මල් මාල දාලා අරගන්නේ
ඔව් මචං. මහ අමුතුම හිරිකිත කෝනෙකින් බන් අපේ උන් වාහන දිහා බලන්නේ
ඇත්තටම ඒ හිතන විදි හරිම අමුතුයි. අනේ මන්ද. ඇත්තටම හොඳ වාහන මේ රටට එන එක තේරුමක්ම නෑ.
ඔව්.! කාලෙක ඉඳන් කියන්නෙ... ලංකාවෙ තියෙන වාහන මාකට් එක තනිකරම අච්චාරුවක්. කිසිම තේරුමක් නැති විකාරයක්. ඒකට ලංකාවේ බදු කොටස එකතු උනාම තනිකරම කැඳ හැලියක්. සේරටම හපන් වාහන සේල්. බොහොම පරිස්සම් උනේ නැතිනම් ඒත් අවුල.
අනිත් එක වාහනයක් ගන්න යනකොට විස්තර දැනගන්න අහනව නේද? ඒ වාහනේ ගන්න එපා වෙන තැනට එනව බොහෝ දුරට එක එක අය කියන දේවල් අහල. අවුරුදු 20 ක් විතර පරණ වාහන සමහර වර්ග තියෙනව තාමත් පට්ට ගණන්. හැබැයි full compromised වෙච්චි වාහන තියෙන්නෙ. මීටර් කරකවල හෝ මොනවා හරි අවුල් තියෙනව. ඒත් ගන්න ගියාම පට්ට ගණන්. තේරෙන විදිහට නම්.... කෙනෙක්ට හොඳ වාහනයකට යන්න තියෙන ඉඩ අහුරන විදිහේ මාර්කට් එකක් තමයි ලංකාවෙ තියෙන්නෙ.
හොඳට කල්පනා කරල බැලුවොත්... ලක්ෂ 20 අවට මුදලක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ට නම් තාමත් දරාගන්න අමාරු මට්ටමේ මුදලක්. කජු ඇට කොස් ඇට නෙමයි. ඉතා විශාල මුදලක්. බහුතරයක් ණය වෙලා හෝ ලීස් දාල තමයි ලක්ෂ 20 ක මුදලක් හොයාගන්නෙ. එහෙම මහන්සියක් දරල එතරම් මුදලක් හොයාගෙනත්., වාහනයක් ගන්න ගියාම ඒ ගාණට ගන්න හොඳ වාහන නෑ. ඔක්කොම අවුරුදු 20 ක් විතර පරණ ඒවා. ජපන් වාහනයක් නම් මාර ගණන්. (Nissan Salloon type වාහන). ඉන්දියන් වාහනයක් නම් ගන්න පුළුවන් ඒත් ඇල්ටෝ එකක් වුණත් වාහනේට වඩා බොරු වටිනාකමක් බදු නිසා. නමුත් හැමෝම බලන්නෙ ජපන් වාහනයකට යන්න.
ජපන් වාහනයක් නම්.. ඇත්තටම ඒ නිසාම ගන්නව සමහරු ඒවගේ කල් පැවැත්ම හොඳයි කියල. නමුත් ගන්න වෙන්නෙ බොහෝ විට හොඳ මට්ටමේ එකක් නෙමෙයි. අරං පදින්න පුළුවන් නම් කමක් නෑ නිදහසේ. ඒත් නෑ. ගරාජ් ගානෙ යන්න ඕනෙ. එක්කෝ බැටරිය දාන්න වෙනව නැත්තං වෙන මොනව හරි. සමහර වාහන අරං තව ලක්ෂයක් දෙකක් හෝ තුනක්වත් වියදම් කරන්න ඕනෙ ඒ වෙනුවෙන්. ලක්ෂ 20 එතකොට මදි හොඳ වාහනයක් ගන්න. ඇයි? එකට තුන් ගුණයක් බදු ම ගහල හොඳ වාහන වලට. ඉතිං මොකද කරන්නෙ? ඕක තමයි වැඩේ ඉතිං.
සල්ලි තියෙන අයට මේවා ප්‍රශ්න නෙමෙයි. නමුත්... හැමෝම සල්ලිකාර අය නෙමෙයි. ඒ අයට තමයි මේ ප්‍රශ්නෙ වැඩියෙන් ම බලපාන්නෙ. ආකල්ප සහ තවත් ගොඩක් දේවල් බලපානව. හැමෝම වැරදියි කියන්නත් බැහැ. වාහනේ විකුණගන්න ගියාම නොයෙකුත් බොරු කියල විකුණන්න හදන්නෙ ඇයි...? ඒවට විසඳුම් නැහැ මෙහෙ. එතකොට ඒ බොරු වලට රැවටිලා වාහනය ගන්න කෙනා පත්වෙන තත්වයට විසඳුම් නැහැ. ඒ මනුස්සය ආර්ථිකව හිර වෙනව. ඇත්ත කියල විකුණන්න ගියොත් මොකෙක්වත් ගන්නෙ නැහැ. ඒවට විසඳුම් නැහැ. අන්න ඒකයි මුලින්ම කිව්වෙ මේක තනිකරම අච්චාරුවක්. කැඳ හැලියක් කියල.