ඔබ පැනයෙන් පැන යන්න උත්සාහ කරනවා. අපේ මාතෘකාව වූ රාමායණයද ජාතක කතාවද වඩා පැරණි යන ගැටලුවට
ගැටළුවෙන් පැන යන්න මට අවශ්‍ය නෑ. මම වැරදි නම් නිවැරදි වෙන්න මම සූදානම්.
"එහෙනම් ත්‍රිපිටකයේ මොන ග්‍රන්ථයේද ජාතක කතා අන්තර් ගත වෙන්නේ? (මම කියන්නේ ගාථා පාඨ නෙවෙයි. සම්පූර්ණ කථාව.)" යන ප්‍රශ්නය මම ඇසුවෙත් එය නිරාකරණය කර ගැනීමටම තමයි.
මන්දයත්, ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ අන්තර්ගත පොත් 15න් එක පොතක් වන "ජාතක" නැමති පොතේ පළමු වරට ඔය කියන දසරථ ජාතකය පිළිබන්ද සදහන් වෙනවා. එහිදී ඔය කියන ආකාරයේ කතාවක් දක්නට ලබෙන්නේ නෑ. ගාථා 12කින් අවශ්‍ය ධර්ම කරුණ පමනක් දක්වනවා.(වියෝ වූවන් කෙරෙහි ශෝක කිරීමෙහි නිෂ්ඵල බව එම ධර්ම කරුණයි.) යාන්තමින් ගාථා පාඨ කිහිපයක පමණක් සීතා, ලක්ඛණ, දසරථ හා රාම කියන වචන 3 සදහන් වෙනවා.
එහෙනම් කොහොමද පන්සිය ජාතක කතා පොතේ සදහන් වෙන්නේ? දසරථ ජාතකය ලිව්වේ කවුද?
දසරථ ජාතකය ලියුවේ අට්ඨකතා රචකයෝ ය. ඇතැම්හූගේ මතය අනුව ඒ බුද්ධඝෝෂ හිමියෝ විය හැක. නැති නම් උන්වහන්සේට පසු කාලීනව විසූ වෙනත් අට්ඨකතා ආචාර්‍යය වරයෙකු විය හැක. බුද්ධඝෝෂ හිමියෝ වැඩ විසුවේ 5 වෙනි සියවසයේ දී ය. එහෙනම් දසරථ ජාතකය කතාවක් ලෙස කරළියට එන්නේ 5 වෙනි සියවසයේදීය.
බුද්ධඝෝෂ හිමියෝ ක්‍රි.ව. 5 වෙනි ශතවර්ෂයේ දසරථ ජාතකය ලියන්නට කලින් රාමායණය ලියැවුණු බව කිව යුතු නොවේ.
ඇරත් ඛුද්දක නිකාය පිළිබදවද කිවයුතු කාරණා ගනණාවක් තියෙනවා. නමුත් ඒවා ලියන්න ගියොත් මේක තව දීර්ඝ වෙන නිසා නොලියා ඉන්නවා.
ක්‍රි. පූ. 3 ක්‍රි. පූ. 5ට වඩා අලුත් බව පමණක් තේරුම් ගත්තේනම් මැනවි.
රාමායණය ක්‍රි. පූ. 3 වන සියවසට අයිති යැයි ඔබ කියන්නේ කොහොමද? ක්‍රි.පූ. 7 - 4ත් අතර යැයි (ඔබ දැක්වූ විකිපීඩියා පාඨයටම අනුව- recent scholars' estimates for the earliest stage of the text range from the 7th to 4th centuries BCE) වියතුන් පිළි ගනිද්දි එය ක්‍රි.පූ. 3 වන සියවසට තල්ලු කිරීමෙන් ඔබේ මතය තහවුරු කිරීමට ඔබ උත්සහ කරන්නේ ඇයි?
සමහර විට රාමායණය ක්‍රි.පූ. 7 වන සියවසයේ වෙන්නත් පුළුවනි.එය එසේ වූවොත් එය බුද්ධකාලයත් වඩා පැරණිය. (නමුත් එය ඒසේම යැයි මම බොළද තර්ක ගෙන නොදක්වමි.)
වාල්මිකි විසින් රචනා කලේ ඔහුගේ මතයක් නොවේ. ඊට බොහෝ පරණි වේද ග්‍රන්ථ වල අතිශය සංක්ෂිප්තව සදහන් කතාවක් දීර්ඝ වශෙන් විස්තරාත්මකව රචනා කිරීමකි. එසේ බැලුවහොත් රාමායණය කතා පුවතේ වස්තු බීජය බොහෝ පැරණි කතාවකි. (නමුත් එයද මම තර්කයක් ලෙස නොදක්වමි)
ගැටලුව නම් මෙයයි. ඔබට ජාතක කතා සම්බන්ධව හෝ රාමායණය සම්බන්ධව නිවැරදි දැනුමක් නෑ. පන්සිය පනස් ජාතක් පොතේ කරුණක් අල්ලා කතා කිරීමට හැට පැන්නාට පසු පංසලට පමිණෙන උපාසක අම්මලාටත් පුළුවනි. නමුත් ග්‍රන්ථයක ඉතිහාසය ගැන නොදැන ඒ ග්‍රන්ථයෙහි අන්තර්ගතය පිළිබද කතා කිරීම විහිළුවකි. පන්සිය පනස්ජාතක පොත පසුකාලීනයි. ඒවා රචනා කරණු ලබුවේ ගැඹුරු ධර්ම කරුණු තෙරුම් ගත නොහැකි උදවියට කතාවක් ආශ්‍රයෙන් ඒවා තෙරුම් කරදීමට ඇවැසි නිසායි.