සෙන් බෞද්ධයො තමයි බ්‍රාහ්මණ, උදා:- සමන්ත භද්‍ර හිමි.චතුර්වර්ණ හෙවත් ක්ෂස්ත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යනු හින්දු දහමේ එන කොටස් 4කි. එයිනුත් ශුද්‍ර කොටසට අයත් කුල බොහොමයක් වෙති. ගොවිගමද (බත සපයන්නා) එම ශුද්‍ර කොටසට අයත්ය. ඉහතින් සඳහන් ක්ෂත්රිය, බ්‍රාහ්මණ හා වෛශ්‍ය යන කොටස් මෙරට දකින්නට නොමැති නිසා ශුද්‍ර කොටසේ ඉහලම කුලය හෙවත් ගොවිගම උසස් සේ සලකා කටයුතු කරති.
එකිනෙකාට පාරම්පරිකව ලැබුණු දැනුම හා තාක්ෂණය තම පරපුරේම රැකගැනීම එදා සිට සිදු වූ දෙයකි. රජ දවස මේ කිසිදු පරපුරක් පහත් කර නැත. ඔවුන් සැමටම සමානව සලකා ඇත. විදේශ පරිපාලනය තුල තමන්ට හිතෛෂී පිරිසක් ඇති කර ගැනීමට රිසි සේ නම් ගම් තාන්න මාන්න ලබා දීම සිදු විය. ඒ හරහා අන්තිම රජ සමයේ අඩන් තේට්ටම්වලට ලක්වූ පිරිස් බටහිරෙන් ලැබුණු උදව් මත තම තමන්ගේ නම් ගම් හිතු මතේ වෙනස් කරගති. ඊටපෙර මුහුදු බඩ පාලනය ගෙනගිය පෘතුගීසි හා ලන්දේසි බයිනෙත්තුවේ බලයෙන් පිරිසක් බෞතිස්ම කර නම් ප්‍රධානය කෙරුණි.
මේ නූලේ බොහෝ දෙනෙක් අඩු කුලේ ලෙස අවඥා කල පිරිස් ගැන මගේ ඇත්තේ ප්‍රසාදයකි. ඔවුන් අදටත් ඔවුන්ගේ පාරම්පරික දැනුම රැකගනිමින් රටට අවැසි දේ නිර්මාණය කරමින් නිහඬ සේවයක් කරති. එහෙත් මෙහි තමන්ගේ කුලය රදළ ලෙස හුවා දක්වන පිරිස් රටට හෝ තමන්ට උරුම යම් දෙයක් රැකගැනීමට කටයුතු කර තිබේද ?
1977 විවෘත ආර්ථිකය මත චීනය හදන දේ මත අප යැපෙන්නට පුරුදු වෙන තෙක්, එදිනෙදා ගෙදර දොරේ සියලු අවශ්‍යතාවයන් සපුරා ගත්තේ අඩු කුලේ ලෙස පහත් කර සලකන පිරිස් මත නොවේද ?
විවෘත මනසින් මෙවැනි කරුණු ගැන සොයා බැලීම වටිනා බවයි මගේ පුද්ගලික හැඟීම.
රාජපක්ෂ පවුල -ක්ෂස්ත්රීය
ධම්මික පෙරේරා -වෛශ්‍ය
විමල් වීරවංශ -ශුද්‍ර.

