ස්කූටරය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ස්කූටරය හරි අපූරු හුරැබුහුටි වාහනයක්. මම මුලින්ම ස්කූටරේ හදුනගත්තෙ පිටිපස්සෙ රෝදයක් හයිකරල තියෙන ත්‍රීවීල් එකක පෙනුම තියෙන බයික් එකක් විදිහට. මම පොඩිකාලෙ ගොඩක්ම ඔය වාහනේ පදිනව දැකල තියෙන්නෙ සරම අඳින අංකල්ල. හැබැයි දැන්නං
    වෙස්ප සහ බජාජ් වර්ගයෙ පරණ ස්කූටර් කොන්ඩෙ රැවුල වවාගත්ත හිපි ස්ටයිල් එකේ තරුණ පිරිසගෙ ග්‍රහනයට ලක්වෙලයි තියෙන්නෙ. දැන් ඒව මඤ්ඤොක්ක කොළේ හැඩේ තියෙන ස්ටිකර් වලින් වගේම වෙෙවර්ණ පාටවල් වලින් හැඩ වෙලා අලුත්ම පෙනුමකින් සමාජගතවෙලා තියෙනව.

    වෙස්ප යුගයට පස්සෙ 2007 2008 කාල වකවානුව වෙනකොට තවත් හරි අපූරු බයිසිකලයක් කරලියට එනව. ක්ලච් ගියර් වගේ පදින්නාට පැදවීම සංකීර්ණ වෙන විදිහෙ ගැජට් මුකුත් නැතුව බ්‍රේක් සහ ඇක්සලරේටරයකින් විතරක් සමන්විත මේ ස්කූටරය බජාජ් ක්‍රිස්ටල් කියන නමින් තමයි එන්නෙ. අපි හරි අමාරුවෙන් අනුන්ගෙ බයික් වලින් ටොකු කකා බයික් පදින්න පුරුදුවෙන කාලෙ මගේ යාලුවෙක් ඔය බයික්එක ගැන කතාව කිවුවෙ මෙහෙමයි. "මම බයික් එකක් පැද්ද මචං ඒක පදින්න හෙන ලේසියි ඇක්සලේට් කරපු ගමං නිකම්ම යනව. රු 100 පෙට්‍රල් ගහල සෑහෙන වෙලා පැද්ද"
    හැබැයි මොකක් හරි අහේතුවකට ඔය ස්කූටරේ මිනිස්සු අතරට ගියේ හරිම අඩුවෙන්.

    ඊට ටික කාලෙකට පස්සෙ TVS එකෙන් ස්කූටි පෙප් කියල ස්කූටර් වර්ගයක් එළියට දානව. ඔතනින් පස්සෙ ලංකාවෙ ස්කූටර් වල ස්වර්ණමය යුගය පටංගන්නව වගේම ලංකාවෙ පාරවල් වලට කණකොකා හඬන්න පටන්ගන්නවා. ඒකට හේතුව ලංකාවෙ කාන්තාවන් පෙප් එකේ ආගමනයත් එක්ක ස්කූටරානුමස්ථක වෙන්න පටන්ගන්න එක.
    ස්කූටි පෙප් එක කොච්චර ජනප්‍රිය වෙනවද කිවුවොත් ස්කූටරේ කියන වචනය කාන්තා පාර්ෂවයට පොෂ් මදි නිසා හොන්ඩ ඩියෝ එකටත් ස්කූටිය කියන වචනය ආමන්ත්‍රනය සඳහා යොදාගන්නව.

    ඒවගේම තමංගෙ ස්කූටරේට ගැලපෙන පාටින් පාට කරල ස්ට්‍රේට් කරපු කොන්ඩ, භාග හෙල්මට්, ජැකට්, තුන්කාලෙ කලිසං, බෝතල් අඩි සන්ග්ලාසස්, සයිඩ් බෑග් වගේ බයික් පදින කාන්තාවන්ට අනිවාර්යය විලාසිතා අද වෙනකොට බිහිවෙලා තියෙනව.

    අද කාලෙ වෙනකොට ඒකටම හරියන්න බාල වයස්කාර තරුණ පිරිසකුත් ස්කූටර් සංස්කෘතියට හැඩගැහිල තියෙනව. තොරං වගේ සරසපු ස්කූටර් වල නැගල ෆුල් ෆේස් හෙල්මට්, ගොගල්ස්, හුලඟෙ යන ජැකට් දාගෙන අලි එලවන නලාව ගහගෙන පැත්තට වාඩිවෙලා ස්කූටර් පදින එක තමයි මේ අයගෙ සංතෝසෙ.

    මොන මොන විලාසිතා කරත් ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම මගහරුනු එක දෙයක් තියෙනව ඒ තමයි නිවැරදි පුහුණුව.
    මේ නූල දාන්නත් හේතුව එළකිරි නූලක දැකපු ස්කූටර් පදින කාන්තාවක් බයික් එක පාරහරහා දාන වීඩියෝවක්.

    මගෙනං අදහස ස්කූටරය ගොඩක් වටින්නෙ සුලු ව්‍යාපාර කරන අයට. බඩුමුට්ටු දාගෙන යන්න හොඳ ඉඩක් තියෙනව, තව කෙනෙකුගෙ උදවුවක් නැතුව තනියම උණත් බර පටවගෙන පහසුවෙන් යන්න පුලුවන්. මොන වාහනේ පාවිච්චි කරත් තමුංගෙ අවශ්‍යතාව දැනගෙන, හරි පුහුණුවක් ඇතුව වාහන පාවිච්චිය තමයි හොඳම ක්‍රමය..

    ස්කූටර් ගැන මොනවහරි අත්දැකීමක් තියෙනවනං අපිටත් දැනගන්න මෙතන කොටන්න....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    (y) (y)
    (y)(y)
    (y)(y)
    3weel elawana ayath ohomayi elawanne.
    ඒ ගැනනං කතා කරල වැඩක් නෑ.
    ක්ලාස් ඇරෙන වෙලාවට ස්කූටර් ස්කොඩ් එකක් යන්නේ 6 ගෲප්.තනි භීශනේ
    සිඟිති පාතාලෙ.
    වෙන ඒවා එක්ක බලද්දී පහසුයි. ගෑස් එකක් උනත් අරන් යන්න පුළුවන්
    වැඩ වලටනං මරු. ඕන බඩුවක් කිසි කරදරයක් නැතුව ගේන්න පුලුවන්.
    Thel wada krn na ne epa wenw paadui. literyk ghuwm 60-70k wge ynd one bike ekak unahama 😂
    තෙල්නං 40යි 45යි වගේ තමා උපරිම.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Good Post Brother .... (y) (y) (y)

    40164715_1780184162037081_851845959309590528_o.jpg



    scooter club එහෙමත් තියනවා මචන්
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    සිගිති පාතාලේ නෙමෙයි මෙහේ නන් ස්කූටර් දුවන්නේ ගෙවල් වල ඉන්න අම්මන්ඩිලා ටික වෙන ජොබ් එකකුත් නෑ වුන්ට.උදේට ගමේ ඉස්කෝලෙට ලමයා දාන්න යන ගෑනු ටික
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ සීයා ගාව ඉස්සර තිබ්බා ස්කූටර් එකක්.. එක ස්ටාර්ට් කරාම කිලෝමීටර් 10ක් 12ක් දුරට ඇහෙනවා සද්දේ... ඒ කාලේ එකට කිවේ පොට පොට යන්තරේ කියලා. ඒ දවස් වල ස්කූටර් වැඩිය දකින්න නෑ.

    2012 අපේ දිහා තිබ්බා ඩියෝ එකක්. එකේ එන්ජින් එක නම් හරියට තෙල් බීවා රුපියල් 300ක් පෙට්‍රල් ගහලා කිලොමීටර් 20ක් වත් යන්න බෑ. වෙලාවකට හිතුනා හොන්ඩා එකෙන් 3500cc mini ඇන්ජිමක් මේකට වැරදිලා හයි කරලා ද කියලා 😂
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අපේ එකෙක් හෝටලයක් කරා, මුල්ම තැන පොඩි කඩ කෑල්ලක් කෑම හදන්න ඉඩ මදි. මිනිහා ගෙදර කෑම හදලා කඩේට ගෙනාවෙ ස්කූටරේ, කෑම හදන්න ඕනේ ගෑස් බිත්තර ඇද්දෙත් ඒකෙමයි (පිටි/සීනිත් ඇද්දද මන්දා).
    හරි මනුස්සයා අතේ සුපිරියට වැඩ ගන්න පුලුවන් වාහනයක්, ටිපිකල් ගංකබර සිංහලු අතේ මරාගෙන මැරෙන මරාලයක්.