ඔය සූත්‍රයෙන් එහාට ගිහින් බලන්න ඒ කියන දැනුම හැදෙන විදිය දැන් ඔතන කියන්නෙ කල්පනා කරන්න කියලනෙ එතකොට කල්පනා කරන්න දැනුමක් තියෙන්න ඕනි ඒක හැදෙන්නෙ කොහොමද?. විද්‍යාත්මක ක්‍රමයට පරීක්සන කරන්න ඒක පිසිකලි ගන්නම ඕනි නෑ. න්‍යයබින්දුව මිළින්ද ප්‍රශ්නය වගේ තැන් වල දැනුම පාවිච්චි කරන නිර්මාණය කරන හැටි බලන්න. ප්‍රත්‍යක්ෂයට එන්නත් සැකය නිරීක්ෂනය කරන්න වෙනව නිගමනය කරන්න වෙනව.
බටහිර පෙරදිග දැනුම දෙක කම්පෙයාර් කරන්න එපා වෙන වෙනම අරගෙන එකතු වෙන විදිය බලන්න. ලෝකෙ කොහොම ගත්ත මොළේ වැඩ කරන්නෙ එකම විදියට එකම ප්‍රොසෙස් එකට එතකොට බටහිර විදියට ඉගෙන ගන්නවා කියල එකුක්යි පෙරදිග විදියට ඉගෙන ගන්නවා කියල එකකුයි දෙකක් තියෙන්න බෑ. දැනුමත් දෙකක් තියෙන්න බෑ එකම දෙයයි තියෙන්නෙ.
තවත් විදියකට කිව්වොත් සත්‍යන් දෙකක් තියෙන්න බෑ එකයි තියෙන්නෙ.
කාලාම සූත්‍රය බලපන් උබ වගේ සැක එන්නෙ නෑ කියල හිතන් උන්ට තමා කියල තියෙන්නෙ. දෙවනි ක්‍රමය අල්ලගෙන ඉන්නෙ බුද්ධ දේශනාවෙ තියෙන නිස
හා, පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා ඔයා අවිද්‍යාව නැති කරන්න. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් ප්‍රාණඝාතය අකුසලයක් බව නිගමනය කරේ කොහොමද කියල නම කිව්වේ නෑ. ඒ නිගමන අනුව වෙන්න ඇති නේද සත්තු පරීක්ෂණ වලට ගන්නේ.
හිට්ලර් ලොක්කගේ පරීක්ෂණ වල නිගමන වලට ආවද දන්නේ නෑ බහුජන සුබසෙත සදහා මිනිස්සු පරීක්ෂණ වලට ගත්තට කමක් නෑ කියල.
ඒ පරීක්ෂණය වැරදිලා ද දැන් ඒ ක්‍රමය නතර වෙලා තියෙන්නෙ , මිනිස්සු බෑ පරීක්ෂණ වලට සත්තු ඔට්ටුයි. මිනිස්සු කිව්වම සියලු මිනිස්සු වෙන්න ඇති නේද , කලු දුඹුරු , කහ, සුදු කියල වෙනස්කම් එහම නැතිව ඇති නේද.
එච්චර එපා ප.නි.නි වලින් මූනට දාන රෙදි මාස්ක් වලින් වයිරසය පැතිරෙන එක අඩු වෙනවා කියල සැක නැතිව පිලිඅරගෙන තියෙනවාද ?
කොහොම හරි කමක් නෑ ඔබතුමා සියල්ල පරීක්ෂණ නිරීක්ෂණ නිගමන (ප.නි.නි) කරලා නේ දැනගන්නේ.
දැන් ඒකනේ හේතුව අප්පුවා කියන විදියක් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා නෑ කියල කියන නිසා නේ පිලිගන්නේ නැත්තේ.
එන්නතක් ආවම ප.නි.නි කරලා අරගන්න.
කෙල උනත් මොකෝ නිරවද්‍ය සීමාව > 95%යි නේ. ලෙඩෙන් මැරෙන්නේ නම් 0.x% ගානක් ලූ.
බටහිරින් මොකක් හරි ආවම ඒවා ප.නි කරලා අන්තිම නි යන්න පන්නා ගන්න බැරි කමක් එහෙම නෑ නෙමෙයි.
ලන්කාවෙ නම් ඉතින් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ද නිකන් (free)ද කියන එක ගැන පරීක්ෂණයක් කරොත් මරු නිරීක්ෂණ නම් තියෙයි, නිගමන අමතක කරමුකෝ. කොමිසම් නම් කීයක්ද ඕවායේ නිගමන එද්දී අපි පරලොව.
සියල්ල පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා පිලිගන්න මිනිස්සුත් ඉන්නවා එහෙනම්.
මිලින්ද ප්‍රශ්නය ප්‍රශ්න වෙන්න මිලින්දට මිසක් නාමරූප පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාමරූප කියල අහල තියෙනවා කෙනෙකුට නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
ඕක ඔයා පිලිගන්නේ නෑ කියලත් දන්නවා.
නමුත් මේක කියවන වෙන මනුස්සයෙක් හිටියොත් ඒ කෙනෙකුට නාමරූප සහ විඤ්ඤාණය අතර අන්‍යොන්‍ය සම්බන්ධය ගැන
හොදින් ත්‍රිපිටකය ගැන දන්නා කෙනෙක් ගෙන් අහල දැනගන්න ලිව්වේ. නැත්තං ග්‍රීක මනුස්සයෙක් කියන මිලින්දගේ ප්‍රශ්නය අපෙත් ප්‍රශ්නයක් කියල ඔලුව උඩ තියාගන්න වෙනවා.
ප.නි.නි මිසක් සීල සමාධි ප්‍රඥා පිලිවෙලින් නෙමෙයි, හා ඒ පාරෙනුත් යන්න පුලුවන් ඇති. හැබැයි ත්‍රිපිටක බුද්ධ දේශනාවේ නම් නෑ.
අපි නොදන්න පරීක්ෂණ.