කුඹින්ගේ ආත්මේ මාරු කරමු

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම එළකිරියේ ත්‍රෙඩ් කිහිපයක්ම දැකලා තියෙනවා කුඹින් නිසා වෙන අකරතැබ්බ ගැන. ලැප්ටොප් ඇතුලට රිංගලා බිත්තර දැමීම, වාහන වල රංචු පිටින් කුඹි ජනපද ඇති කිරීම, නිවාස වල විදුලි පරිපථ කාබාසිනියා කිරීම, ගෙදෙරට ගෙන කිසිම කෑමක් තියාගන්න නොහැකි වීම, නෝනාට පිරියඩ්ස් හැදුන දවස් වල ඇඳේ කූබී පිරිම, මහත්තයාගේ ලංකට් එකේ මුන් රිංගන් ඉන්න ගමන් කුරුන් ගොයියා හැපීම වගේ සැහෙන ප්‍රශ්න..

    මාත් අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රශ්නෙට මුණ දුන්නා. කුඹින් එන එක වලක්වා ගන්න අදින චෝක් එක තමයි මම පාවිච්චි කරේ. ඒත් එක තාවකාලිකයි. දවස් දෙක තුනක් යනකං විතරයි කුඹින් ඒකට එන්නේ නැත්තේ. මෝර්ටීන් වගේ ස්ප්‍රේ විදලා ඩිරෙක්ට් සත්තු මරන්න මගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ.

    ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි Optigard Ant Gel කියලා එකක් ගැන දැන ගත්තේ. ඒ පාර මම ඒක ඕඩර් කරා. රු 1,150 ක් ගියේ ඩිලිවරි චාර්ජස් එක්ක.

    112359--01--1556128321.jpeg

    මේක ඔඩර් කරාම ගෙදෙට්ට ආවා 10 ml වගේ සිලින්ජර් එකක් පැකට් එකක් දාලා. ඔකේ භාගයක් විතර කෙමිකල් එකකින් පිරිලා තිබ්බේ. ඉතුරි භාගේ හිස්. ටහුකන්ඩ මේ පාක්කු එකෙනුත් මාව රවට්ටලා නේද කියලා මම කල්පනා කර කර පැකට් එකේ තිබ්බ විස්තරේ කියෙව්වා.

    එකේ තිබබා මේ සිලින්ජ්ර් එකේ තියෙන ද්‍රවණය කුඹින් රැස්ව සිටින තැන්වල බින්දුව බින්දුව වගේ දාන්න කියලා.

    Syngenta-Ant-Gel-Bait.jpg

    මම එහෙම දාලා පැයක් දෙකක් බැලුවා. ම්හු. දවසක් බැලුවා.. ම්හු..

    ටහිකේ කියලා දවස් දෙකක් තුනක් යනකොට මෙන්න බොලේ ගේ වටේම හිටපු කුඹින් ආත්මේ මාරු කරලා. කරන්ට් ප්ලග් වලින් එහෙම කුඹින්ගේ ඩේත් බොඩීස් හෝ ගාලා වැටිලා.

    rzhvif5bsqtuupo18cvt

    මේකෙන් වෙන්නේ කුඹින් මේ කියන ජෙල් එක අරගෙන උන්ගේ කුඹි ජනදපය වෙතට අරං යන එක. ඊට පස්සේ තමයි උන්ට අසාදනය වෙලා ආත්මේ මාරු කරන්නේ. කුඹි ජනදපයේ රැජින ඉදන් ඩවුන් සවුත්.

    ඔන්න කුඹින්ගේ කරදරේ විදින එළකිරි කුකුලෙක් ඉන්නවා නං ට්‍රයි කරලා බලහල්ලා.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඉතිං බං ඕකත් මැරීමක් නෙ.
    මොනව උණත් මම මරන්න ආස නෑ බං. පලවා හරින්න විතරයි ඕන. නැත්නම් කොස්ස අරන් අකා මකා දමන්න තිබුණා. ඉවසලා කබඩ් එක ඇරියෙත් නැතුව හිටිය.
    උන්ගෙ වාසනාව මං වගේ මිනිහෙකුගෙ කාමරේට ආව එක
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    okun mage machine ekata gihilla hard eke athule idan clean kara. kema kawath kamak na oya wage devices wala palpadiyan wenne nathuwa. threat eka thiyena place walata mortein kalu eka spray karala thibba ma un enne na.
    kuubi inna pot ekak thiyenawa un saleta ena eka nawattanna mam karanne tikak loku pan kallak hari biscut ekak hari gula thiyena hariyen danawa okun sathiyak withara oka ussan yanawa gedara athulata enne na :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරණ එකට වඩා පව් මරලා රහ කර කර අනික් උන්වත් දැනුවත් කරන එක.
    මමත් එකපාරක් දෙපාරක් කරල ඇති. දැන් කරන්නේ නෑ.
    ඇහුවොත් උදව්වක් විදියට කියනවා වගේ නෙමෙයි සමූල ඝාතනයන් දැනුවත් කරන එක😶
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.