උබ ඒ දවස් වල බෝම්බයක් කෑවනම් අද මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ නැති වෙයි. SF Field marshal පට්ටම ගැන කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාව LTTE එකෙක් ඉස්සරහ තියල බලන්න ඕන ඔහුට චූ යන විදිය බලාගන්න. මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් SF ට සමාන කරන්න බැහැ. උබලා අපි වගේ මේ forum වල බැහැල සිංහ හම පොරවගත්තු නරියෝ වගේ උන්ට කොහෙත්ම සිංහයන්ට සම කරන්න බැහැ. අඩු ගානේ යුද්දේ කාලේ සටන් කරපු, සටනේදී මියගිය එක soldier කෙනෙක්ගෙවත් පට්ටමක් ගැන කතා කරන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. ඔවුන් කරපු කැප කිරීම්වලට ගරු කරන්න ඉගෙන ගනින්. උන් යුද්ද කරේ ලංකාව බේරගන්න මිසක් කොමිස් ගහල තමන්ගේ පරම්පරාව ගොඩ ගොඩගන්න නෙවෙයි. දැන් ඉන්නවා වගේ සිංහල ලේ, එක එක මුස්ලිම් සංවිධාන, දෙමල සංවිධාන වගේ නෙවෙයි. එදා යුද්ද කරේ නියම ශ්‍රී ලංකික ලේ. මහින්ද රාජපක්ෂ, යුද්දේ කරන්න අවසර දුන්නේ ඔහු, රනිල් හිටියනම් සහජීවනේ කියල තාමත් යුද්දේ එහෙනම්, ඊට පස්සේ සරත් ෆොන්සේකා ඇතුළු විජයග්‍රහණයට සම්බන්ද සියලු දෙනාටම ගරු කරන ඉගෙන ගනින් මිත්‍රයා.
PS. එදා යුද්දේ දින්න හින්ද තමයි දැන් ඉන්න හාල් පාරු දේශපාලකයෝ අතල් ගන්නේ (UNP, පොහොට්ටු, JVP, සහා එකී නොකී සියලුම පක්ෂ.). උන් කොමිස් ගහල මුළු පරම්පරම ගොඩ දාගන්නේ. උබ අහනවනම් අහපන් දැනට ඉන්න මැති, ඇමතිවරුන්ගේ පට්ටම් ගැන, තානාපති කාර්යාලවල ඉන්න උන්ගේ පට්ටම් ගැන. ඒ පට්ටම් ගන්න උන්ට මොනවද තියෙන සුදුසුකම්? අන්න ඒවා මේ මුළු ලංකාවෙම ඉන්න අහිංසක මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්.