දේවදත්ත පසු කාලෙක සට්ඨිස්සර නමින් පසේ බුදු වෙන බව ඇතැම් තැන් වල සදහන් වෙනවා. (සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, මිළින්ද ප්රශ්නය) සම්මා සම්බුදුවරුන් පහළ වෙනකොට පසේ බුදුවරු පහළ වෙන්නේ නෑ එකයි මම එහෙම කිව්වේ. මෛත්‍රි බුදුන්ගේ කාලේ දේවදත්ත තෙරුන්ට පසේ බුදු වෙන්න බෑ ධර්මයේ සදහන් පරිදි.මගුලක් කියනවා. ඉදිරියේදී දේවදත්තට වෙන දේ කියලා තියෙනවා. මට හරියටම මතක නෑ. දන්න කෙනෙක් දාන්න.
දැන් ඔය දේවදත්ත තෙරුන් පසේ බුදු වෙනවා කියන එක කලින් දන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ. හිස් මල්ලක් අරන් පොලට යන මනුස්සයෙක් දිහා බලුවම කියන්න බැරිද ඒ මනුස්සයා යන්නේ බඩු ගන්න කියලා. අන්න ඒ වගේ තමයි යමක වර්තමාන පවැත්ම දිහා බලලා කියතහැකි ඒකේ ඉදිරි පැවැත්ම. ඕක තමයි කියමනක් තියෙන්නේ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියලා. එහෙම නැතුව මෙය මෙසේ සිදු වෙනවාම යැයි පිළි ගැනීමක් බුදු දහමේ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නත් සසරේ එක අවසථාව උන් වහන්සේ ගත්තු තීරණයක් බලපෑවා. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් පෙරුම් දම් පිරුවා. වෙන දේ කලින් ලිය වුණේ නම් එතරම් කල් දුක සේ පෙරුම් දම් පුරන්නේ කුමකටද? බුදු වෙන පුද්ගලයා බුදු වන්නේ මැයි නිරුත්සාහිකව සිටිනු විනා. වීර්යය කිරීම වෙනම පාරමිතාවක් වන්නේ ඒ නිසයි.
බෞද්ධ දර්ශණය තුළ ඔවැනි වාදයක් නෑ. බුද්ධ කාලයේ ඔවැනි වාදයක් තිබුණා. ඒකට තමයි දෛවවාදය කියන්නේ. සියල්ල දෛවය යැයි පිළිගත් මිනිසුන් සිටියා. නමුත් බුදු දහම එය ප්‍රතික්ෂේප කලා.
අජාසත්ත රජතුමා බුදුරජුන් ගෙන් බණ අසා පිටව ගිය පසු බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට පවසනවා "ඉදින් අජාසත්ත කුමාරයා පියා නොමැරුවේ නම් අද බණ අසා සෝවාන් වන බව". ඒ මාර්ගය වසා ගත්තේ අජාසත් රජතුමාමයි.
තවත් හොද උදාහරණයක් තමයි මහා ධන සිටුතුමා. එතුමා මහ මග හිගා කනවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාරනවා "ඔය සිටුවරයා තරුන කාලේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් බරණැස් නුවර ලොකුම ධනවතා වෙන්න තිබුණා. මහණ වූවානම් රහත් වීමට ඉඩ තිබුණා" කියලා. ඉතින් ඒ මග වසා ගත්තේ මහ ධන සිටුතුමා ම යි. ඔය මතය කිසිදා බුදු දහමින් සනාථ කරන්න බෑ. මොකද බුදු දහම ඔය මතයට ප්‍රති විරුද්ධයි.
ඒ theory එකේ හැටියට. එතනදි මම ගන්න තීරනයත් ලියවිලා තිබුන දෙයක් වෙන්න පුලුවන්.
මේකත් අර කිකිලිද බිත්තරේද ඉස්සරවෙලා ආවා වගේ සීන් එකක්.
හැමදේම වෙන්න තියෙන දේ වෙන්න කියලා ඉන්නෙ නැතුව. වෙන්න තියෙන දේ හොඳම විදියට වෙන්න. තමන්ට පුලුවන් උපරිම කැප කිරීම කරානම් හරි කියලා තමයි මට හිතෙන්නෙ...
හැබැයි ඉතින් එහෙමයි කියලා උඹ සුපිරි දෙයක් කර කර ඉඳිද්දී කොහේවත් නැති බස් එකක් ඇවිල්ලා උඹව හප්පන් යන්න බැරි කමකුත් නෑ.
මිනිස්සුන්ගේ විශ්වාස. මම බෞද්ධ දර්ශනය විශ්වාස කරන නිසා මගේ දැක්ම ඊට වෙනස්. බෞද්ධ දර්ශණය තුළ පැහැදිලි දැක්මක් ඔය පිළිබදව තියෙන නිසා ඔවැනි ප්‍රශ්න නෑ. නියාම ධර්ම 5කින් ලෝකයා ද සත්වයා ද නියාමනය වන හැටි එහි සදහන්.
අදටත් ඔය දෛවය විශ්වාස කරන මිනිස්සු ඕනි තරම් ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ ඊට වැඩියි ද මන්දා.. මම දැක්කා ත්‍රි විල් එකක ගහලා තිබ්බා
"දෛවය කියයි නම් මහ මග හිගන්නට
හිමිකම් කිව හැකිද රජගෙයි ඔටුන්නට"
හිමිකම් කිව හැකිද රජගෙයි ඔටුන්නට"
කියලා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ ඔය දැක්ම ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලෙම රෝද තුනක් උඩ දිය කරලා හරිනවා කියලා.
