අඩෝ මෙහෙ එකෙක් කොල්ලෙක්ට ස්කුටරයක් ගන්න ඇපේට අත්සන් කරලා බයික්කේ අරන් දීලා 2019 අවුරුද්දේ. දැන් අවුරුදු 2ක් වෙනවා. අන්තිමේ මුන් දෙන්න තරහ වුනා වලියක් ගිහින්. ගිය අවුරුද්දේ මම ත්රෙඩ් එකක් දැම්මේ බීලා වලියක් ගියා කියල. අන්න ඒ වලියට සම්බන්ධ වුනේ මුන් දෙන්නා. දැන් කොහොම හරි ඇපේට අත්සන් කරපු එකාට ලියුම් එනවා අරූ සල්ලි ගෙවල නෑ කියලා. ලියුම් හතරක් විතර ඇවිල්ල. අන්තිමට අද ලියුම් දෙකක් ඇවිල්ලා. එකක තියෙනවා පොලියක් කියල 39,000 ගානක් ගෙවන්න කියල, ආයේ එකක තියෙනවා මුළු හිඟ මුදල 354,000 ගානක් ගෙවන්න කියල.
බයික්කේ ගත්ත එකා හතර අතට නය වෙලා ගෙවලුත් විකුනලා ගිහිල්ලා තියෙන්නේ දැන් වෙනම ගෙදරකට. දැන් ඇපේට අත්සන් කරපු එකා ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? නඩු දානවද මූට? නැත්තන් මූට කියන්න බැරිද ගිහිල්ල බයික්කේ උස්සන්න කියල?