අපිත් ලොකු මාලු ටැංකියක් හැදුවා..
මාලු ටැංකි හැදුවට ඒ කාලේ දැනුම තිබ්බේ නෑ ලොකුවට..
ගෝල්ෆිශ් ලා , සුදු පාට දිග එවුන් , ටෑන්ක් ක්ලීනස්ලා ගෙනත් දැම්මා..

වතුර ෆිල්ටර් එහෙම ගිනි ගනන් ඒ කාලේ..
පස්සේ කාලේ දැක්කා ඒ ඔක්කොම අලි එක්ස්ප්‍රෙස් එකේ අඩුම ගානට තියෙනවා..
කුණු ජරාව ඉවත් කරන්න ගියාම ඕනී නෑ කියලා හිතෙනවා ආයේ..

ඒ උනාට ලගදි දැන ගත්තා මාලු ටැංකි වතුර ගොඩක් කල් පිරිසිදුව තියා ගන්න ඒ වෙනුවෙන්ම හදපු විශේශ ගල් වර්ග තියෙනවා කියලා..
පරක්කු වැඩී එතකොට මාලුත් නෑ ටැංකිත් නෑ
අපි හදපු ටැංකියේ ගස් වෙනුවට ලොකු පිංතූරයක් තිබ්බේ ඒ වගේ පෙන්න ගස්..
අපරාදේ ලගදි දැක්කා , පොඩි සීඩ්ස් පැක් තියෙනවා අලී එක්ස්ප්‍රෙස් එකේ මාලු ටැංකි ලස්සන කරන්න පුලුවන්..

ඒ ඇට පැලවෙනවා ඉක්මනට..මාර ලස්සනයි.
ගෝල්‍ෆිස් ලා 3 ක් හිටියා ලස්සන.

උන්ට දිලීර ආසාධන එනවා එපා වෙනවා බෙහෙත් දාලාම.

තව උන්ට වෙලාවට කෑම දෙන්නත් එපැයි.
අපිට ඒ කාලේ දැනුමක් නෑ කොහොමද කැම දෙන්නේ කියලා මාලුන්ට.
මාලු කෑම කියලා ඇට සෝයා වගේ පැකට් එකක් ගත්තා ලොකු.
අතට අහුරු අරන් දැම්මා මාලුන්ට කන්න.

ඒවා පෙගුනාම ලොකුබෝල වගේ වෙනවා.
ගෝල්‍ෆිස් ලා කන්නේ උඩ පැන පැන..

සාමාන්‍යයෙන් දවසකට අහුරු 5 ක් විතර දානවා ටැංකිය ලගට යන වාර ගනන අනූව වෙනස් වෙනවා ඒක.

ඔන්න සතියකින් ගෝල්ෆිශා අලයක් තරම් ලොකු වෙලා පිම්බිලා ලස්සන වෙලා.

මම හිතුවේ ඌ එහෙම ලොකු වෙනවා කියලා,
පස්සේ සති එකාහමාරකින් ඌ මලා

බලනකොට කෑම වැඩි වෙලාලු..

කැම දෙන්නෙත් දවසකටම දෙපාරක්ලු ඒකත් හැන්දක් තරම් පොඩ්ඩක්ලු..

පස්සේ දන්නේ..