VHS තමා ඉස්සෙල්ලම. මගේ තාත්තා technician කෙනෙක්. ඒ් හින්දා ගෙදර Video deck වල අඩුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ ගැන කියනවනම්, තාත්තා අපිට ටීවී ඒකේ යන පිස්සු පූසා, දොස්තර හොද හිත වගේ කාටූන් රෙකෝර්ඩ් කරලා දෙනවා පස්සේ බලන්න. ඊළගට සූර පප්පා මේනියාව. මුල්ම ආපු කාලේ මතක අයට මතක ඇති, සූර පප්පා ගියේ රෑ 9ට. අපේ ගෙදර ඒ් දවස්වල ටීවී ඒක 8.30ට වහන්න ඔ්නේ. ඉතින් තාත්තා ඔ්ක රෙකෝර්ඩ් කරලා තියනවා ඊළග දවසේ අපිට බලන්න. 
ඊළගට වීසීඩී. ඒ්කත් ගෙදරට හදන්න ගෙනාපු ප්ලෙයර් ඒකක් දැකලා තමයි අපිටත් වුවමනාව ඇති වුනේ. ඒ දවස්වල වීසීඩී ප්ලෙයර් ඒකක් කියන්නෙත් හෙන පත සයිස්. වීසීඩීවලින් තමා ගොඩක් චිත්රපටි බැලුවේ. Jurassic Park, Enter the dragon, Gone in 60 seconds, Toy Story, Lion King, ඔය වගේ ලැයිස්තුවක්ම තියෙනවා.
එතනින් පස්සේ පළවෙනි කම්පියුටර් රාජයාගේ ආගමනය. ඉස්කෝලෙන් තමයි ඊළගට ඒක ඒක දේවල් හොයාගන්නේ. සීඩී ඉස්කෛා්ලෙට ගෙන්න තහනම් හින්දා ළග තියෙන කඩේක තියලා යන්නත් අපි පුරුදුවෙලා හිටියා ඉස්සර. කඩේ හිටිය අන්කල් ඉතින් බෑ කියන්න බැරි හින්දා ගන්නවා (අපි ඉතින් කඩේ තියෙන කෑම තට්ටු ටික සුද්ද කරන්න සප් ඒක දෙන හින්දා).