මම ඇත්තටම මේක දැනගන්න අහන්නේ.ඔයා ත්‍රිපිටකය කියවල තියෙන නිසා මට මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්න.
සංයුත්ත නිකායේ ඛන්ද වර්ගයේ තියෙනවා වැස්ස වලාහක,සීත වලාහක,වාත වලාහක ආදී වශයෙන් සූත්‍ර.මේවගෙන් වැස්ස වලාහක සූත්‍රයේ තියෙන විදියට වැස්ස ඇති වෙන්නේ වැස්ස වලාහක දෙවිවරු "අපි දැන් පංචකාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි" කියලා හිතනකොට කියලා.ඒත් අපි ඉස්කෝලෙ හය වසරෙදි වගේ ඉගෙන ගන්නවා වැස්ස ඇති වෙන්නෙ ජල චක්‍රයේ අංගයක් විදියට කියලා.එතකොට බුදුහාමුදුරුවො මේකෙන් අදහස් කරන්න ඇත්තෙ මොකද්ද?මට ඇත්තටම නොතේරෙන නිසයි අහන්නේ.
විව්පොයින්ට්ස් දෙකක්නෙ. එකක් භෞතිකයි (ජලචක්රය) අනික අධ්‍යාත්මික සහ භෞතික දෙකම (බෞද්ධ එක්ස්පලනේශන් එක) තියනවා. තව තියනවා සුරිය සූත්‍රය චන්ද සූත්‍ර වගේ ඒවාත් ඔයවගේ. මොකද්ද ගැටලුව?
ඔතනිං එකක් හරි "මෙයමයි සත්‍ය අන් සියල්ල අසත්‍ය' විදිහට හිතන්න ගියාම තමා ගැටළුව. එහෙම ගන්න එපා කියලා තමා තථාගතයන් කියන්නෙ.

ගෙයිං එලියට බහින්නෙ ගුගුල් වල වහීද කියලා බලලා තමා.