ට්‍රිගර් නොවී උත්තර දීපන්.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම ඇත්තටම මේක දැනගන්න අහන්නේ.ඔයා ත්‍රිපිටකය කියවල තියෙන නිසා මට මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්න.
    සංයුත්ත නිකායේ ඛන්ද වර්ගයේ තියෙනවා වැස්ස වලාහක,සීත වලාහක,වාත වලාහක ආදී වශයෙන් සූත්‍ර.මේවගෙන් වැස්ස වලාහක සූත්‍රයේ තියෙන විදියට වැස්ස ඇති වෙන්නේ වැස්ස වලාහක දෙවිවරු "අපි දැන් පංචකාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි" කියලා හිතනකොට කියලා.ඒත් අපි ඉස්කෝලෙ හය වසරෙදි වගේ ඉගෙන ගන්නවා වැස්ස ඇති වෙන්නෙ ජල චක්‍රයේ අංගයක් විදියට කියලා.එතකොට බුදුහාමුදුරුවො මේකෙන් අදහස් කරන්න ඇත්තෙ මොකද්ද?මට ඇත්තටම නොතේරෙන නිසයි අහන්නේ.

    විව්පොයින්ට්ස් දෙකක්නෙ. එකක් භෞතිකයි (ජලචක්‍රය) අනික අධ්‍යාත්මික සහ භෞතික දෙකම (බෞද්ධ එක්ස්පලනේශන් එක) තියනවා. තව තියනවා සුරිය සූත්‍රය චන්ද සූත්‍ර වගේ ඒවාත් ඔයවගේ. මොකද්ද ගැටලුව?

    ඔතනිං එකක් හරි "මෙයමයි සත්‍ය අන් සියල්ල අසත්‍ය' විදිහට හිතන්න ගියාම තමා ගැටළුව. එහෙම ගන්න එපා කියලා තමා තථාගතයන් කියන්නෙ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක

    උබට හිතෙන විදියට දෙකෙන් මොකද්ද විශාවාස කරන්න පුලුවන් ?
    වැස්ස වලාහක දෙවියන්ද ? නැත්නම් භෞතික විද්‍යා ක්‍රමයද ?
    මොකෙන්ද නැවත නැවත වැස්ස ගැන නිවැරදි තොරතුරු ගන්න පුලුවන්.. ඕක ඇවිත් විව්පොයින්ට් දෙකක් නෙවෙයි බන්. එකක් හෙන විශ්වාසයක්. අනිකඇත්තටම පාවිච්චි කරන්න පුලුවන් පැහැදිලි කරිමක්. ඒක පාවිච්චි කරල ඇත්තටම වැස්ස ගැන , ඉදිරිය ගැන කියන්න පුලුවන්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක මන් හිතන විදියට වදින්නේ මොකකටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.... අපි විශ්වාස කරන දේයි. මොකකට වැන්දත් තමන් විශ්වාස කරන දේ පිරිසිදුයි නම් ප්‍රශ්නයක් නෑනේ... :unsure: :unsure:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උබට හිතෙන විදියට දෙකෙන් මොකද්ද විශාවාස කරන්න පුලුවන් ?
    වැස්ස වලාහක දෙවියන්ද ? නැත්නම් භෞතික විද්‍යා ක්‍රමයද ?
    මොකෙන්ද නැවත නැවත වැස්ස ගැන නිවැරදි තොරතුරු ගන්න පුලුවන්.. ඕක ඇවිත් විව්පොයින්ට් දෙකක් නෙවෙයි බන්. එකක් හෙන විශ්වාසයක්. අනිකඇත්තටම පාවිච්චි කරන්න පුලුවන් පැහැදිලි කරිමක්. ඒක පාවිච්චි කරල ඇත්තටම වැස්ස ගැන , ඉදිරිය ගැන කියන්න පුලුවන්.

    වැරදියි නෙ. දෙකම විව්පොයින්ට්ස් දෙකක්.

    එකක් එකක් භෞතිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. ( විද්‍යාඥයන්ට සහ විද්‍යාව ඉගෙන ගන්න අයට)
    අනික අධ්‍යාත්මිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. (අධ්‍යාත්මිකව දියුණු අයට සහ අධ්‍යාත්මිකව දියුණු වෙන්න උත්සහ කරන අයට)

    විශ්වාසයක් වෙන්නෙ හැකි නොහැකියාව අනුව. දැං අපෙ ආච්චිට ජලචක්‍රය විශ්වාසයක්. Dilannට අධ්‍යාත්මික ඔබ්සර්වේශන් විශ්වාසයක්.

    ගලේ කොටපු ඇත්තක් හොයන්න හෝ හදන්න හදනවා නේද? එතකොට තමා ඔහොම ගැටුම් එන්නෙ. ගලේ කොටපු,වෙනස් නොවෙන සදාකාලික ඇත්ත නෑ...මේ ලෝකෙට අර්ථ සපයන්නෙ අපි. එහෙම නැතිව ලෝකෙ "පවතින" අර්ථයක් නැහැ...ඒකට බයවෙන්න එපා. ඒක පිළිගන්න උත්සහ කරන තරමට ඔයවගේ මතගැටුම් ඇතිවෙන එක දුරුවෙයි.
     
    • Like
    Reactions: Ragna_SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    වැරදියි නෙ. දෙකම විව්පොයින්ට්ස් දෙකක්.

    එකක් එකක් භෞතිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. ( විද්‍යාඥයන්ට සහ විද්‍යාව ඉගෙන ගන්න අයට)
    අනික අධ්‍යාත්මිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. (අධ්‍යාත්මිකව දියුණු අයට සහ අධ්‍යාත්මිකව දියුණු වෙන්න උත්සහ කරන අයට)

    විශ්වාසයක් වෙන්නෙ හැකි නොහැකියාව අනුව. දැං අපෙ ආච්චිට ජලචක්‍රය විශ්වාසයක්. Dilannට අධ්‍යාත්මික ඔබ්සර්වේශන් විශ්වාසයක්.

    ගලේ කොටපු ඇත්තක් හොයන්න හෝ හදන්න හදනවා නේද? එතකොට තමා ඔහොම ගැටුම් එන්නෙ. ගලේ කොටපු,සදාකාලික ඇත්ත නෑ...මේ ලෝකෙට අර්ථ සපයන්නෙ අපි. එහෙම නැතිව ලෝකෙ "පවතින" අර්ථයක් නැහැ...ඒකට බයවෙන්න එපා.
    ඉතින් උබ කියන ඔය අධ්‍යාත්මික විව්පොයින්ට් එක පාවිච්චි කරල වැස්ස ගැන උබට මොනව හරි දෙයක් කියන්න පුලුවන් ද ?
    එහෙම කියන්න පුලුවන් එකෙක් ඉන්නව කියලා පෙන්නන පුලුවන් ද ?
    එතකොට විද්යනුකුල ව වැස්ස ගැන තොරතුරු කියන ඒවා කරන්නේ වැස්ස වලාහක දෙයියන්ගෙන් අහලද ? මොනවද බන් මේ කොහෙවත් නැති දෙයියෝ ටිකක් පටලව ගෙන ඔප්පු කරන්න බැරි දේවල් ටිකක් "අධ්යත්මිකයි" වගේ වචනෙකින් වහගන්න හදන්නේ ? :rofl:
    උබ උනත් ඔය ටෝක් දුන්නට වැස්ස වලාහක දෙයියන්ට වැඩිය කාලගුණ විද්‍යාව පාවිච්චි කරල කියන අනාවැකි පිලිගන්නවා. වෙලා තියෙන්නේ උබ විශ්වාස කරන දේකට මොනවහරි කියන්න තියන බය/අකමැත්ත. වැරදි කියල දැන දැනත් බැහැර කරන්න බැරිකම. විද්‍යාවේ සංකල්ප නම් වැරදි නම් බැහැර කරනවා. ඒකයි ඉස්සරහට යන්නේ .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැරදියි නෙ. දෙකම විව්පොයින්ට්ස් දෙකක්.

    එකක් එකක් භෞතිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. ( විද්‍යාඥයන්ට සහ විද්‍යාව ඉගෙන ගන්න අයට)
    අනික අධ්‍යාත්මිකව එක්ස්ප්ලෝර් කරන්න පුලුවන්. (අධ්‍යාත්මිකව දියුණු අයට සහ අධ්‍යාත්මිකව දියුණු වෙන්න උත්සහ කරන අයට)

    විශ්වාසයක් වෙන්නෙ හැකි නොහැකියාව අනුව. දැං අපෙ ආච්චිට ජලචක්‍රය විශ්වාසයක්. Dilannට අධ්‍යාත්මික ඔබ්සර්වේශන් විශ්වාසයක්.

    ගලේ කොටපු ඇත්තක් හොයන්න හෝ හදන්න හදනවා නේද? එතකොට තමා ඔහොම ගැටුම් එන්නෙ. ගලේ කොටපු,වෙනස් නොවෙන සදාකාලික ඇත්ත නෑ...මේ ලෝකෙට අර්ථ සපයන්නෙ අපි. එහෙම නැතිව ලෝකෙ "පවතින" අර්ථයක් නැහැ...ඒකට බයවෙන්න එපා. ඒක පිළිගන්න උත්සහ කරන තරමට ඔයවගේ මතගැටුම් ඇතිවෙන එක දුරුවෙයි.
    ඒ කියන්නේ වැස්ස ඇති වෙන්න පොළොවෙන් වතුර වාෂ්ප වෙලා වලාකුලු හැදිලා ඒව වතුරෙන් සංතෘප්ත වෙලා විතරක් මදි වැස්ස වලාහක දෙවියන්ට කම් සැප විඳින්න හිතෙන්නත් ඕන නේද?දෙකම ඇත්ත නම් දෙකම උනොත්නෙ වැස්ස ඇති වෙන්නෙ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම ඇත්තටම මේක දැනගන්න අහන්නේ.ඔයා ත්‍රිපිටකය කියවල තියෙන නිසා මට මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්න.
    සංයුත්ත නිකායේ ඛන්ද වර්ගයේ තියෙනවා වැස්ස වලාහක,සීත වලාහක,වාත වලාහක ආදී වශයෙන් සූත්‍ර.මේවගෙන් වැස්ස වලාහක සූත්‍රයේ තියෙන විදියට වැස්ස ඇති වෙන්නේ වැස්ස වලාහක දෙවිවරු "අපි දැන් පංචකාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි" කියලා හිතනකොට කියලා.ඒත් අපි ඉස්කෝලෙ හය වසරෙදි වගේ ඉගෙන ගන්නවා වැස්ස ඇති වෙන්නෙ ජල චක්‍රයේ අංගයක් විදියට කියලා.එතකොට බුදුහාමුදුරුවො මේකෙන් අදහස් කරන්න ඇත්තෙ මොකද්ද?මට ඇත්තටම නොතේරෙන නිසයි අහන්නේ.

    http://elakiri.com/threads/බුදුදහමේ-හැටියට-වැස්ස-වස්සනේ-දෙවියෝද.1853093/

    උබ පොත් කියවල තියනව වගේ දෙයක් අදාළ නෑ බන් . ඒක උබ කොහොම තේරුම් ගත්තද නැද්ද කියල ඒකින් කියවෙන්නේ නෑ .
    හැම ආගමක වගේ බුද්දාගම කියන එකෙත් ඕන තරම් අතිශෝක්ති තියන ඒවා තියනව උබට කොච්චර කිව්වත් ඇත්ත කියලා ඔප්පු කරගන්න බැරි. දේව සංකල්ප ,දිව්‍යලෝක, අපාය ,අපායේ තියන දඩුවම් , බෞද්ධ කතා වල එන හාස්කම වගේ දේවල් කිසි දෙයක් උබට ඒ විදියටම ඇත්ත කියලා ඔප්පු කරගන්න බෑ තව බුද්දාමට සම්බද කොහේ හරි දෙයක් reference එකක් විදියට දෙන්නේ නැතුව. මේ බණ අහපන් කියයි. මේ පොත කියවන්න කියයි. ඒ ඇරෙන්න ඔය වගේ ඕන තරම් දේවල් තියනව හැම ආගමකම.ඔය දැන් තියන හැම ආගමක් ම ඔය වගේ යම් කාලයකට සාපේක්ෂව හදුන ඒවා කියල හිතන්න පුලුවන් ඒවාට සම්බන්ද කතා එක්ක. මොකක් හරි දර්ශනයක් නිසා තමයි ලෝකේ පවතින්නේ නැත්නම් හැම එකාම මරා ගන්නවා වගේ මෝඩ තර්ක ලෝකේ කෑල්ලකට විතරක් සීමා උන හුදකලා අදහස්. එහෙම එකක් නැති උනා කියල මුකුත් වෙන්නේ නෑ .

    ඒ පාර කියනවා පොත් එපාලු. . උබනම් මට පිස්සු හදන්න හදන්නේ. .

    ත්‍රිපිටකයත් එපා, බයිබලෙත් එපා, කුරානෙත් එපා. . අපි බයිලයක් කියන් ඌරුමස් කෑල්ලක් කාලා අතල් එකේ ඉමු. .
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මේ උත්තරෙත් හරියට ක්‍රිස්තියානි උන්ගෙ බයිබලේ දෙයක් ප්‍රශ්න කරාම උන් උත්තර දෙන්නෙත් බයිබලෙන්ම තමයි.

    ABC කියලා පොතක් තියෙනවා. මම කියනවා ABC පොත බොරු කියලා සහ තියෙන දේවල් ඔප්පුකරන්න බෑ කියලා. එතකොට අනික් එකා ABC පොත පෙරලලා එකේ තියෙන දේවල් ABC පොත ඇත්ත කියලා ඔප්පු කරන්න හදනවා.

    තේරුමක් නැනේ
    මේකේ කියල තියෙන්නෙ එහෙම එකක් නෙමේ නේද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉතින් උබ කියන ඔය අධ්‍යාත්මික විව්පොයින්ට් එක පාවිච්චි කරල වැස්ස ගැන උබට මොනව හරි දෙයක් කියන්න පුලුවන් ද ?
    එහෙම කියන්න පුලුවන් එකෙක් ඉන්නව කියලා පෙන්නන පුලුවන් ද ?
    එතකොට විද්යනුකුල ව වැස්ස ගැන තොරතුරු කියන ඒවා කරන්නේ වැස්ස වලාහක දෙයියන්ගෙන් අහලද ? මොනවද බන් මේ කොහෙවත් නැති දෙයියෝ ටිකක් පටලව ගෙන ඔප්පු කරන්න බැරි දේවල් ටිකක් "අධ්යත්මිකයි" වගේ වචනෙකින් වහගන්න හදන්නේ ? :rofl:
    උබ උනත් ඔය ටෝක් දුන්නට වැස්ස වලාහක දෙයියන්ට වැඩිය කාලගුණ විද්‍යාව පාවිච්චි කරල කියන අනාවැකි පිලිගන්නවා. වෙලා තියෙන්නේ උබ විශ්වාස කරන දේකට මොනවහරි කියන්න තියන බය/අකමැත්ත. වැරදි කියල දැන දැනත් බැහැර කරන්න බැරිකම. විද්‍යාවේ සංකල්ප නම් වැරදි නම් බැහැර කරනවා. ඒකයි ඉස්සරහට යන්නේ .

    කොහෙද මනුස්සයෝ මම කිව්වෙ මම විශ්වාස කරන එව්වා ක්‍රිටීක් කරන්න බයයි කියලා:sorry::lol: ගෙයිං එලියට බහින්නෙ ගුගුල් වල වහීද කියලා බලලා තමා. :lol:මොනවද ඔය නොකිව්ව ඒවා "කිව්වා කියලා හිතාගෙන" කියවන්නෙ. අනිත් කෙනා මෙහෙම වෙන්න ඇති කියලා "ඇසියුම්" කරන්නැතිව කතා කරමු. නැතිනං අමාරුයි.

    එව්වා මට ඔප්පු කරන්න බෑ කියලා බොරු වෙනවද. මට දැං ජලචක්‍රය ඔප්පු කරන්න පුලුවන්ද? බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක පාවිච්චි නොකර ඉන්නවද. නෑ. මොකද මට විද්‍යාව කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.

    දැං මට අධ්‍යාත්මික දේ ඔප්පු කරන්න පුලුවන්ද. බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක භාවිතා නොකර ඉන්නවද. නෑ. මොකද මට තථාගතයන් කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    ඒ පාර කියනවා පොත් එපාලු. . උබනම් මට පිස්සු හදන්න හදන්නේ. .

    ත්‍රිපිටකයත් එපා, බයිබලෙත් එපා, කුරානෙත් එපා. . අපි බයිලයක් කියන් ඌරුමස් කෑල්ලක් කාලා අතල් එකේ ඉමු. .
    කියන්න දෙයක් නෑ නේද ?? පොත් ටිකක් ඇතුලේ හිර උනාම ඔහොම වෙන්ව.
    අපායක් , දිව්‍ය ලෝකයක් (ඕන ආගමක ) , හාස්කම් වගේ දේවල් කිසි දෙයක් උබට ඔප්පු කරගන්න බෑ උබ මහලොකුවට කිව්වට.
    උබට ඒවා ඇත්ත කියල පෙන්නන වෙන්නෙත් පොත් වලින්ම තමයි. මොකද උබටත් ඒ දේවල් මනක්කල්පිතයි. ඕක තමයි බන් මම කිව්වේ ඔය හැම දේම අපි ඉන්න පරිසරය එක්ක සාපේක්ෂ දේවල් . සිද්ධාර්තත් ඔහොම කවුරු හරි කියන දෙයක් විශවාස කරගෙන ඉන්න ගියානම් ආලාර කලාම , උද්දකරාමපුත්ත ගාව නවතිනවා. හැබැයි බැහැර කරන්න ඕන දේවල් බැහැර කරලා අවබෝධ කරගන්න වීර්ය වඩපු නිසා තමන්ගේ අරමුණට ගියා. :rofl:
    ඔය හැම ආගමකම අතිශෝක්තිය එකතු කරල තියනව පොත් වල. පස්සේ ඒ දේවල් defend කරන්න එක එක කතන්දර ගොතල තියනව. ඔය හැම දේම හරි කියලා හිතන එකට තමයි කියන්නේ අදහනවා කියලා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කොහෙද මනුස්සයෝ මම කිව්වෙ මම විශ්වාස කරන එව්වා ක්‍රිටීක් කරන්න බයයි කියලා:sorry::lol: ගෙයිං එලියට බහින්නෙ ගුගුල් වල වහීද කියලා බලලා තමා. :lol:මොනවද ඔය නොකිව්ව ඒවා "කිව්වා කියලා හිතාගෙන" කියවන්නෙ. අනිත් කෙනා මෙහෙම වෙන්න ඇති කියලා "ඇසියුම්" කරන්නැතිව කතා කරමු. නැතිනං අමාරුයි.

    එව්වා මට ඔප්පු කරන්න බෑ කියලා බොරු වෙනවද. මට දැං ජලචක්‍රය ඔප්පු කරන්න පුලුවන්ද? බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක පාවිච්චි නොකර ඉන්නවද. නෑ. මොකද මට විද්‍යාව කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.

    දැං මට අධ්‍යාත්මික දේ ඔප්පු කරන්න පුලුවන්ද. බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක භාවිතා නොකර ඉන්නවද. නෑ. මොකද මට තථාගතයන් කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.
    මචං ඔය අරන් තියෙන උදාහරන දෙකනන් හොදටම මදි .
    තිපිටකේ කියන වැස්ස, කිසිම imagination එකක් නැති කෙනෙක් ලියපු සුරංගනා කතාවක් කියල ඕන කෙනෙක්ට පේනවනේ .
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    එව්වා මට ඔප්පු කරන්න බෑ කියලා බොරු වෙනවද. මට දැං ජලචක්‍රය ඔප්පු කරන්න පුලුවන්ද? බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක පාවිච්චි නොකර ඉන්නවද. නෑ. මොකද මට විද්‍යාව කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.

    දැං මට අධ්‍යාත්මික දේ ඔප්පු කරන්න පුලුවන්ද. බෑ. එහෙමයි කියලා මට ඒක බොරුයි කියලා ඩික්ලෙයාර් කරන්න පුලුවන්ද. මං එහෙම කරන්නෙත් නෑ. ඔප්පු කරගන්න බැහැ කියලා මම ඒක භාවිතා නොකර ඉන්නවද. නෑ. මොකද මට තථාගතයන් කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියනවා. පරණ අත්දැකීම් නිසා ගොඩනැගිච්ච.
    විද්‍යව මිනිස්සු පාවිච්චි කරන්නේ ශ්‍රද්දාවක් හින්ද නෙවෙයි බන්. එහෙම නැති නිසා තමයි ඒක වෙනස් කරන්නේ වැරදි කියලා තේරුණාම ඒකෙම එල්ලිලා ඉන්නේ නැතුව. උබ කොහොමද දන්නේ නෑ ..
    අනික කවුරුත් බොරුයි කියිල ඔප්පු කරන්න ඕන නෑ . ඒක හෙන මෝඩ තර්කයක්. මම කියනව අහසේ ලොකු මකරෙක් ඉන්නව කියලා ඇහැට පෙන්නේ නැති. එහෙම කියලා කියනව පුලුවන් නම් බොරු කියලා ඔප්පු කරපං කියලා. කොයි තරම් මෝඩද ඒක ?
    කවුරුත් මොකක් හරි දෙයක් බොරුයි කියලා ඔප්පු කරන්න ඕන නෑ . කියපු එකා දැනගන්න ඕනේ ඇත්ත කියලා පෙන්නන.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ කියන්නේ වැස්ස ඇති වෙන්න පොළොවෙන් වතුර වාෂ්ප වෙලා වලාකුලු හැදිලා ඒව වතුරෙන් සංතෘප්ත වෙලා විතරක් මදි වැස්ස වලාහක දෙවියන්ට කම් සැප විඳින්න හිතෙන්නත් ඕන නේද?දෙකම ඇත්ත නම් දෙකම උනොත්නෙ වැස්ස ඇති වෙන්නෙ?
    නැහැ නේද. ඔය සූත්‍රයේ "sometimes" කියන වචනෙ තියනවා. සමහර වෙලාවට කියන එකනෙ ඒ. වැස්සයි ගොඩක් හේතු ඇති. බුදුන් නොකියපු හේතුත්. ඕක ඇවිත් දෙවියන් නිසාද වැස්ස ඇතිවෙනවා කියන එක කියවෙන සූත්‍රයක්. අන්න ඒක වැදගත්.
    ඔයාම බලන්න සූත්‍රය.
    https://suttacentral.net/sn32.57/en/sujato

    ඔව්වගෙ හරි වැරැද්ද හොයන ක්‍රම කීපයක් තියනවා.

    එකක් තමා EBT කම්පෙයාර් කිරීම. ඒ කියන්නෙ චීන,තායි,ගාන්ධාර, ශ්‍රීලාංකික ත්‍රිපිටක හෝ රෙලවන්ට් කොටස් හොයාගෙන ඒවාගෙ ඔය සූත්‍රය සඳහන් වෙන්නෙ කොහොමද, ව්‍යාකරණ රටාව වෙනස්වෙලා තියෙන්නෙ කොහොමද ආදී ආකාරයට සූත්‍රවල ඕතන්ටිසිටය හොයන ක්‍රමය.

    තවත් එකක් තමා අභිඥ්ඥා වඩන එක.

    තවත් එකක් තමා විවෘතව ඔව් හෝ නෑ නොකියා විවෘතව තබන එක.

    මචං ඔය අරන් තියෙන උදාහරන දෙකනන් හොදටම මදි .
    තිපිටකේ කියන වැස්ස, කිසිම imagination එකක් නැති කෙනෙක් ලියපු සුරංගනා කතාවක් කියල ඕන කෙනෙක්ට පේනවනේ .

    වෙන්න පුලුවන්. ඒ වගෙම නොවෙන්නත් පුලුවන්.

    ඒක ඩිෆයින් වෙන්නෙ කවුද " ඕනෙ කෙනෙක්" කියලා ඩිෆයින් වෙන්නෙ කියන එක මත. භෞතිකවාදී ඉන්ක්ලයින්ඩ් වෙච්ච අය "ඕනෙම කෙනෙක්" වෙන්න පුලුවන්. අධ්‍යාත්මිකව දියුණුකෙනෙක් ඒ කුලකෙට අයිති නොවෙන්න පුලුවන්.
    ------ Post added on Jun 27, 2021 at 4:49 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කියන්න දෙයක් නෑ නේද ?? පොත් ටිකක් ඇතුලේ හිර උනාම ඔහොම වෙන්ව.
    අපායක් , දිව්‍ය ලෝකයක් (ඕන ආගමක ) , හාස්කම් වගේ දේවල් කිසි දෙයක් උබට ඔප්පු කරගන්න බෑ උබ මහලොකුවට කිව්වට.
    උබට ඒවා ඇත්ත කියල පෙන්නන වෙන්නෙත් පොත් වලින්ම තමයි. මොකද උබටත් ඒ දේවල් මනක්කල්පිතයි. ඕක තමයි බන් මම කිව්වේ ඔය හැම දේම අපි ඉන්න පරිසරය එක්ක සාපේක්ෂ දේවල් . සිද්ධාර්තත් ඔහොම කවුරු හරි කියන දෙයක් විශවාස කරගෙන ඉන්න ගියානම් ආලාර කලාම , උද්දකරාමපුත්ත ගාව නවතිනවා. හැබැයි බැහැර කරන්න ඕන දේවල් බැහැර කරලා අවබෝධ කරගන්න වීර්ය වඩපු නිසා තමන්ගේ අරමුණට ගියා. :rofl:
    ඔය හැම ආගමකම අතිශෝක්තිය එකතු කරල තියනව පොත් වල. පස්සේ ඒ දේවල් defend කරන්න එක එක කතන්දර ගොතල තියනව. ඔය හැම දේම හරි කියලා හිතන එකට තමයි කියන්නේ අදහනවා කියලා.
    ත්‍රිපිටකේ තියෙන්නේ බුද්ද වචනේ .
    ඕක තමයි protocol එක
    එහෙම තම තමන්ට ඕන විදියට කොටසක් filter කරලා කොටසක් ගන්න බැහැ .
    එක්කෝ ඔක්කොම ගන්න ඕන නැත්තන් සේරම එපා කියන්න ඕන . :P :P :P
     
    ඉතින් ගොනො මමත් බැහැර කරන්න ඕන ඒවා බැහැර කරා. . විද්යාවෙන් බොරු කියලා ඔප්පුකරපු පොත් දෙක බැහැර කරා. . විද්යාවෙන් තාමත් බොරු කියලා ඔප්පු කරපු නැති පොත තාම කියවනවා. . ඒකෙත් බොරුවක් තියෙනවද බලනවා තාම හම්බුනේ නෑ එහෙම එකක්. .

    උබලගෙ පොත් බොරුවුනා ඒ නිසා හැම පොතක්ම බොරු. . ඇස් දෙකින් නොදැක්ක කියලා බොරුයි කියන්න කලින් විද්යාවෙන් බොරුයි කියලා ඔප්පු කරපු දෙයක් පෙන්නපන් ත්‍රිපිටකයෙ තියෙන. .

    බවුද්ද බවුද්ද කිව්වට උබත් පෘතුවිය වටේ ඉරයනවා කියලා විශ්වාස කරන එකෙක්ද කොහෙද. .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    ත්‍රිපිටකේ තියෙන්නේ බුද්ද වචනේ .
    ඕක තමයි protocol එක
    එහෙම තම තමන්ට ඕන විදියට කොටසක් filter කරලා කොටසක් ගන්න බැහැ .
    එක්කෝ ඔක්කොම ගන්න ඕන නැත්තන් සේරම එපා කියන්න ඕන . :P :P :P
    ඔය හැම සංස්කෘතියකම තියන හාස්කම් වෙලා තියෙන්නේ අතීතයේ. ;-)
    දැන් ඉන්න මිනිස්සුත් ඒවා ඒ විදියටම අදහන විශ්වාස කරන එක නේ අවුල. දෙයියෝ උනත් අන්තිමටම පේන්න ඇවිත් තියෙන්නේ රජ කාලේ නේ. වැඩිය ඕන නෑ . ආච්චි , සීයා කෙනෙක්ගෙන් අහල බලපං ඒ කාලේ මිනිස්සු ගැන. මාර කතා ටිකක් කියයි. ආගම් වලත් ඔය වගේම එකකට එකක් පරදින්නේ නැතිවෙන්න කතන්දර එකතු කරල තියනව. දැන් ඉන්න උනුත් ගන්න ඕන දේවල් වගේම අර කතන්දර ටිකත් බේරගන්න යනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,396
    67,739
    113
    deka meddata awilla madden nidahas una kivvane

    uba live eka gena worry wenawane Vaccine eka gahalath ?

    Thaamath Araganna aramunu wala hitha getenawa wageee
    Diwinahaganna eka newe bn realize una kiyanne.e e welawata sudusu de karanawa.ube tarketa anuwa enan kanne nethuwath inna one jivitha asawa nethi hinda
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    වෙන්න පුලුවන්. ඒ වගෙම නොවෙන්නත් පුලුවන්.

    ඒක ඩිෆයින් වෙන්නෙ කවුද " ඕනෙ කෙනෙක්" කියලා ඩිෆයින් වෙන්නෙ කියන එක මත. භෞතිකවාදී ඉන්ක්ලයින්ඩ් වෙච්ච අය "ඕනෙම කෙනෙක්" වෙන්න පුලුවන්. අධ්‍යාත්මිකව දියුණුකෙනෙක් ඒ කුලකෙට අයිති නොවෙන්න පුලුවන්.
    ------ Post added on Jun 27, 2021 at 4:49 PM
    බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    ඒ බුද්ද වචනය ත්‍රිපිටකේ සදහන්වෙලා තියෙනවා .
    එතකොට බුදුහාමුදුරුවෝ වැස්ස විස්තර කරනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට scientific method එකෙන්
    වැස්ස විස්තර කරනවා .
    එතකොට ඔය ක්‍රම දෙකෙන් එක විදියයිනේ නිවැරදි වෙන්නේ .
    එතකොට ඔයා පිළිගන්නේ ත්‍රිපිටකේ විස්තර කිරීමද science වලින් කරන පැහැදිලි කිරීමද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    ඉතින් ගොනො මමත් බැහැර කරන්න ඕන ඒවා බැහැර කරා. . විද්යාවෙන් බොරු කියලා ඔප්පුකරපු පොත් දෙක බැහැර කරා. . විද්යාවෙන් තාමත් බොරු කියලා ඔප්පු කරපු නැති පොත තාම කියවනවා. . ඒකෙත් බොරුවක් තියෙනවද බලනවා තාම හම්බුනේ නෑ එහෙම එකක්. .

    උබලගෙ පොත් බොරුවුනා ඒ නිසා හැම පොතක්ම බොරු. . ඇස් දෙකින් නොදැක්ක කියලා බොරුයි කියන්න කලින් විද්යාවෙන් බොරුයි කියලා ඔප්පු කරපු දෙයක් පෙන්නපන් ත්‍රිපිටකයෙ තියෙන. .

    බවුද්ද බවුද්ද කිව්වට උබත් පෘතුවිය වටේ ඉරයනවා කියලා විශ්වාස කරන එකෙක්ද කොහෙද. .
    ට්‍රිගර් වෙන්න එපා කියලා ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ බන්. මොකෝ මේ ට්‍රිගර් වෙලා . හික්මීමක් නැද්ද ? 🤭
    කවුරුත් කිසි දෙයක් බොරුයි කියලා ඔප්පු කරන්න ඕන නෑ . මම කියනව අහසේ ඉන්නව කියලා පෙන්නේ නැති ලොකු මකරෙක් ඔප්පු කරපං බොරු කියලා. 🤭 එහෙම මගුලක් කරන්න ඕන නෑ බන්.
    කියපු , විශ්වාස කරන උන්ට පොඩ්ඩක් හරි පුලුවන් වෙන්න ඕනේ ඔප්පු කරන්න කරුණු කියන්න .
    විද්යාවේ පර්යේෂණ කරන්නේ ඔය එක එක පොත් වල තියන දේවල් බොරු කිය කියා ඔප්පු කරන්න කාලේ කන්න නෙවෙයි.
    සමහර දේවල් මනස සමන්‍ය මට්ටමේ තියන ඕන එකෙක්ට තේරෙනව. හැබයි විශ්වාසෙට මොකක් හරි වෙයි , ශ්‍රද්ධාවට හානි වෙයි වගේ දේවල් නිසා ඒ උනාට ඒවා එහෙම වෙන්න පුලුවන් කියාගෙන ඉන්නව. කවුද කිව්වේ විද්‍යාව ඇත්ත කයලා ?? විද්යාව කියන්නේ තනිකර concept එකක්. හැබයි ඒකින් ප්‍රතිපල ගන්න පුලුවන්.