badbluegenius මාත් එක්ක ඉන්න ගුඩ් ෆේත් කතාකලා කියලා හිතන නිසා සහ "
බොරු බුද්ධාගමක්" පතුරවනවා කියන ඇකියුසේශන් (ඇකියුසේශන් විච් අයි ටේක් සීරියස්ලි) එක රිබට්ල් කරන්න ඕනෙ නිසාත් ඒගැන මත හුවමාරුව සමාප්ත කරන්න මේ ටික කියලා දාන්නම්. ඒ චෝදනාව දැකලා මේක කියවන අනිත් අයත් හිතන්න පුලුවන් මම අමුතු බුද්ධාගමක් කියවනවා කියලා. ඒකටත් පිලිතුරක් වෙන්නයි මේ දාන්නෙ.
ඒනිසා මේක බෑඩ්බ්ලූටම එල්ලවෙච්ච පිලිතුරක් නෙමෙයි.
මුල් කාරණය තමා බැඩ්බ්ලූජීනියස් ඇසියුම් කරන ජාතියෙ "හරියටම හරි එක බුද්ධගමක්" හොයන්න බැහැ මෙහෙම කතාකරලා. ඒකට ප්‍රායෝගිකව කරලා බලන්නම ඕනෙ. (එහෙම බුදුන් ඉන්ටෙන්ඩ් කරපු නිවැරදිම එකක් නැහැ කියනවා නෙමෙයි මේ) මේකට බැහැලා බලන්න ඕනෙ කොයිතරම් බෙදීම්, මතගැටුම් තියනවද කියලා. මහායාන, ථේරවාද,තන්ත්‍රයාන. ඊටපස්සෙ විවිධ ගුරුකුල පාඋක්,මහාසී, තායි ෆොරස්ට්,ගොයින්කා,සුන්ලුන් ඇතුලු ඒවා
ඔය කියන තරම් සරල නෑ හරි එක බුද්දධාගම හොයන එක. ඒ කොහොම වෙතත්....,
නිබ්බාන වැනි ධර්ම කාරණා ඊනියා කේවල ගලේ කොටපු ඇත්ත විදිහට ගන්නවා වෙනුවට "ලෝකය" කියලා කියන අපේ ඉන්ද්‍රියබද්ධ දැනූම් සම්භාරය පැහැදිලි කරන්න ගත්ත "ටූල්ස්" එහෙමත් නැතිනම් නිවන නම් වූ නිපංචය කරා යන ගමනට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික දැනුම් සම්භාරයක් විදිහට ගැනිම තම මම අනුමත කරන්නෙ. ධර්මය යනු පාරුවක් පමණයි...
බුද්ධ ධර්මය සාපේක්ශක-ප්‍රායෝගික ධර්මයක්. හරියට පඩිපෙලක් නගිනවා වගේ. පලවෙනි පඩිය තියෙන්නෙ දෙවනි පඩිය උදෙසා, දෙවනි පඩිය තියෙන්නෙ තෙවන පඩිය උදෙසායි....ආන්න එහෙම ප්‍රායෝගිකව භාවිතා කලත් සාපේක්ශ නිසා අල්ලාගන්නෑ.
දැන් ඕක මම විතරක් දරණ මතයක් නෙමෙයි. අපේ රටේ 1950ගනන් වලින් පස්සෙ විපස්සනා පුනරුදයට මුල්වුනු ප්‍රධාන භික්ශූන් වහන්සේලා තුන් නම අතරින් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්වහන්සේ පිලිගත් මතයක්. උන්වහන්සේගේ ගෝල කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් "නිවනේ නිවීම" කියලා දේශනා මාලාවකින් ප්‍රකාශකරපු කාරණයක්. අදටත් ලංකාව පුරා ඉතාමත් ප්‍රසිද්ධ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය ඇතුලු බොහෝ විපස්සනා සම්ප්‍රදායන්වල පිලිගන්නා මතයක්. ලංකාවේ ප්‍රධානතම කම්මට්ඨානාචාර්ය කෙනෙක් වන උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අදටත් කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "නිවනේ නිවීම"ට අටුවා සපයනවා.
ඔය ඇවිත් ඔතෝරිටිය පැත්තෙන් ඇයි ඔයා මේ මතය හොයලා බලන්න ඕනෙ කියන එකට කාරණා.
ප්‍රායෝගිකව සූත්‍ර අරගෙන උදාහරණ දක්වලා මට පෙන්වන්න ගියොත් වරුවක් විතර ටයිප් කරන්න වෙයි. ඊටවඩා හොඳයි කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "සංකල්ප සහ යථාර්ථය" පොත බලන්න. ඕක ඇවිත් තනිකරම රිසර්ච් එකක් වගේ පොතක් (කියවන්න ටිකක් අමාරුයි හැමතැනම සූත්‍ර පාඨ කෝට් කරනවා, නමුත් බොහොම වටිනවා කියවගත්තොත්) . තේරවාද ත්‍රිපිටකයෙ සූත්‍ර අරගෙන පැහැදිලි කරන්නෙ. එහෙම නැතිනම් නිවනේ නිවීම අහලා බලන්න. අන්තර්ජාලෙ ඔය දෙකම ඇති.
(දැං අනිත් අය රෙද්ද උස්සං එන්න එපා ඔන්න ත්‍රිපිටකයෙන් පරිබාහිරව පොත් කියවන්න කියනවා කියලා. ඔය පොත තනිකරම ත්‍රිපිටක සූත්‍ර එහන්පිටින්ම අරං පැහැදිලි කරන එකක්, ශ්‍රාස්ත්‍රීය පොතක්)
පහල පොතන් පොඩි කොටසක් දැම්මා අවශ්‍ය අයට දල අදහසක් ගන්න.
"අන්තිම පරිච්ඡේදයෙන් බලන කල අපගේ ආධ්‍යාත්මික
ප්‍රයත්නයට ඉතාමත්ම උපකාරීවූ සංකල්පයෝද අප වෙතින් සමුගත යුත්තාහ. එබැවින් සමමාදිටඨියට අදාල සංකල්ප හෝ පපඤච පිළිබඳෙ සුපරීක්‍ෂාකාරීවීමට සිදුවේ.සාපේක්‍ෂකෙව ගත් කල දෘෂටි සත්‍යය හෝ අසත්‍ය වශයෙන් වෙන්කල හැකිය. පදමාලාවක් පැහැදිලි හෝ අපැහිදිලි වශයෙන් වෙන්කර දැක්විය හැකිය. වාග් රටාවක් ශාස්ත්‍රීය හෝ අශාස්ත්‍රීය ලෙස හැඳින්විය හැකිය. එතකුදු වුවත් ප්‍රඥප්ති වශයෙන් ඒ සියල්ලම එකම ගුණයකට අයත් බව අප විසින් මතක තබාගත යුතුය. ඇතැම් ප්‍රඥප්ති අනෙක්වා මෙන් නොව ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි ගෙන "පරමත්ථ" ලේබලය ඇලවූ. සුපිරි සුරැකුම් දවටනයක අසුරා තැබිය යුතු නොවේ......
මෙහිලා අපට පෙන්වා දිය හැකි විවශ්ෂ කරැණයක් නම් මුල් යුගවය් පාරිභාශික නොවන ව්‍යවහාරය තුළ ඇත්ත වශයන්ම ‘පරමත්‍ථ’ යන වචනයෙන් සූචිත වනුයේ සාක්‍ෂාත් කරගතයුතු පරම-අර්ථය වන නිවනයි.
ඒ පරමාර්ථයට අදාල වූ වචන ‘පරමත්‍ථසංහිත’ ලෙස හඳුන්වන ලද්දේ සුවිශ්ෂ පාරිභාෂික අර්ථයකින් නොවේ. බුදුරජාණන් වහන්සේ නම් ඒ සියලු ප්‍රඥප්ති සැලකුවේ ‘සමමුති’ ලෙසටමය. ලෝකසමඤඤා,
ලෝකනිරැතති ලෝකවොහාර, ලෝකපඤඤතති වශයෙන් හැඳින්වූ ඒ සියල්ල උන්වහන්සේ ව්‍යවහාර කළ නමුත් ඒ කි.සිවක් පරාමර්ශයනය නොකළහ. දැඩිව නොගත්හ
https://seeingthroughthenet.net/si/books/