කැන්ටිමේ මතක සටහන්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹලගෙ කාලෙ දී කැම්පස් කැන්ටිමේ කෑම වල ගණන් කොහොම ද?
    කැම්පස් කැන්ටිමෙන් කාපු නරක ම කෑමවල් ගැන අත්දැකීම් කොහොමද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බත් එක 20 ට තිබ්බා. ඒක නම් කන්න ටිකක් අමාරුයි.
    25 එකක් තිබ්බා චිකන් එක්ක. 30ට ෆ්රයිඩ් රයිස් තිබ්බා ඔම්ලට් කෑල්ලකුත් එක්කම ස්ටාෆ් කට්ටියට තියෙන් කැන්ටින් එකක. මන් කියන්නෙ 2007 දි.

    ආතල් සාගරයයි. ඔය මහා ශිෂ්‍ය සංගම් උන් සමහර කාලවලට කැන්ටිම වටලනවා පිකටින් වගේ කෑම හරි නෑ කියලා. අපිත් 1st ්‍Year කාලෙ ආතල් එකට ඕවගෙ කෑගහනවා.

    ඒ කාලෙ කොලිටි බැලුවෙ නෑ. හවසට රිංගනවා මොනා හරි බඩට දාගන්න සෙල්ලම් කරල ඉවර වෙලා. රොටි, බිත්තර ආප්ප, ආප්ප, කොත්තු වගේ ඒවා වරදින්නෙ නෑ. අවුරුදු 3 කට කලින් ආයෙ කැම්පස් පැත්තෙ ගියා නිකන් මතකාවර්ජනයක් විදිහට. මොකක්හරි හේතුවකට දැං එහෙම කන්න හිතෙන්නෙ නෑ. අපි පොශ් වැඩි වෙලාද මන්දා.

    පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
    ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
    කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
    ඕපන් මුදලාලි කන්ථක අසු වේවා
    ------ Post added on Aug 18, 2021 at 6:52 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අපේ කාලෙ බත් පිඟානක් රු10යි. දෙවෙනි පාර බෙදා ගනිද්දි ෆ්‍රී. කොහොමත් එක පිඟානක් 4 - 5 දෙනෙක් කනව.
    (බොරු බන්, අහපු කතාවක් කිව්වෙ)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උඹලගෙ කාලෙ දී කැම්පස් කැන්ටිමේ කෑම වල ගණන් කොහොම ද?
    කැම්පස් කැන්ටිමෙන් කාපු නරක ම කෑමවල් ගැන අත්දැකීම් කොහොමද?

    In pera

    2010 - Normal 1 Rs 12/=. & Full 1 Rs 15/=
    2015- Out wenakota Normal 1 Rs 30/=. & Full 1 Rs 35/=