බත් එක 20 ට තිබ්බා. ඒක නම් කන්න ටිකක් අමාරුයි.
25 එකක් තිබ්බා චිකන් එක්ක. 30ට ෆ්‍රයිඩ් රයිස් තිබ්බා ඔම්ලට් කෑල්ලකුත් එක්කම ස්ටාෆ් කට්ටියට තියෙන් කැන්ටින් එකක. මන් කියන්නෙ 2007 දි.
ආතල් සාගරයයි. ඔය මහා ශිෂ්‍ය සංගම් උන් සමහර කාලවලට කැන්ටිම වටලනවා පිකටින් වගේ කෑම හරි නෑ කියලා. අපිත් 1st ්Year කාලෙ ආතල් එකට ඕවගෙ කෑගහනවා.
ඒ කාලෙ කොලිටි බැලුවෙ නෑ. හවසට රිංගනවා මොනා හරි බඩට දාගන්න සෙල්ලම් කරල ඉවර වෙලා. රොටි, බිත්තර ආප්ප, ආප්ප, කොත්තු වගේ ඒවා වරදින්නෙ නෑ. අවුරුදු 3 කට කලින් ආයෙ කැම්පස් පැත්තෙ ගියා නිකන් මතකාවර්ජනයක් විදිහට. මොකක්හරි හේතුවකට දැං එහෙම කන්න හිතෙන්නෙ නෑ. අපි පොශ් වැඩි වෙලාද මන්දා.
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
ඕපන් මුදලාලි කන්ථක අසු වේවා
------ Post added on Aug 18, 2021 at 6:52 AM