ජනගහනය දැනටත් වඩා සීග්‍රයෙන් වැඩි වෙයි, මොකද , මිනී මැරුම්, මත්ද්‍රව්‍ය අදි භාවිතයෙන් වගේ ඔය කියල තියන දේවල් වලින් මැරෙන මිනිස්සු ගාන 0 ක් වෙන නිසා. එතකොට ඉතින් මිනිහෙක් මැරෙන්නෙ එක්කො වයසට ගිහිල්ල, නැත්තම් ලෙඩරෝග වලින් තමා. ඉතින් කලින් ට සාපේක්ශව දවසකට මිනිස්සු මැරෙන ගාන සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙනව, ඉපදෙන ප්‍රතිශතෙයේ වෙනසක් නැති නිසා, (මේකෙ කියල නෑ නෙහ් මිනිස්සු සංසර්ගය කරන්නෙත් නෑ කියල ) ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙයි. මිනිස්සුන්ගෙ විතරක් නෙමි, සත්තුන් ගෙත් ගහනය සැලකිය යුතු ලෙස වැඩි වෙයි, මොකද සත්ත්ව හිංසනය 0 කියන්නෙ, මිනිස්සු සත්තු මරන්නෙ නෑ කියන එකනෙ. හැබැයි මේ සත්තු ගහනය නම් පරිසරයෙන් ම සමබර වෙයි කියල මට හිතෙනව. තව මිනිස්සුන්ගෙ ගොඩක් රස්සා නැත්තටම නැතිවෙලා යනව. පොලීසිය, හමුදාව, මස් විකුනල ජීවත් වෙන මිනිස්සු, Farms එහෙම කරන අය, ඔය වගේ රස්සා ගොඩක ප්‍රයෝජනය අපිට ඕනෙ නැති වෙලා යනව. පරිසර දූශනයත් 0 නිසා, මේ මිනිස්සු ගහනය පාලනය කරන්න ඕනෙත් නිසා, මට හිතෙන විදිහට , ලෙඩ රෝග වල එහෙම ව්‍යාප්තිය වැඩි වෙන්න පුලුවන් . ඒ වගෙ වැඩි වීමත් නිසා, දොස්තරල , ඒ වගේ medical field එකේ රස්සා වලට ඉල්ලුම වැඩි වෙයි. ඔය වගේ දේවල් තමා මට හිතෙන විදිහට වෙන්න පුලුවන්.