ලංකාවේ ඔහොම බිස්නස් නෙවෙයි, පෙට්ටි කඩයක් දාන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද? ඔප්පු, බදු ඔප්පු, true copy, ඇඩ්‍රස් ඔප්පු කරන්න ලියකියවිලි නැත්තන් දිවුරුම් ප්‍රකාශ, අයිඩෙන්ටි නැත්තන් පොලිස් සහතික, ඔපිස් එකක් රෙජිස්ටර් කරනවා නම් උපාධි සහතික, ලෝන් තියනව නම් බැංකුවෙන් ලියුම්...... මේව ඔක්කොම ටික සති ගානක් තිස්සේ හතරවටේම දුවලා එකතු කරගත්තා කියමුකෝ. ඊට පස්සේ ඉතින් කන්තෝරුවට ගිහින් පෝලිමේ ඉඳලා පින්පඩිකාරයොන්ට මිස්..... සර්..... කිය කිය පැය ගානක් දෙකට තුනට නැවිලා හැමිනෙන්න ගියාම බිස්නස් කරන එක පැත්තක තියලා රටිනුත් යන්න තමයි හිතෙන්නෙ.
හැබැයි කාර් එකක් එහෙම ගත්තොත්, වෙලාවට ආදායම් බදු එකෙන් නම් එනවා "මහත්තයා බදු ගෙවනවද" කියලා අහගෙන. ඒකත් එන්නේ බය කරලා දඩ ගෙවන්න වෙයි කියලා ගොඩින් බේරගන්න පගාවක් ගෙවපන් කියල කියන්න බලන්.
ටවුන් එකක කෑම කඩයක් වගේ කරගෙන අහින්සකකමට ඉන්න එකෙක් වුනොත් පොලිස් කාරයෝ තමයි ඉස්සෙල්ලම ශොට් එක දෙන්නේ. හැමදාම නිකන් කාලා තේ බීල යනවා. ලන්කාවෙ කුඩු විතරයි කිසිම නීතියක් නැතුව විකුනන්න පුළුවන්.