ත්‍රෙඩ් එක අද තමයි අග ඉඳන් මුලට බලන්නෙ, planet වල සාපේකශ තලිතය ගැන කන්වසේශන් එක ඉන්ටරස්ටින් උනා මටත්.
@olu bakka @dilann @හෙළයෙක්
මචන්ලා
A - අපිට පොලව වටේ ඉර ගමන් කරනවා කියලා පැය 24ක් ඇතුලත පේන එක වෙන්නෙ පොලව තමන් වටේ කැරකෙන නිසානේ.
හැබැයි පොලව සූර්යා වටේ යන්නෙ නැතුව එකම තැන, තමන් වටේ කැරකි කැරකි විතරක් තියනවා කියලා(for the sake of argument) කියලා හිතුවොත්, පොලව තමන් වටේ යන නිසා පොලවට පොලව උඩ ඉන්න කෙනෙක්ට සූර්යා පොලව වටේ යනවා වගේ පේනචා,
හැබැයි මේ සෙනාරියෝ එකම සූර්යාට සාපේකශව පොලව නිශ්චලව තියෙන්නෙ. පොලවට සාපේකශවත් සූර්යා නිශ්චලව තියනවා. නමුත් පොලව උඩ ඉන්න කෙනෙක්ට සාපේකශව ගත්තම පොලව වටේ සූර්යා ගමන් කරනවා වගේ පේනවා
B - දැන් කලින් වගේම පොලව තමන් වටේ කැරකෙන්නෙ නැතුව සූර්යාවටේ කැරකෙනවා කියලා හිතමු(again for the sake of the argument), මේ සෙනාරියෝ එක පොඩ්ඩක් සංකීර්න වෙනවා, පොලව තමන් වටේ කැරකෙන්නෙ නැතුව සූර්යා වටේ යන්න බැහැ. මෙහෙම වෙනවා නං විදි දෙකක් තියනවා
- සූර්යාගෙ පැත්තට පොලවෙ එක පැත්තක් හැමතිස්සෙම හැරිලා තියනවා, හරියට බෝලයක් නූලකින් ගැටගහල ඔලුව වටේ කරකවා වගේ වැඩක්. එතනදි සූර්යා වටේ එක රවුමක් යද්දි පොලව තමන් වටේත් එක රවුමක් යනවා. සූර්යාට සාපේකශව සූර්යා වටේ පොලවා යනවා. පොලවට සාපේකශව පොලව වටේ සූර්යා යනවා, හැබැයි පොලව උඩ ඉන්න කෙනෙක්ට සූර්යා කොහෙවත් යනවා කියලා පේන්නෙ නැහැ. සූර්යා ඉන්න පැත්තට හැරිලා තියන පොලවෙ පැත්තෙ ඉන්න කෙනෙක්ට හැමදාම ඉරපායලා, අනෙක් පැත්තෙ ඉන්න කෙනෙක්ට ඉර කවදාවත් පේන්නෙ නැහැ. අනෙක් අයට ඔය දෙක අතර විදියක් හැමදාම තියනවා
- සූර්යාට සාපේකශව පොලව තමන් වටේ කැරකෙන්නෙම නැහැ. එතකොට සූර්යා වටේ පොලව යද්දි පොලවෙ එක එක පැති සූර්යා පැත්තට හැරනවා. එතකොට සූර්යා වටේ පොලව ගමන් කරද්දි පොලව තමන් වටේතේ එක රවුමක් කැරකිලා තියනවා. හැබැයි කලින් වගේ එක පැත්තක් සූර්යාගෙ පැත්තට ලොක් වෙලා නැහැ. අපේ අවුරුද්දක් සහ දවස සමාන වෙනවා. සූර්යාට සාපේකශව පොලව සූර්යා වටේ යනවා පොලවට සාපේකශව සූර්යා පොලව වටේ යනවා. පොලව උඩ ඉන්න කෙනෙක්ට පොලව වටේ සූර්යා අවුරුද්දක් තිස්සෙ යනවා කියලා පේනවා.
ඔය විදියට බැලුවම පොලවට සාපේකශව සිදුවෙන චලිතයය සහ පොලව උඩ ඉන්න කෙනෙක්ට පේන චලිතය අතර ලොකු වෙනසක් තියෙන්න පුලුවන්. A වල විස්තර කරපු එක වගේ.
අනික් එක තමයි සූර්යග්රමන්ඩලෙන් පිට තියන රාමුවක ඉඳලා බැලුවොතින්, කොහොම මොන රාමුවෙ ඉඳලා බැලුවත් සූර්යා වටේ පොලව ඇතුලුව අනෙක් ග්‍රහ වස්තු ටික කැරෙකනවා කියලා පේන්න ඕන.
අර දාල තියන ඇනිමේශන් එකේ විදියට බැලුම මොන ග්‍රහ ලෝකෙට සාපේකශව බැලුවත් අනෙක් ග්‍රහලෝකෙ සූර්යා වටේ යනවා කියලා පේනවානේ. ඒක වෙන්නෙ නැති එකම සෙනාරියෝ එක වෙන්නෙ මොකක් හරි ග්‍රහලෝකෙකට සාපේකශව බැලුවම ඒ ග්‍රහලෝකෙ සූර්යා වටේ යන්නෙ නැහැ නමුත් ඒත් අනෙක් ග්‍රහලෝක සියල්ලම සූර්යා වටේ කැරකෙනවා
ඔය චලිත ටික සේරම පැහැදිලි කරන්න පුලුවන් එකම විදිය තමයි ඇත්තටම වෙන්නෙත් සූර්යා වටේ ග්‍රහලෝක ටික කැරකෙනවා කියන එක
මම හිතන්නෙ නැහැ ඔය චලිත ටික පැහැදිලි කරන්න පුලුවන් වෙන සෙනාරියෝ එකක් ඇති කියලා.
ඕක ඔය විදියට වෙනවා කියලා චලිතය ගැන විතරක් හිතන්නෙ නැතුව දැනට හොයාගෙන තියන අනෙක් කන්සෙප්ට් එක්ක බැලුවමත් සූර්යා වගේ ලොකු ස්කන්ධයක් වටේ තමයි අනෙක් ග්‍රහලෝක ටිකත් කැරකෙන්නෙ කියලා හොයාගෙන තියනවානේ
ඇත්තටම කැරකෙන්නෙ සූර්යා වටේ නෙමයි ඒ ග්‍රහලෝකෙයි සූර්යාගෙයි අතර ගුරුත්ව කේන්ද්‍රය වටේ, සූර්යාගෙ තියන ස්කන්ධය එක්ක බැලුවම මේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යාගෙ ඇතුලෙ තමයි තියෙන්නෙ. එතකොට ඉතින් ග්‍රහලෝක සූර්යා වටේ යනවා කියන එක සෑහෙන්න දුරට නිවැරදියි. හැබැයි සූර්යාගෙ හරි මැද වටේ නෙමයි කැරකෙන්නෙ. ගුරුත්ව කේන්ද්‍ර්‍ය අනිවාර්යෙන් සූර්යාගෙ මධය ලක්ශයට එලියෙන් තියෙන්න ඕන දශමයක් හරි.