එහෙම කරලා හොයාගනිපුවා තියනවාද අර විදියට අපිට prove කරන්න පුලුවන් හරි repeatable results හරි ගන්න පුලුවන්
ජෝතිෂ්‍ය යේ branches ගොඩක් තියෙනවා. එක ක්‍රමයකින් කියන ප්‍රතිපලය ට වඩා අනෙක් ක්‍රමයේ ලැබෙන ප්‍රතිඵලය වෙනස්.
ලංකාවේ බහුලව භාවිතා කරන්නේ වේදික ජෝතිෂය. සමහර අය ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය භාවිතා කරනවා.
යම් ජෝතිෂය ක්‍රමයක් භාවිතා කර ප්‍රවීණයන් දෙදෙනෙකු පිළිතුර ගත්තොත් එකම පිළිතුර නැවත නැවත ලැබෙනවා. නමුත් ඔවුනගේ දැනුම අනුව සමහර කොටස් මිස් වෙලා වෙනස් පිළිතුරු එන්න පුළුවන්. උදාහරණයක් ගන්නවා නම් එකම ලෙඩේට දොස්තරලා දෙන්නෙක් වෙනස් බෙහෙත් දෙන්න පුළුවන්. ලෙඩා මැරෙන්න වුනත් පුළුවන්. නමුත් වෛද්‍ය විද්‍යාව නිවැරදියි දොස්තර වැරදියි.
ජෝතිෂ්‍ය ක්‍රමයක් මගින් ගන්නා ප්රතිඵල නැවත නැවත ලැබෙනවා. එහෙම නොවන්නේ පහත හේතු නිසා.
1. දැනුම මදිකම.
2. බිස්නස් එක දියුණු කරන්න. කේන්දර බලන්න එන කෙනා දිහා සහ පැමිණි කාලය දිහා බලලා යම් යම් දේ කියනවා. උදාහරණයක් ලෙස අවුරුදු 40 විතර ගැහැණු කෙනෙක් අවුරුදු 18 විතර පිරිමි ළමයකුගේ කේන්දරය අරන් උසස්පෙළ විභාගයට ලංවෙලා අවොත් ලස්සනට කේන්දර පේන්නේ නැති තොරතුරු ටිකක් කියලා හිත දිනාගන්න වා. මෝඩ මිනිසුන් මේවාට රැවටෙනවා.
3. සමහර අය කේන්දර අරගෙන එක බොරුවට බලලා තනිකර සාත්තර කියන ක්‍රමයට දේවල් කියනවා. මේකත් කලින් ක්‍රමයම තමයි වෙනස කිසිම ජෝතිෂය දැනුමක් නැතිව මේක කරන අය ඉන්නවා.
නිවැරදිව ජෝතිෂය බලනාවාට වඩා ආකර්ෂණීය වෙන්නේ දෙවැනි ක්‍රමය. එකෙන් තමයි හොඳට සල්ලි හොයන්න පුලවන් වෙන්නේ. ඒකයි සොෆ්ට්වේය වලින් කියන ප්රතිඵල වලට වඩා. මිනිසුන්ට මේ බොරු නිවැරදි වෙන්නේ. Confirmation bias එක නිසා.
ජෝතිෂ්‍ය මගින් කියවෙන ප්රතිඵල නැවත නැවත ලබාගන්න පුළුවන්. ඒ වගේම යම් ග්‍රහ සංයෝජනයක් දක්කොත් පොතේ නැතත් යම් අනුමාන කරන්නත් පුළුවන් ග්‍රහයන්ගේ ස්වභාවය සහ දෘෂ්ටි ගැන දැනුම මත. නමුත් සම්පූර්ණයෙන් විනාශ වුණොත් නැවත ජෝතිෂය ඒ විදියටම ප්‍රතිනිර්මාණය වීමට තරම් විද්‍යාව තරම් සංකල්ප ටික නම් ලෝජිකල් නැහැ. විද්‍යාව වුණත් සම්පූර්ණයෙන් විනාශ වුණොත් නැවත හදන්න පුළුවන් නමුත් යම් යම් සංකල්ප වෙනස්ව ලැබේවි. නමුත් විද්‍යාව නැවත බිහිවුවත් ලැබෙන ප්‍රතිඵල එකක් වෙනවා සංකල්ප වෙනස් වුවත්. නමුත් ජෝතිෂය එහෙම වෙන්න බැහැ. එකේ core එක දේව භාෂිතයක් වගේ ලෝගිකල් නැහැ. මේක තමයි මගේ මතය.
වරදවා ගන්න එපා එකම ප්‍රතිඵලය නැවත ලැබෙනවා කියන්නේ නිවැරදියි කියනවා නොවේ. මම මෙය නිවැරදි ද කියාද නොදනිම්