🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එතකොට සාපේකශ චලිතයක් ගැන හිතුවොතින්, සූර්යාට සාපේකශව බැලුවොතින් පොලව සූර්යා වටේ යනවා
    ඒ විදියට පොලවට සාපේකශව සූර්යාගෙ චලිතය(පොලව උඩ ඉන්න කෙනෙක්ට පේන එක නෙමයි), ඇත්තටම පොලවට සාපේකශව සූර්යා කොහමද ගමන් කරන්නෙ කියලා හිතුවොතින් මොකද්ද ඒ පාත් එක?
    ඔය ගලක් කරකවනවා වගේ කරකවෙද්දී සුර්යයාට මුහුණ දාල ඉන්න පැත්තේ එකෙක්ට සුර්යයා වටේම පෙන්වා.
    ඒ කියන්නේ හරියට ඌ එක තැන ඉගෙන සුර්යයා වටයක් භ්‍රමණය උනා වගේ.

    අපි බ්‍රමණය වෙන නිසා නේ ඉර වටේ යනවා වගේ පෙන්නේ. ඔය අනිත් පැත්ත. අපි වටේ යද්දී ඉර භ්‍රමණය වෙන්ව වගේ පෙන්න ඕනේ.
     
    • Like
    Reactions: NEMISIS

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මම නම් ජ්‍යෝතිෂය, නැකැත්, කේන්දර කියන දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්නෑ. පලාපල අහන්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    මම ඉස්සර අහලා තියෙනවා උපන් දිනය, වේලාව, ස්ථානය අනුව දුවෙක්ද, පුතෙක්ද කියලා හරියටම කියන්න පුලුවන් කියලා. ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද කියලා දැනගන්න ඕනෙ නම් ඔය කරුණ try කළා නම් හරියයි. (මට නම් ඕවා try කරන්න අවශ්‍යතාවයක් දැනිලා නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න.)
    ඉස්සර ඇත්තටම කියන්න පුලුවන් අය උන්න අත්දැකීමෙන් කියන්නෙ
     
    • Like
    Reactions: S_M_S

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉස්සර ඇත්තටම කියන්න පුලුවන් අය උන්න අත්දැකීමෙන් කියන්නෙ
    ඕකෙම අනෙක් පැත්ත තමයි බන් ආගියුමන්ට් එකත්

    ඉස්සර කරා නං ඕක විද්‍යාවක් නං ලොජිකල් නං, ගනං හදලා නං කරන්නෙ අද ඉන්න අයටත් ඒ තියරිම දාල වැඩේ කරාම ඒ ප්‍රතිඵලේම ගන්න පුලුවන් වෙන්න ඕන, repeatable වෙන්න ඕන
    එහෙම නැත්තං ඉස්සර අහවලා එහෙම කරා කියන එකෙන් මොනවත් ඔප්පු වෙන්නෙ වත් වැලිඩ් ආගියුමන්ට් එකකුත් නෙමයි.
     
    • Like
    Reactions: vishwadt

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඕකෙම අනෙක් පැත්ත තමයි බන් ආගියුමන්ට් එකත්

    ඉස්සර කරා නං ඕක විද්‍යාවක් නං ලොජිකල් නං, ගනං හදලා නං කරන්නෙ අද ඉන්න අයටත් ඒ තියරිම දාල වැඩේ කරාම ඒ ප්‍රතිඵලේම ගන්න පුලුවන් වෙන්න ඕන, repeatable වෙන්න ඕන
    එහෙම නැත්තං ඉස්සර අහවලා එහෙම කරා කියන එකෙන් මොනවත් ඔප්පු වෙන්නෙ වත් වැලිඩ් ආගියුමන්ට් එකකුත් නෙමයි.

    දැනුම අතින් අතට එනකොට හරියට ඇව්ල නෑ කියන්නත් පුලුවන් නේද. එක්කො ගුරු මුස්ටිය තියාගන ඉගැනුනුව කියන්නත් පුලුවන් නේද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    දැනුම අතින් අතට එනකොට හරියට ඇව්ල නෑ කියන්නත් පුලුවන් නේද. එක්කො ගුරු මුස්ටිය තියාගන ඉගැනුනුව කියන්නත් පුලුවන් නේද
    ලෝකෙන්ම එකපාරම ඇත්තට වැඩගත්ත ජෝතිෂ්‍ය නැතිවෙලා යන්න බෑ නේද ?
    ගුරුමුස්ටිය ලෝකෙම එකපාරම අනිත් පරම්පරාවට දෙන එක නවත්තලා ද ?
    මාරයි නේ .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැනුම අතින් අතට එනකොට හරියට ඇව්ල නෑ කියන්නත් පුලුවන් නේද. එක්කො ගුරු මුස්ටිය තියාගන ඉගැනුනුව කියන්නත් පුලුවන් නේද
    එහෙම ගුරු මුශ්ටි නිසා හරි දේවල් ටික නැති වෙලා ගිහින් නිවැරදි දැනුමක් දැන් නැත්තං දැන් තියන දේ බොරුවක් කියලද ඔයත් කියන්නෙ

    එහෙම ඒ දේවල් නැති වෙලා ගියා නං ටිකක් හරි දන්නවා නං එතනින් පටං අරං අර නැතිවෙලා ගියපු දේවල් ආයෙත් හොයාගන්න පුලුවන්.

    එහෙම නැත්තං මුල ඉඳංම රිසර්ච් කරලා ආයෙ ඒව හොයාගන්න පුලුවන්, විද්‍යාත්මක දේවල් නං එහෙම වෙලත් තියනවා ගොඩක් දේවල් තියනවා එකිනෙකට සම්භන්ධයක් නැති දෙන්නෙක් එකම දේ එකම විදියට හොයා ගනිපුවා එහෙම.
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දැනුම අතින් අතට එනකොට හරියට ඇව්ල නෑ කියන්නත් පුලුවන් නේද. එක්කො ගුරු මුස්ටිය තියාගන ඉගැනුනුව කියන්නත් පුලුවන් නේද
    මේ කත් හරියට ගුරුවරයා දුන් ගෙදර වැඩ කරන්න බැරි වූ විට පොත අමතක වුණා, හරි පොත නැතිවුණා හරි කියන ගොබ්බ ළමයෙක් කියන කතාවක් වගේමයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝකෙන්ම එකපාරම ඇත්තට වැඩගත්ත ජෝතිෂ්‍ය නැතිවෙලා යන්න බෑ නේද ?
    ගුරුමුස්ටිය ලෝකෙම එකපාරම අනිත් පරම්පරාවට දෙන එක නවත්තලා ද ?
    මාරයි නේ .
    ඉස්සර වැඩ්ඩෝ හිටියා, දැන් නෑ වගේ කියන කතා නම් පිළිගන්න අමාරුයි. හරි නම් වර්තමානේ වෙද්දී තවත් දියුණු තත්වයක් තියෙන්න ඕන. අදටත් මේ ශාස්ත්‍රයේ වැඩ්ඩෝ ඉන්නවා. මේ මම වැඩ්ඩෙක් කියල කියාගන්නවා එහෙම නෙමෙයි :lol: බර ගල් වගේ දේවල් යට ගිහින් බොල් රොඩු උඩ මතුවෙලා පේනවා. ඔය මාධ්‍ය හරහා පේන්න තියෙන වැඩි හරිය ඒ වගේ බොල්. ප්‍රසිද්ධියට බඩ ගොස්තරේට කෑ ගහන්නේ වැඩි දෙනෙක්. මේක රස්සාවට නොකරන ඒත් හොඳ ගැඹුරු දැනුමක් තියෙන අය ඉන්නවා. එයාලා කෑ ගහගෙන මිනිස්සු පස්සේ දුවන්නේ නෑ. අවශ්‍යතාව තියෙන මිනිස්සු එයාලව හොයාගෙන යනවා
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    එහෙම නැත්තං මුල ඉඳංම රිසර්ච් කරලා ආයෙ ඒව හොයාගන්න පුලුවන්, විද්‍යාත්මක දේවල් නං එහෙම වෙලත් තියනවා ගොඩක් දේවල් තියනවා එකිනෙකට සම්භන්ධයක් නැති දෙන්නෙක් එකම දේ එකම විදියට හොයා ගනිපුවා එහෙම.
    ක්‍රිෂ්ණමුර්ති වැනි පුද්ගලයන් යම් research කරලා නව ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. ඒක පෙරදිග ජෝතිෂය හි වෙනත් branch එකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉස්සර වැඩ්ඩෝ හිටියා, දැන් නෑ වගේ කියන කතා නම් පිළිගන්න අමාරුයි. හරි නම් වර්තමානේ වෙද්දී තවත් දියුණු තත්වයක් තියෙන්න ඕන. අදටත් මේ ශාස්ත්‍රයේ වැඩ්ඩෝ ඉන්නවා. මේ මම වැඩ්ඩෙක් කියල කියාගන්නවා එහෙම නෙමෙයි :lol: බර ගල් වගේ දේවල් යට ගිහින් බොල් රොඩු උඩ මතුවෙලා පේනවා. ඔය මාධ්‍ය හරහා පේන්න තියෙන වැඩි හරිය ඒ වගේ බොල්. ප්‍රසිද්ධියට බඩ ගොස්තරේට කෑ ගහන්නේ වැඩි දෙනෙක්. මේක රස්සාවට නොකරන ඒත් හොඳ ගැඹුරු දැනුමක් තියෙන අය ඉන්නවා. එයාලා කෑ ගහගෙන මිනිස්සු පස්සේ දුවන්නේ නෑ. අවශ්‍යතාව තියෙන මිනිස්සු එයාලව හොයාගෙන යනවා
    ඇයි ඔය කියන දැනුම public domain එකක නැත්තෙ
    දැං ඔය කියන වැඩ්ඩො මැරිලා ගියාට පස්සෙ ඒ දැනුමට මොකද වෙන්නෙ
    එහෙම ඔය කියන තරං සැබෑ දැනුමක් තියනවා නං ඒක ඕන කෙනෙක්ට හොයාගන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් විදියක තියනවා නං ඔය දැං ඕව බොරුයි කියන අයට ඒකෙන්ම උත්තර දෙන්න පුලුවන්නේ
    ශුවර් නැති අයට තමන්ටම ඒව ට්‍රයි කරලා බලලා හරිද වැරදිද කියලා තමන්ටම හොයාගන්න පුලුවන් නේ

    ක්‍රිෂ්ණමුර්ති වැනි පුද්ගලයන් යම් research කරලා නව ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. ඒක පෙරදිග ජෝතිෂය හි වෙනත් branch එකක්
    එහෙම කරලා හොයාගනිපුවා තියනවාද අර විදියට අපිට prove කරන්න පුලුවන් හරි repeatable results හරි ගන්න පුලුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇයි ඔය කියන දැනුම public domain එකක නැත්තෙ
    දැං ඔය කියන වැඩ්ඩො මැරිලා ගියාට පස්සෙ ඒ දැනුමට මොකද වෙන්නෙ
    එහෙම ඔය කියන තරං සැබෑ දැනුමක් තියනවා නං ඒක ඕන කෙනෙක්ට හොයාගන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් විදියක තියනවා නං ඔය දැං ඕව බොරුයි කියන අයට ඒකෙන්ම උත්තර දෙන්න පුලුවන්නේ
    ශුවර් නැති අයට තමන්ටම ඒව ට්‍රයි කරලා බලලා හරිද වැරදිද කියලා තමන්ටම හොයාගන්න පුලුවන් නේ

    එහෙම කරලා හොයාගනිපුවා තියනවාද අර විදියට අපිට prove කරන්න පුලුවන් හරි repeatable results හරි ගන්න පුලුවන්
    අපි class එකක් පටන් ගන්නවා. zoom එකේ live කරන්නේ. විස්තර මේ thread එකේ update වෙයි. කැමතිනම් ඒකට set වෙන්න. එතකොට ඔයාට තියෙන ප්‍රශ්න live විසඳගන්න පුළුවන්. ඒ discussions වල record එකකුත් ගන්න පුළුවන් නිසා ඔයාට හොඳ සාක්‍ෂියකුත් ඒකෙන් ලැබෙයි.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    එහෙම කරලා හොයාගනිපුවා තියනවාද අර විදියට අපිට prove කරන්න පුලුවන් හරි repeatable results හරි ගන්න පුලුවන්
    ජෝතිෂ්‍ය යේ branches ගොඩක් තියෙනවා. එක ක්‍රමයකින් කියන ප්‍රතිපලය ට වඩා අනෙක් ක්‍රමයේ ලැබෙන ප්‍රතිඵලය වෙනස්.

    ලංකාවේ බහුලව භාවිතා කරන්නේ වේදික ජෝතිෂය. සමහර අය ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය භාවිතා කරනවා.

    යම් ජෝතිෂය ක්‍රමයක් භාවිතා කර ප්‍රවීණයන් දෙදෙනෙකු පිළිතුර ගත්තොත් එකම පිළිතුර නැවත නැවත ලැබෙනවා. නමුත් ඔවුනගේ දැනුම අනුව සමහර කොටස් මිස් වෙලා වෙනස් පිළිතුරු එන්න පුළුවන්. උදාහරණයක් ගන්නවා නම් එකම ලෙඩේට දොස්තරලා දෙන්නෙක් වෙනස් බෙහෙත් දෙන්න පුළුවන්. ලෙඩා මැරෙන්න වුනත් පුළුවන්. නමුත් වෛද්‍ය විද්‍යාව නිවැරදියි දොස්තර වැරදියි.

    ජෝතිෂ්‍ය ක්‍රමයක් මගින් ගන්නා ප්රතිඵල නැවත නැවත ලැබෙනවා. එහෙම නොවන්නේ පහත හේතු නිසා.
    1. දැනුම මදිකම.
    2. බිස්නස් එක දියුණු කරන්න. කේන්දර බලන්න එන කෙනා දිහා සහ පැමිණි කාලය දිහා බලලා යම් යම් දේ කියනවා. උදාහරණයක් ලෙස අවුරුදු 40 විතර ගැහැණු කෙනෙක් අවුරුදු 18 විතර පිරිමි ළමයකුගේ කේන්දරය අරන් උසස්පෙළ විභාගයට ලංවෙලා අවොත් ලස්සනට කේන්දර පේන්නේ නැති තොරතුරු ටිකක් කියලා හිත දිනාගන්න වා. මෝඩ මිනිසුන් මේවාට රැවටෙනවා.
    3. සමහර අය කේන්දර අරගෙන එක බොරුවට බලලා තනිකර සාත්තර කියන ක්‍රමයට දේවල් කියනවා. මේකත් කලින් ක්‍රමයම තමයි වෙනස කිසිම ජෝතිෂය දැනුමක් නැතිව මේක කරන අය ඉන්නවා.

    නිවැරදිව ජෝතිෂය බලනාවාට වඩා ආකර්ෂණීය වෙන්නේ දෙවැනි ක්‍රමය. එකෙන් තමයි හොඳට සල්ලි හොයන්න පුලවන් වෙන්නේ. ඒකයි සොෆ්ට්වේය වලින් කියන ප්රතිඵල වලට වඩා. මිනිසුන්ට මේ බොරු නිවැරදි වෙන්නේ. Confirmation bias එක නිසා.

    ජෝතිෂ්‍ය මගින් කියවෙන ප්රතිඵල නැවත නැවත ලබාගන්න පුළුවන්. ඒ වගේම යම් ග්‍රහ සංයෝජනයක් දක්කොත් පොතේ නැතත් යම් අනුමාන කරන්නත් පුළුවන් ග්‍රහයන්ගේ ස්වභාවය සහ දෘෂ්ටි ගැන දැනුම මත. නමුත් සම්පූර්ණයෙන් විනාශ වුණොත් නැවත ජෝතිෂය ඒ විදියටම ප්‍රතිනිර්මාණය වීමට තරම් විද්‍යාව තරම් සංකල්ප ටික නම් ලෝජිකල් නැහැ. විද්‍යාව වුණත් සම්පූර්ණයෙන් විනාශ වුණොත් නැවත හදන්න පුළුවන් නමුත් යම් යම් සංකල්ප වෙනස්ව ලැබේවි. නමුත් විද්‍යාව නැවත බිහිවුවත් ලැබෙන ප්‍රතිඵල එකක් වෙනවා සංකල්ප වෙනස් වුවත්. නමුත් ජෝතිෂය එහෙම වෙන්න බැහැ. එකේ core එක දේව භාෂිතයක් වගේ ලෝගිකල් නැහැ. මේක තමයි මගේ මතය.

    වරදවා ගන්න එපා එකම ප්‍රතිඵලය නැවත ලැබෙනවා කියන්නේ නිවැරදියි කියනවා නොවේ. මම මෙය නිවැරදි ද කියාද නොදනිම්
     
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එකේ core එක දේව භාෂිතයක් වගේ ලෝගිකල් නැහැ. මේක තමයි මගේ මතය.

    වරදවා ගන්න එපා එකම ප්‍රතිඵලය නැවත ලැබෙනවා කියන්නේ නිවැරදියි කියනවා නොවේ. මම මෙය නිවැරදි ද කියාද නොදනිම්

    ඔය දේව භාශිතයක් වගේ කතාව නිසා තමයි මම කියන්නෙ මේක බොරුයි කියලා.
    උදාහරනයක් විදියට කාගෙ හරි කේන්දරයක් බලලා සෙනසුරු මෙහෙම පොසිශන් එකකට ආවොත් දුක් විඳින්න වෙනවා කියලා කියනවානේ, කාට උනත් සෙනසුරු එහෙම එනවා නං දුක් විඳින්න වෙනවා කියන එක නෙමෙයි ලොජිකල්, හරි නං සෙනසුරු මෙහෙම ආවොත් මෙන්න මේ දේ නිසයි දුක් විඳින්න වෙන්නෙ කියලා ලොජිකලි ඒක පැහැදිලි කරන්න පුලුවන් වෙන්න ඕන
    දැන් හඳ යම් පොසිශන් එකකට ආවම වඩදිය ඇතිවෙනවා කියලා කියන්න පුලුවන්, ඒක වෙන්නෙ හඳේ ගුරුත්වය නිසා කියලා පැහැදිලි කරන්න පුලුවන් ඒක ලොජිකල්. නමුත් හඳ මේ පොසිශන් එකට ආවොතින් වඩදිය ඇතිවෙනවා පුරානෙ ඉඳං කියලා තියෙන්නෙ එහෙම තමයි කියන එක ලොජිකල් පැහැදිලි කිරීමක් නෙවයිනේ.

    ඔවු එකම ප්‍රතිඵලේ ගන්න පුලුවන් කියන්නෙ නිවැරදියි කියනවා නෙමයි. එකම නිවැරදි ප්‍රතිඵලේ රීපීට් කරන්න පුලුවන් කියන්නෙ මොකක් හරි විද්‍යාත්මකයි කියලා කියන්න පුලුවන් එක සාධයක්.
     
    • Like
    Reactions: NRTG

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඔය දේව භාශිතයක් වගේ කතාව නිසා තමයි මම කියන්නෙ මේක බොරුයි කියලා.
    උදාහරනයක් විදියට කාගෙ හරි කේන්දරයක් බලලා සෙනසුරු මෙහෙම පොසිශන් එකකට ආවොත් දුක් විඳින්න වෙනවා කියලා කියනවානේ, කාට උනත් සෙනසුරු එහෙම එනවා නං දුක් විඳින්න වෙනවා කියන එක නෙමෙයි ලොජිකල්, හරි නං සෙනසුරු මෙහෙම ආවොත් මෙන්න මේ දේ නිසයි දුක් විඳින්න වෙන්නෙ කියලා ලොජිකලි ඒක පැහැදිලි කරන්න පුලුවන් වෙන්න ඕන
    දැන් හඳ යම් පොසිශන් එකකට ආවම වඩදිය ඇතිවෙනවා කියලා කියන්න පුලුවන්, ඒක වෙන්නෙ හඳේ ගුරුත්වය නිසා කියලා පැහැදිලි කරන්න පුලුවන් ඒක ලොජිකල්. නමුත් හඳ මේ පොසිශන් එකට ආවොතින් වඩදිය ඇතිවෙනවා පුරානෙ ඉඳං කියලා තියෙන්නෙ එහෙම තමයි කියන එක ලොජිකල් පැහැදිලි කිරීමක් නෙවයිනේ.

    ඔවු එකම ප්‍රතිඵලේ ගන්න පුලුවන් කියන්නෙ නිවැරදියි කියනවා නෙමයි. එකම නිවැරදි ප්‍රතිඵලේ රීපීට් කරන්න පුලුවන් කියන්නෙ මොකක් හරි විද්‍යාත්මකයි කියලා කියන්න පුලුවන් එක සාධයක්
    මේ ගැන මම ගොඩක් හිතපු දෙයක්. විද්‍යාව ගමු. සාපේක්ෂතා වාදය ගමු එහි හයිපොතිස් දෙකක් තියෙනවා.

    1. The laws of physics are the same for all observers in any inertial frame of reference relative to one another (principle of relativity).
    2. The speed of light in vacuum is the same for all observers, regardless of their relative motion or of the motion of the light source.

    මේ දෙකෙන් තමයි ඔක්කොම පැහැදිලි කරන්නේ. මේ දෙක කවදාවත් ලෝගිකළි සාධනය කරන්න බැහැ නමුත් අපි මේ දෙක හරි කියලා පිළිගන්නවා. ඒ සාපේක්ෂතා වාදයේ ප්රතිඵල වලින් අපි දකින ලෝකය පැහැදිලි කරන නිසා.

    ඒ වගේම තමයි සෙනසුරු අහවල් තැන ඉන්න කොට මෙහෙම වෙනවා අහවල් තැන හිටියත් අහවලාගේ බැල්ම වැටුනාම මෙහෙම වෙනවා වගේ හයිපෝතිස් ගොඩක් තියෙනවා. විද්‍යාවට වඩා ගොඩක් හායිපොතිස් එක නිසා අපිට මේක ලොකු ලෝගීකල් නැහැ. නමුත් මේ වා මගින් ලැබෙන ප්‍රතිඵලය නිවැරදි නම් මේවා අපිට නිවැරදි කියා පිළිගන්න වෙනවා. හරියට සාපේක්ෂතා වාදය වගේ.

    මේක පරීක්ෂණාත්මකව කරන්න පුළුවන්. ඒක කරන වගකීම තියෙන්නේ ජෝතිෂය වේදීන්ට මිස අපට නොවේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ thread එකේ සංකීර්ණ ප්‍රශ්න වලට මම උත්තර දීලා නෑ කියලා inbox ඇවිත් ගේම ඉල්ලන්න එපා. මට EK ඉන්න තියෙන්නේ සීමිත වෙලාවක්. ඉඩ ලැබෙන විදියට ඒ ප්‍රශ්න වලට ඉදිරියේදී පිළිතුරු දෙන්නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මේක පරීක්ෂණාත්මකව කරන්න පුළුවන්. ඒක කරන වගකීම තියෙන්නේ ජෝතිෂය වේදීන්ට මිස අපට නොවේ.
    ඉතින් ඔය රෙද්ද බලලා තමයි මේ රටේ හැමදේම පටන් ගන්නේ.
    තව පරීක්ෂණ මොකටද බන් . මේ වෙලා තියන ටික මදිද ? :lol:

    ------ Post added on Jan 24, 2023 at 12:44 PM

    ------ Post added on Jan 24, 2023 at 12:50 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් ඔය රෙද්ද බලලා තමයි මේ රටේ හැමදේම පටන් ගන්නේ.
    තව පරීක්ෂණ මොකටද බන් . මේ වෙලා තියන ටික මදිද ? :lol:

    ------ Post added on Jan 24, 2023 at 12:44 PM

    ------ Post added on Jan 24, 2023 at 12:50 PM

    යකෝ කනාවට මොනවා හරි බයිලා ටිකක් කියෙවුවත් එකක් දෙකක් හරියන්න පුලුවන්
    මුන් සේරම ටික වරදින්නම කොහොම කිවුවද දන්නෙ නෑ

    සමාරවිට ගනං හදනකොට +/- වගේ මාරු උනාද දන්නෙ නැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නැකැත් වෙලාවල් බලලා, පිරිත් ජයමංගල ගාථා කියලා, කොඩි දාලා, බෙර ගහලා, නටලා, බට්ටෝ පත්තුකරලා මුල්ගල් තියලා projects වලට pass කරපු සල්ලි ටික හොරකම් කරලා රටේ උන් හොම්බෙන් ගියාම ග්‍රහයන්ට බණිනවා .
    මේ කිරියේ කොල්ලෙක් මට inbox දාලා අහනවා ඌට තාම කේන්දරේ කිවුව විදිහේ හොඳ වෙනසක් වුණේ නෑලු. මම ඌට කිව්වා නිදාගන්න තියෙන පැය කීපයත් EK හිටපන් හොඳටම වෙනසක් වෙයි කියලා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    යකෝ කනාවට මොනවා හරි බයිලා ටිකක් කියෙවුවත් එකක් දෙකක් හරියන්න පුලුවන්
    මුන් සේරම ටික වරදින්නම කොහොම කිවුවද දන්නෙ නෑ

    සමාරවිට ගනං හදනකොට +/- වගේ මාරු උනාද දන්නෙ නැහැ
    එසේ මෙසේ උන් වත් ජෝතිෂ්‍ය එහෙන් මෙහෙන් අල්ලපු උන් නෙවෙයි.
    ඔය උඩ ඉන්නේ ඔය කියන රෙද්ද ගැබුරටම හදාරලා රටේ ඉන්න නායකයාට පවා උපදෙස් දෙන්න තෝරගත්තු රාජ්‍ය දෛවඥයා කියන කුලකයට අයිති වෙන්න පුලුවන් උන් ටික.
    මුන් ඔහොම පිස්සු කෙලිද්දී අනිත් උන් ගැන කවර කතාද..

    ඔය කේන්දර ජෝතිෂ්‍ය ඔලුවේ තියාගෙන යන ගොඩක් උන් හිතන්නේ ඕක බුද්දාගමටත් සම්බන්ද දෙයක් වගේ.
    ඇත්ත තමයි බුදුහාමුදුරුවොත් ඕක පචයක් කියලා කියල තියනව... :rofl:
     
    • Like
    Reactions: vishwadt