මේකට කියන්න තියෙන්නෙ ඔය කියන අවු.70 ඇතුළෙ ජ.වි පෙ අඩු වැඩි වශයෙන් සම්මාදන් වෙලා තියෙනවා පාලනයට. ළඟම උදාහරණෙ යහපාලනය. ඒ අවු. 4 ක් වගේ කාලය, ගෝඨාභයගෙ අවු.1.5 වගේ කාලෙකදි මේ තරම් විනාශයක් වෙන්න මුල් වෙච්ච පාලනය යහපාලනය. මේකෙ ලොකු පංගු කාරයෙක් ජ.වි.පෙ පස්සෙ එයාලා මේකට නෑ කිව්වාට.අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
මම හිතන්නේ මේ කාරණය ගැන නැවත කියවීමක් කරන එක හොදයි. මම වුනත් පෞද්ගලිකව මේ සමාජයේ අය වැඩියෙන් කැපී පෙනෙන්න දරන උත්සාහයට කැමති නැහැ. නමුත් 1st world problem එකකට 3rd world answers දීලා හරියන්නේ නැහැ.
මේ පෝස්ට් එක් පරස්පරතා නම් බොහෝමයි. නමුත් ඒ ගැන විචාරන්න යන්නේ නැහැ මම.
කවුරු හරි අලුත් දෙයක්, අලුත් අදහසක් මේසයට ගෙනාපුවහම රටේ නැති ඇද කුද, අතීතයේ වැරදි පෙන්නලා ඒක කඩාබිදලා දාලා විනාශ කරන්න මම හිතන්නේ අපි, සිංහල ජාතික තරම් දක්ෂ වෙන ජනතාවක් නැතුව ඇති. පොර වෙන්න තියෙන වුවමනාව ද එහෙමත් නැත්නම් කුහක කමද කියන එක මට තවමත් නොතේරෙන දෙයක්. ගෝඨාභය මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. ඔහු අලුත් දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ, තිබුණු වැරදි වෙනම සන්නාමයක් යටතේ නැවත සිදුකළා මිසක්.
සර්ව සම්පූර්ණ කිසිවක්-මෙතන නම් දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂයක් ලංකාවේ නොවෙයි, ලෝකයෙත් නැහැ. හානියක් සිදුවන්න තියෙන ප්‍රවණතාවය අඩුම, වාසියක් ලැබෙන්න තියෙන ප්‍රවණතාවය වැඩිම පක්ෂයට බලය ලැබෙනවා හෝ, බලහත්කාරයෙන් බලය ලබාගන්නවා හෝ හැරෙන්නට, බුද්ධියෙන් සිතා, දුරදිග බලා ගත් තීරණවලින් රටක දේශපාලන ගමන් මාර්ගය තීරණය කෙරුණු අවස්ථා තියෙන්නේ අතලොස්සක්. ලංකාවට මේ අවසාන කාරණය නම් කොහෙත්ම අදාළ වෙලා නැහැ, දැනට.
වැරැද්ද තේරුම්ගන්න. වැරැද්ද තියෙන්නේ දේශපාලනයේ වගේම රටේ පාලන (රාජ්‍ය සේවය) තන්ත්රයේ. මේ දෙකම එකකට එකක් සම්බන්ධයි. තමන් කැමති දේශපාලකයා යටතේ රිසි විදිහට හැසිරෙන රාජ්‍ය නිලධාරීන් තමන්ට අකමැති දේශපාලකයෙක් යටතේ කරන්නේ හොද වැඩකට වුනත් අකුල් හෙලන එක. මේ රටේ දුම්වැටි බදු ක්‍රියාත්මක වෙන හැටි ඒකට හොද උදාහරණයක්.
මේ වැරැද්ද නිවැරදි කරන්න (යම් තරමකට හෝ) තියෙන විකල්පය දැනට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ බලවේගය පමණයි. ප්‍රධාන පක්ෂ දෙපැත්තෙන්ම වසර 70කට වැඩි කාලයක් පුරාවට පහර කාලා, අන්තිමට ඒ වැඩවල ප්‍රතිඵල නිසාම රට නන්නත්තාර වෙලා පත්වෙලා ඉන්නකොට තවත් ඒ පක්ෂවලටම ඇලෙන්න යන එක, එහෙමත් නැත්නම් මට දෙන්න කෙනෙක් නැහැ ඒ නිසා මම නොදී ඉන්නවා කියන එක, බුද්ධියක් තියෙන පුරවැසියෝ මේ වෙලාවේ නොකළ යුතු දෙයක්.
මගේ මතය ප්‍රකාශ කළා පමණි. ඔබගේ මතයට ගරු කරමි. කියා තිබෙන බොහෝ කාරණාවලට එකග නොවන බව කියමි.
මට නම් හිතෙන්නෙ රට අරාජික වෙනකල් තමන්ට බලය ලැබෙන්නෙ නෑ කියන එක දැනගෙන ඒ දේ කරන්න මහන්සි උන කට්ටියක් විදිහට.
ඇත ඉතිහාසය ගත්තත්, විජේවීරට ඕන උන දේ නෙමෙයි ජ.වි.පෙ කරලා තියෙන්නෙ. ඒකට ඇතුලෙන්ම කුමන්ත්‍රණ වෙලා තියෙන හැඩයි.
ඒ ඉතිහාසෙ වරාය බිඳවට්ටන හර්තාල් පිට රටවල රූකඩ විදිහට නැටවුන අතීතයක් කියලා සැක කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනව 2009 විතර එයාලාගෙ දේශපාලන් භූමිකාව, ජනතාව විශ්වාස කරන් හිටපු තැන්වල ජනතාව අතරමං කරලා තියෙනව අනික් බලවේග වලින් මිනිස්සුන්ට හෙම්බත්වෙන්න රටට කෙලවෙන්න ඉඩදීලා. 2005 වගේ හරි ස්ට්‍රැටජි එකක් තිබුණා නම් බොහෝ දුරට මේ වෙනකොට ආණ්ඩු බලය කෙසේ වෙතත් ප්‍රධාන ව්පක්ෂය වෙන්න තිබුණා, ඒක රටට හොධ වෙන්නත් තිබුණා.
ඒ වෙනුවට ප්‍රතිපත්තිමය තීරණ නිසා කිව්වත් බල පොරයක් නිසා කෑලි කිහිපයකට කැඩුණු ජ.වි.පෙ බොහොම සුළුතරයක්. අඩුගාණෙ පෙරටුගාමීන්ට විශ්වවිද්‍යාල වල බලය යනකල් ජ.වි.පෙ ට බලන් ඉන්න සිද්ද උනා.
උඩ කවුදෝ කියල තිබුණා අනුර හෙන මීටරයක් කියලා, එහෙනම් ඕක කෑලි කැඩෙනකල් මීටරේ මොකද කරේ කියලා බලන්න.. මම නම් දකින්නෙ අනුර දැන් පරණ මොඩල් එකක බැසිල් වගේ කපටියෙක්. තම පක්ශෙ ඉතිහාසය විකෘති කරලා කතන්දර කියනවා අහල තියනව, කුමාර් ගුණරත්නම් ව දන්නෙ නෑ කිව්වම පූර්ණකාලීන ජෙපි ඩයල් ව්‍යාපාරෙන් අයන් වෙලා තියෙනව උන් සාක්කි දෙනවා කුමාර් මහත්තයා කියන අප්‍රකට මිනිහා කවුද කියලත්
Last edited:


