යුක්‍රේනය ආක්‍රමණය කරන ලද රුසියානු හමුදාව කොටස් තුනකින් යුක්තයි
1. සාමාන්‍ය රුසියානු හමුදාව
2. කැඩරොව් නායක්ත්වය දෙන චෙච්නියානු හමුදාව
3. වාග්නර් පෞද්ගලික හමුදා සමාගම (PMC)
වාග්නර් සමාගම පාලනය වන්නේ එහි ප්‍රධාන විධායක් නිළධාරියා වන යුව්ගෙනි ප්‍රගෝශන් යටතේයි. පසුගිය දිනවල ඔහු වඩාත් කතා බහට ලක් වුනේ රුසියානු බන්ධනාගාර වලින් සිරකරුවන්, සොල්දාදුවන් ලෙස බදවා ගැනීම හරහායි. මේ සිරකරුවන් මාස හයක් යුධ පෙරමුණේ සටන් කිරීමෙන් අනතුරුව සමාව ලබා දීමට කටයුතු කිරීම වාග්නර් ප්‍රධානියාගේ පොරොන්දුවකි.
ඉහත සදහන් හමුදා කණ්ඩායම් වලින් යුධ බිමේ වැඩිම ප්‍රගතියක් පෙන්වූයේ වාග්නර් හමුදාවයි. රුසියාවට සාමාන්‍ය හමුදාවක් තිබියදී වෙනම පෞද්ගලික හමුදාවක් අවශ්‍ය වන්නෙ ඇයි? සරල පිලිතුර නම් පෞද්ගලික හමුදාවක ක්‍රියා කලාපයේ වගකීමෙන් ක්‍රෙම්ලිනයට ගැලවීමට හැකි වීමයි. ඊට අමතරව රෙගුලාසි වලින් ගැලවී වඩාත් නම්‍යශීලීව ක්‍රියා කිරීමට පෞද්ගලික හමුදාවකට හැකියාවක් ඇත. උදාහරණයකට පූටින්ට සාමාන්‍ය හමුදාව යොදා ගෙන මෙහෙයුමක් කිරීමට නම් රුසියානු පාර්ලිමේන්තුව හෙවත් ඩූමාවට එය දැන්විය යුතු නමුත් පෞද්ගලික හමුදාවක් යොදා ගැනීමට එසේ කිරීම අවශ්‍ය නැත.
පෞද්ගලික කුලී හමුදා භාවිතා කරන්නේ රුසියාව පමණක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයද ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ බ්ලැක්වෝටර් නම් කුලී හමුදාවක් තම මෙහෙයුම් වලට භාවිතා කලා. ඔවුන්ගේ ක්‍රියා කලාපය අදටත් මතභේදාත්මකයි.
වාගනර් හමුදාව සටන් වදින්නෙ යුක්‍රේනයේ පමණක් නොවේ. සිරියාව, ලිබියාව මාලි යන රටවලටද ඔවුන් තම සේවය ලබා දේ.
වර්තමාන යුධ පෙරමුණ සලකා බලන විට වාගනර් හමුදාව යුක්‍රේනයේ බක්මූත් නගරය වටලා ඇති නමුත් සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට හැකියාවක් ලැබී නැත. එයට හේතුව ලෙස වාගනර් ප්‍රධානියා සදහන් කරන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ සහ සැපයුම් ලබා දීම නවතා ඇති බවයි. මීට අමතරව බන්ධනාගාර වල සිරකරුවන් සොල්දාදුවන් ලෙස බදවා ගැනීමද රුසියානු ආරක්ෂක බළධාරීන් විසින් අවහිර කර තිබෙනවා.
For more join my telegram channel (Unpaid advertisement

https://t.me/ukraineWarSinhala

Last edited: