මම කිව්වේ නෑ ඇත්තම කියල.දිලාන්ට අනුව ඇත්තටම වෙලා තියෙන්නේ එයා උඩ කියන දේ. නමුත් අපි තුන්දෙනාගෙන් එක් අයෙක්වත් ඔය කාලයේ සිදුවුන දෑ අපි විසින්ම අත්දැකලාද ඔය එක කතාවක් වත් කීවේ. ඔවැනි දෑ ගැන මත හුදු තර්කයෙන් පැමිණි අනුමාන මිසක් ප්රත්යක්ෂ නෙමෙයි. ඒ වගේම අපිට ඇවෙලබල් දත්ත සහ අපි ඒවා ලෙහන විදිහට අනුව තමා ඉන්ටර්ප්‍රිටේශන් තීරණය වෙන්නෙ.
දැන් මේකෙන් කියන්නේ එහෙම කිසිම දෙයක් ගැන මතවාදයක් ප්‍රකාශ කරන්න බැහැ හෝ ඒවා සියල්ල වැරදියි කියල ද? නැහැ, එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. අපි තුල අභ්‍යන්තරයේ තදින් පැලපදියම් වෙලා තියන මතවාද අපේ චින්තනයට, තර්කයට (ලෙහීමට), සිතීමේ හැකියාවට කොයිතරම් බලපෑමක් එල්ල කරනවාද කියන එක මතුකරන්නයි මේ කතාව කිව්වේ.
ඉතිරිවෙලා තියන ඉතිහාසය කියන්නෙත් අපක්ෂපාති දෙයක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය ලියල තියන්නේ ස්වාධීන ව නෙවෙයි.
ඉතිරිවෙලා තියන ආගමික මතවාදයටත් ඕක අදාලයි.
ඉදිරියට ඇවිත් අද වෙන කොට තියෙන්නේ හරි එකම නෙවයි වෙන්න පුලුවන්.
