එලකිරියෙත් මේ දවස් ටිකේම කැනඩාව ගැන අහලා ත්රෙඩ් දානවා මම දැක්කා. හැමතැනම කැනඩාව ගැන කතා වෙන නිසයි මෙහෙම දැම්මේ. මචන් කැනඩා ඇවිත් ස්ථිර වෙන්න අමාරුදද්? ගොඩක් උන් කියනවනේ ඇවිත් වැඩක් නෑ කියලා. මුන් ඉරිසියාවට කියන ඒවද නැද්ද කියලා මට හිතා ගන්න බැහැ. අද මම දැක්කා කොල්ලෙක් ස්ටුඩන්ට් තනියෙම ඇවිත් ගේමක් ගහන්න බැරිද කියලා අහලා තියනවා. ඒ කොල්ලගේ කෝස් ෆී එහෙම ගෙදරින් ගන්න ලැබෙනවා. ලිවින් කොස්ට් එක පාට් ටයිම් කරලා හොයා ගන්නතමයි ඌ හදලා තියෙන්නේ. ගොඩක් උන් කියනවා පාට් ටයිම් කරලා එහෙම හොයන්න බැ කියලා. අනිත් දේ තමයි දැන් පාට් ටයිම් ජොබ් අඩූයිලු. මේවා ඇත්තද? ඒ කොල්ලා ලංකාවෙන් යන්නේ කෝස් ෆී එකත් අරගෙන. කෝස් ෆී එකෙන් භාගයක් විතර ලෑස්ති කරගෙන, පාට් ටයිම් වලින් ගේමක් ගහගෙන, කෑම බීමත් , රෙන්ට්වලටත් ගේමක් ගහගන්න යන උන් කොහොමද සල්ලි හොයන්නේ??කාටහරි ප්රයෝජනයක් වෙයි කියලා හිතලයි මේ ත්රෙඩ් එක දැම්මේ. දැනට කැනඩාවේ ඉන්න අය කමෙන්ට් එකක් දාන්න
