මීට අවුරුද්දකට කලින් වයස අවුරුදු 24 ට වැඩිනම් ලංකාවේ බැංකුවක වැඩට යන්න බැ . විශේෂයෙන් හොදම private බැංකුවකට.
අනික බැංකුවකට Cashier ල ගන්නවා මං මේ දකින්නේ ප්රථම වතාවට . ලංකාවේ බැංකු Banking Trainee කියල එකක් තියාගෙන ඉස්සර සොච්චම් පඩියකට පොඩි කොල්ලෝ කෙල්ලෝ මරවල වැඩ ගත්ත . උනුත් බැංකු ජොබ් එකක් නේ කියල
මැරී මැරී හිටිය ඕව වලට වෙලා . බැංකුවක වැඩට යන එකේ තියන එකම වාසිය Staff එකට හම්බෙන අඩු loan rates . එත් ඉතින් දැන් අඩුවට loan අරන් ලංකාවේ මොනා කරන්නද ? ලංකාවේ ගෙවල් හදල වැඩක් තියේද ? ලක්ෂ 50 60 දීල ගන්න තියන වාහනත් හම්පඩ ගහපුවා . බෑන්ක් වල වැඩ කරන මගේ යාලුවෝ කියන්නේ දැන් පොඩි කොල්ලෝ එන්නෑ කියල bank වලට .ආවත් pressure එනකොට අයින් වෙනවා . තරුණ ළමයින්ගේ mindset එක completely වෙනස් වෙලා
