මේක වටිනවද?

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඔවු...
    Ee 96 මේක අවුලක් නෑ... දිරුම් තමයි බලන්න ඕනෙ... එන්ජින් එක 5a-fe ද බලන්න. ඒක efi එන්ජිම...

    නිසාන් y10 එකත් හොඳයි. ඒකෙත් ga15-de එන්ජිම හොඳයි...

    කාබ් එන්ජින් ගත්තම කරදරයි..
    මේක හොද වාහනේ. හැබැයි හොදට පාවිච්චි කරපු එකක් සෙට් කරගන්න ඕනේ.
    @PHBhagya කියල තියෙන දේවල් හරි
    දිරුම් තමයි බලන්න ඕනේ. ආයේ maintenance.
    Repairs නැති වාහන නැහැ, ඕනේ වෙලාවක repairs එන්න පුලුවන්. හොදට බලල ගන්න. ඉස්සරහට වියදම් කරන්න උනොත් ඒවට සල්ලි ටිකක් තියාගන්න.
    පෙට්‍රල් කරයි සාමාන්‍යයෙන් 10-12 town. 12-14 highway.
    මේකේ ගොඩක්ම ආවේ 1.3L 2E එන්ජිම.

    Ad wagon එක මාකට් අඩුයි Toyota එකට වඩා.

    පුලුවන් නම් Elephant back හෝ Van බඩියක් යන්න try කරන්න.

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,728
    30,728
    113
    රෙක්ස්පෙක්ට් එකට බොහොම ස්තුතියි මචන්. මම ප්‍රින්ටින් බිස්නස් එක ගොඩනගාගෙන යන ගමන් මචන්. දෙන සර්විස් එක සාධාරන මුදුලකට උපරිමෙන් දෙන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. ලාබය පොඩි උනාට කොල වැඩි ප්‍රමාණයක් ගද්දි සැලකිය යුතු මුදලක් ඉතුරු වෙනවා. කොළඹින් කඩදාසි ගෙන්නගද්දි උන්ගේ ඩිලිවරි ඩේට් ෂුවර් නෑ. අපිට ෂුවර් පිට වැඩක් භාර දෙන්න බෑ කස්ටමර්ට එතකොට. මිලියනර්/ බිලියනර් කෙනෙක් වෙන එක තමා ටාගට් එක. පුංචිම තැනකින් පටන් අරගෙන විවිද හැල හැප්පීම් මත අද මම යම් මට්ටමකට මේක ගෙනල්ලා තියනවා මගෙයි වයිෆ්ගෙයි උත්සාහයෙන්. දැන් වයිෆුත් පුංචි ගාමන්ට් එකක් පටන් අරන් තියනවා. Customized Bags මහන්න. අපි දෙන්නගෙම බිස්නස් වලට මැටීරියල්ස් ගේන්න දැන් වාහනයක අවශ්‍යතාවය තියනවා. ත්‍රීවිල් හයර් කරන් ගියාම ගේන්න පුලුවන් බඩු ප්‍රමාණය අඩුයි. කොස්ට් එක වැඩී. රෙන්ට් එකට අරන් යන්නත් දවසකය 5500යි කිලෝමීටර් 100ක ලිමිට් එකකට. ඉතින් මම වාහනයක් ගන්න බැලුවේ මටම කියලා වාහනයක් ගත්තා නම් යකඩ ටික හරි ඉතුරු වෙයිනේ කියලා. තව තව බිස්නස් පටන්ගන්නත් මේ ප්‍රෙස් එක ටිකක් ස්ටේබල් කරගන්න ඕනි බං. ආය කවුරුවත් යටතේ ජොබ් කරන්න අදහසක් නෑ. මේ බිස්නස් එකට රිලේටිව් වන බිස්නස් එකක් හෝ කීපයක් කරන්නයි, ගොවිපොලක් පටන් ගන්නයි තමා හීනයක් තියෙන්නේ

    බඩී වෑන් වල Engine Capacity එක මදී නේද බං. ඒකයි පෙට්‍රල් කාර් එකක් ගන්න බැලුවේ. ඩීසල් වෑනුත් තියනවා මේ ගමන් වලටම. ඒත් නඩත්තු වියදම වැඩි නිසා කොකටත් තෛලේ කියලා වැගන් කාර් එකකට යන්න බැලුවේ. පස්සේ ටිකක් හොද වාහනේකට යනකම්.
    ------ Post added on Nov 6, 2023 at 10:15 PM
    එහෙනං අවුලක් නෑ බං හොදට බලලා ටෙක්නීශියන් කෙනෙක් එක්ක ගිහිං inspection එකක් කරලා ගනින් වැගන් එකක්.
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    රෙක්ස්පෙක්ට් එකට බොහොම ස්තුතියි මචන්. මම ප්‍රින්ටින් බිස්නස් එක ගොඩනගාගෙන යන ගමන් මචන්. දෙන සර්විස් එක සාධාරන මුදුලකට උපරිමෙන් දෙන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. ලාබය පොඩි උනාට කොල වැඩි ප්‍රමාණයක් ගද්දි සැලකිය යුතු මුදලක් ඉතුරු වෙනවා. කොළඹින් කඩදාසි ගෙන්නගද්දි උන්ගේ ඩිලිවරි ඩේට් ෂුවර් නෑ. අපිට ෂුවර් පිට වැඩක් භාර දෙන්න බෑ කස්ටමර්ට එතකොට. මිලියනර්/ බිලියනර් කෙනෙක් වෙන එක තමා ටාගට් එක. පුංචිම තැනකින් පටන් අරගෙන විවිද හැල හැප්පීම් මත අද මම යම් මට්ටමකට මේක ගෙනල්ලා තියනවා මගෙයි වයිෆ්ගෙයි උත්සාහයෙන්. දැන් වයිෆුත් පුංචි ගාමන්ට් එකක් පටන් අරන් තියනවා. Customized Bags මහන්න. අපි දෙන්නගෙම බිස්නස් වලට මැටීරියල්ස් ගේන්න දැන් වාහනයක අවශ්‍යතාවය තියනවා. ත්‍රීවිල් හයර් කරන් ගියාම ගේන්න පුලුවන් බඩු ප්‍රමාණය අඩුයි. කොස්ට් එක වැඩී. රෙන්ට් එකට අරන් යන්නත් දවසකය 5500යි කිලෝමීටර් 100ක ලිමිට් එකකට. ඉතින් මම වාහනයක් ගන්න බැලුවේ මටම කියලා වාහනයක් ගත්තා නම් යකඩ ටික හරි ඉතුරු වෙයිනේ කියලා. තව තව බිස්නස් පටන්ගන්නත් මේ ප්‍රෙස් එක ටිකක් ස්ටේබල් කරගන්න ඕනි බං. ආය කවුරුවත් යටතේ ජොබ් කරන්න අදහසක් නෑ. මේ බිස්නස් එකට රිලේටිව් වන බිස්නස් එකක් හෝ කීපයක් කරන්නයි, ගොවිපොලක් පටන් ගන්නයි තමා හීනයක් තියෙන්නේ

    බඩී වෑන් වල Engine Capacity එක මදී නේද බං. ඒකයි පෙට්‍රල් කාර් එකක් ගන්න බැලුවේ. ඩීසල් වෑනුත් තියනවා මේ ගමන් වලටම. ඒත් නඩත්තු වියදම වැඩි නිසා කොකටත් තෛලේ කියලා වැගන් කාර් එකකට යන්න බැලුවේ. පස්සේ ටිකක් හොද වාහනේකට යනකම්.
    ------ Post added on Nov 6, 2023 at 10:15 PM

    Mchn
    oya Bookshop ekak hari Podi Communication ekak hari karan yanawda ?

    Oya business ekata related wena hinda kiwwe,

    Diesel model ehemath thiyenwa neda oya car type ekata

    man danne na athathatama car van subject eka,

    mage adurana ayiya kenek nam gaththa 2020 wage kaledi Nissan model ekak,

    eyath oya widiyata game gihin godak badu genwa,

    eyatath repair tikak awa,

    e dawaswala within 1 Laks wage

    kohoma hari mchn parana wahanyak gaththama mokak hari case ekak enna thiyenwa eka para nathi wunath
    e handa ekata ready welath inna, athe ganak thiyan

    1-2 Laks wage Backup ekata

    Lease dala aran gana wadi weyi neda oya wage adu down payment ekakata,. ???

    gewila iwara weddi wagema warike ehema ?

    Diesel 3 wheel ekaka oya tharamma nathth eeta tikak aduwen load eka adinna puluwan Thanne yanwanam,

    peralenne nam na petrol wheel wage, maintenance fees aduyi car ekakata wada.

    habayi ihin car ekaka thiyena comfortable eka naha, hoda comfortable seat dapuwama ida tikak adu wenwa athule,

    Threewheel charge eka nathi wena ekayi anik weda lesii wena eka nam aththa,
    habayi mchn Petrol Saving ekama neme maintenace cost ekath ekathu wenwa
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    CT 100 එකේ .

    පැසේන්ජර්ලා මහ ගොඩක් නෑ බං.

    මමයි නෝනයි බබයි විතරයි.

    Surprise Wow GIF by SWR3
     
    • Haha
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    උබ කියනවා වගේ හොද කන්ඩිශන් පරණ වාහනයක් හොයන්නනං සල්ලි අතේ තියාගෙන ටෙක්නීශියන් කෙනෙකුත් රෙඩිපිට තියාගෙන ලංකාව වටේ ගිහිං මාස 3ක් වත් කට්ටක් කන්න වෙනවා. 90%ක්ම පරණ වාහන ලෙඩ ගොඩවල් බං. කෝසලයා නං ටිකක් ඕනවට වඩා බර දාලා කියන්නෙ පරණ වාහන ගැන හැබැයි ඌ කියන කතාවෙ ඇත්තක් තියනවා
    ------ Post added on Nov 6, 2023 at 9:35 PM
    ටෙක්නීෂියන් කෙනෙක් නං ඔ්න නෑ බං. පොඩ්ඩක් කියවලා, යූටියුබ් බැලුවා නං තමන්ටම වාහනේ බලාගන්න පුලුවන්. මම නං මේ දක්වා කරලා තියෙන්නෙ එහෙම . තාම නං චාටර් වාහනයක් සෙට් උනේ නෑ. අනික ඔය බලනවා කියන එක ලංකාවෙ වාහන ගන්න උන්ගෙන් 98%කටම කරන්න වෙනවා. අලුත්ම වාහන ගන්න උන් ඉන්නෙ අතලොස්සයිනෙ. ඉතිං මොන වාහනේ ගත්තත් ඔය බැලිල්ල බලන්න වෙනවා.

    අලුත් පරණ කියල නෑ බං වාහන මොක උනත් ටික කාලයක් හොයන්න වෙනවා. පරණ වාහන වලට විතරක් නෙමේ අලුත් වාහනවලටත් කට්ටිය ජිල්මාට් දාල තියනවා. කොලිටි පරණ වාහනයක් හොයාගන්න අලුත් එකකට වඩා කාලය වැය කරන්න වෙනවා. ඒක ඇත්ත.

    හැබැයි ඉතිං ගන්න එක්කෙනාගෙ ආර්ථික මට්ටම අනුව ඒක වර්ත් වෙන්න පුලුවන්. මොකද ඔය පරණ වාහනවල වැඩිය සංකීර්ණ කෑලි බෑලි නෑ. ඒ නිසා අමතර කොටස් හදවලා හරි දාන්න පුලුවන් නැත්තං. ඒ වගේම නඩත්තු වියදම අඩුයි. (මං මෛ් කියන්නෙ හුඟක් පරණ ඒව ගැන නෙමේ. ෆුල් රීස්ටෝර් කතන්දරේ වෙනම සීන් එකක්. ඒකට නං සෑහෙන මුදලක් යනවා
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,905
    2,694
    113
    මචන් උබ කරන business එකත් එක්ක උබට ඔච්චර අමාරුයි කියල හිතන්න අමාරුයි නෙ. උබ සල්ලි ඉතුරු කරනවද
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    මචන් උබ කරන business එකත් එක්ක උබට ඔච්චර අමාරුයි කියල හිතන්න අමාරුයි නෙ. උබ සල්ලි ඉතුරු කරනවද
    තාම පටන් අරන් එච්චර ලොකු කාලයක් නෑ. බිස්නස් කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. කොරෝනා කාලෙන් පස්සේ වැඩ හොදටම අඩු වෙලා දැන් තමයි ටික ටික හරියන්නේ. කඩදාසි මිල ගොඩක් වැඩි වෙලා තිබ්බේ ගිය අවුරුද්දේ
     
    • Like
    Reactions: NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    තවත් එකතු කිරීමක්,

    පරණ වාහන බලද්දී වාහනේ වැස්සට දාලා බලන්න front/rear windshield, hood, tailgate, කාණු, ලයිට් කටවල් වගේ ඒවලින් වතුර ඇතුලට leak වෙනවද කියලා. වැස්සට දාන්න බැරිනම් හොදට වතුර දාල හරි check කරගන්න. සමහර leak නම් අහුවෙන්නේ සැර වතුර පාරවල්වලට විතරය්. පරණ වාහන කියල නැහැ wagon, estate, van ගන්නකොට ඕවා කොහොමත් බලන්න. tailgate frame වල corrosion එහෙම හදනවා කියන්නේ ලොකු කතාවක්. beading වටේට නිකන් silicone දාලා හරියන්නේ නැහැ. windshield කපල ගලවල හරියට ටින්කරින් කරලා අලුතෙන් beading දාලා, හොද urethane (3M, BERNER, එහෙම නැතිනම් normal රතු පාට එක හරි කමක් නැහැ) එකක් දාලා, ආයේ හයි කරන්න ඕනේ. ඔතන පරණ accident තියෙන්න පුළුවන්, ඒ හින්ද frame එක හරියට හදන් නැතුව ඔහේ හදල තියෙන්න පුළුවන්, ගැලෙව්වට පස්සේ තමයි කොහොමත් බලන්න ඕනේ. කොහොමත් windshield එකක් ගලවනවා කියන්නේ risky කතන්දරයක්. මොකද කපල ගලවනකොට chain එක රත්වෙලා වීදුරුවේ ගැවිලා වීදුරුව හීරෙන්න පුළුවන්, tint එකක් තියෙනවා නම් damage වෙන්න පුළුවන්, පරණ පෙන්නේ නැති පොඩි crack එකක් එහෙම තියෙනවා නම් ගලවනකොට වැඩි වෙන්න පුලුවන්, ගලවලා storage එකේ තියෙනකොට crack වෙන්න පුලුවන් (windshield එකකට මුහුණත ට එල්ල වන පහරක් හොදින් දරාගන්න පුළුවන් උනත් වටේට දාරේ දිගේ එන ඒවාට weak. බිම තියෙනකොට පොඩ්ඩක් වැඩිපුර හයියෙන් තිබ්බත් crack වෙන්න පුළුවන් ලේසියෙන්ම). ඔය වගේ හේතු නිසා සමහරවිට අලුතෙන් windshield දාන්න වෙන්න පුළුවන්. සාමානයෙන් windshield වල ගණන් වාහනේ අනුව 15,000/= සිට 35,000/= දක්වා වෙනව. ආයේ සමහර model වලට හරියටම හරියන windshield හොයාගන්න සැහෙන්න අමාරු වෙන්න හැකියි. reconditioned ජපන් තිබ්බොත් හොදයි. නැතිනම් brand new ඒවල measurements හරියට තියෙන ඒවා ඕනේ. ඕවා මාරු කරනකොට අනිවාර්යයෙන් beading මාරු කරන්නත් වෙනවා. මොකද අවුරුදු ගණන් කරවෙලා තියෙන එකක් කපල ගලවලා ආයේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් වාහනේ model එකට ඔරිජිනල්ම එන එකක් තිබ්බොත් හොදයි. ඒත් 9,000-10,000/= යයි එතනට. original නැතිනම් හරියන size එකෙන් role හොයන් කපල දාගන්න ඕනේ. අඩියක් 750ක් වගේ වෙන්නේ. windshield එකකට සාමාන්‍යයෙන් අඩි 9ක් වත් යයි. ඒ කියන්නේ 7,500/= වගේ යයි. වාහනේ අනුව හොයාගන්නත් පොඩ්ඩක් කට්ටක් කන්න වෙයි. අනික ඔය ඔක්කොම කරලා හයි කරත් ආයේ වතුර leak විය හැකියි. එතකොට ආයේ ගම් (urethane) දාදා try කරන්න ඕනේ. පොඩි case එකක් නම් හොදයි. නැතිනම් ආයේ windshield කපල ගලවල අලවන්න වෙනවා. ඉතින් ඔය වගේ case එකක් තියෙනවා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. ගන්නවා නම් ඒවාට repairs වලට හිත හදාගන්න සහ සල්ලි තියාගන්න.