[අභිධර්මය] ටිති අවස්ථාව

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ එක එක්කෙනා කියලා තියන දේ වලින් තෙරෙන්නෙ මේ ගැන කොහේවත් පැහැදිළි ඉගැන්වීමක් නැහැ වගේ. එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල. එතකොට මේකෙ හරි පාර හොයාගන්නෙ කොහොමද?
    ත්‍රිපිටකය
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඇත්තටම මට ඔයාට තරම් ගැඹුරු කරුණු තේරෙන්නෑ

    රුප, වේදනා, ... (සන්ස්කාරයක)
    වල දුක ස්වාබාව්ය
    උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
    ඔයා හාමුදුරු නමක් ද ?



    බුදු හාමුදුරුවෝ කියලා තියනවලු ජනපද නිරුක්තියෙන් දහම දෙසනා කරන්න කියලා
    ඒ කියන්නේ ඒ ඒ කාල වලට අදාළ ඒ ඒ තැන් වලට අදාළ උදාහරණ අරන්
    පැහැදිලි කරන්න කියලා

    ඇත්තම කියනවා නම් මේ කියන බරපතල රුප, වේදනා,චයිතසික ,සන්කාර වගේ දේවල් මට තේරෙන්නෑ
    හැබැයි
    කවුදෝ සමින්වහන්සේ කෙනෙකුගෙන් එක පාරක් බන අහගෙන ගියපු
    කුජ්ජුත්තරා කියලා රජ මාලිගාවට මල් ගෙනියන කාන්තාවක්
    දහම කියලා දීලා බිසෝවරු 500ක් සෝවාන් උනාලු

    මගේ ප්‍රශ්නේ තමයි එකපාරක් බන අහපුවාම ඔය කියන තරම් බරපතල කාරනා කියන්න ඇති ද

    මට හිතෙන්නෙම අපි මේ අනවශ්‍ය වචන ජාලාවක පැටලිලා ඉන්නේ
    මොකක් හරි විදියක් තියෙන්න ඕනේ මේක සරලව පැහැදිලි කරන්න

    මම ඇත්තටම හොයන්නේ කුජ්ජුත්තරා අර බිසෝ වරු 500 ට මොනවද කිවේ කියන එක
    ------ Post added on Dec 2, 2023 at 7:40 AM
    එහෙම කොහොමද මහත්තයො, එතකොට අපි කොහොමද අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත වගෙ පට්ටං ගහන්නෙ? එහෙම නැත්තං බුද්ධාගම පිළිබඳව විද්වත්තු කියල label ගහගෙන අත්තනෝමත සමාජ ගතකරන්නෙ...
    පිස්සු නම් කතා කරන්න එපා මහත්තය :D:rofl::D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    @lankalk කියල දෙයි. එළ කොල්ලෙක්. :yes:

    කමට හම කියන්නෙ මොකක්ද?
    කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.:no:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    විද්වත්තු කියල label ගහගෙන
    මේක නම් ඇත්ත
    ඇත්තටම මට හිතෙන්නේ ඒ විස්තර කියන අය වත් ඒ කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව ඇති
    එක හාමුදුරු නමකගේ video එකක් දැක්කා
    එක දවසක කියන එකේ සම්පුර්ණ අනික් පැත්ත තව දවසක කියනවා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කවුදෝ සමින්වහන්සේ කෙනෙකුගෙන් එක පාරක් බන අහගෙන ගියපු
    කුජ්ජුත්තරා කියලා රජ මාලිගාවට මල් ගෙනියන කාන්තාවක්
    දහම කියලා දීලා බිසෝවරු 500ක් සෝවාන් උනාලු
    බුදුරජාණන් වහන්සේ තමයි ඛුජ්ජුත්තරාට ධර්මය දේශනා කළේ.
    මගේ ප්‍රශ්නේ තමයි එකපාරක් බන අහපුවාම ඔය කියන තරම් බරපතල කාරනා කියන්න ඇති ද
    ඒක පුද්ගලයා අනුව වෙනස්.
    පුක්කුසාති රජතුමාට පළවෙනි දිනයේම ගැඹුරු ධර්ම කාරණා දේශනා කළා. (ධාතු විභංග සූත්‍රය)
    https://tripitaka.online/sutta/816

    ඡත්ත මානවකට ඒ ධර්මය දේශනා කළේ නෑ. තෙරුවන් සරණයේ සහ සීලයේ පිහිටවූවා. ඔහු මරණින් මතු තව්තිසාවෙ උපත ලැබුවා.

    බුදු කෙනෙකුටම ආවේණික වුණ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය (සත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති ආකාරය දකින ඤාණය) කියන ඤාණයෙන් උන්වහන්සේ දකිනවා ඒ ඒ කෙනාට සංවේදී වෙන්නෙ, අවබෝධ වෙන්නෙ මොන විදිහටද කියන එක.

    ඔය සම්බන්ධව නම් උදාහරණ ඕනෙ තරම් තියෙනවා.
     
    • Love
    • Like
    Reactions: amino and lankalk

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    පළමු දේ තමයි , අපිට කවමදාවත් රූප වේදනා සංඥ සංකාර විංඤණ කියන ස්කන්ධ පංචකය වෙන්වෙන් වශයෙන් හමුවෙන්නේ නැහැ . මේ පහම ඇති තැන යම් පලයක් තමයි හැමවිටම හමුවෙන්නේ . පලය හමුවෙන විට අපි ළඟ දැනුමක් තියෙන්න ඕන, පලය වේශයෙන් ඇවිත් තියෙන්නේ මේ මේ හේතු ටික කියල.
    උදා: තේ එකක් ගන්න .
    පිටි සීනි උණුවතුර තේකොල මිශ්‍ර කලපසු අපිට හම්බවෙන්නේ මොකද්ද? ගොඩක් අය කියයි තේකක් කියලා .
    නමුත් සත්‍ය වශයෙන් එතන තියෙන්නේ පිටි සීනි උණුවතුර තේකොල කියන ටික විතරයි. තේක රසයි කියල කියද්දී , ඇත්තටම අපි රසයි කියල තියෙන්නේ එක්කෝ පිටි,එක්කෝ සීනි ,එක්කෝ උණුවතුර ,එක්කෝ තේකොල.

    එතකොට එහෙමනම් ඇත්තටම තේ කියන්නේ මොකද්ද ?
    තේ කියල දෙයක් නැද්ද ?
    තේ කියල දෙයක් තියෙනවද?
    මේ විදියේ විවිද ප්‍රශ්න (දෘෂ්ටි) හිතට නැගෙයි .
    සත්‍ය නම් , පිටි සීනි උණුවතුර තේකොල මිශ්‍රණය ඇස් ඉදිරිපිට තියෙන විට, තමාගේ සිතට තේ යන අදහස උපදිනවා .එක අදහසක් , සිතුවිල්ලක් .
    ඒ සිතුවිල්ල ඇස ඉදිරිපිට තියෙන පිටි සීනි උණුවතුර තේකොල වලට අයිති නෑ .
    අපි සසරේ යන්නේ ඇස් ඉදිරි පිට තියෙන රූපය ට ,සිතේ නැගෙන සිතිවිල්ල සම්බන්ධ කරලා බලන හින්ද .
    තවදුරත් කියනවනම්, දැකීමක් ඇති උනාම ,ඊට අනුරූපී ව මේ අහවල් දේ ,මේක හොඳයි /නරකයි හෝ කුමක් හෝ සිතනවානම් ඒ සිතන බව, අර දැකීමට අයිති නැත.

    මේ පැහැදිලි කිරීම අනිත් ආයතන වලටත් සමානයි . එක ආයතනයක් පිරිසිඳ දැක්කොත් අනිත් ආයතන ටිකත් පිරිසිඳ දැක්ක වෙනවා. ආයේ කනට,දිවට, වෙනම බලන්න ඕන නැහැ .

    එතකොට තේ කියන සිතුවිල්ල හැදිලා තියෙන්නේ මොනවා වලින්ද ? එතන රූප වේදනා සංඥ සංකාර විංඤණ කියන ස්කන්ධ පංචකයම තියෙනවා. ඒකයි කිව්වේ ස්කන්ධ පංචකය වෙන්වෙන් වශයෙන් හමුවෙන්නේ නැහැ කියල. එතකොට ස්කන්ධ පංචකය ඇති තැන දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් තමයි ඇති වෙන්නේ .
    දිට්ඨ, සුත, මුත, විඤඤත
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    @lankalk කියල දෙයි. එළ කොල්ලෙක්. :yes:


    කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.:no:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:තමන්ගේ ශක්ති මට්ටමේ ස්වබාවය (කාරනා පහක් බලනවා ඒවා කිවුව කියල වැඩක් නෑ) අවබෝද කරගත්ත ගුරුවරයා තමන්ට කල්පනා කරන්න/පුහුණු කරන්න ලබාදෙන එක දයිෂික/එක පැත්තක් සහිත කරුණ/කාරණය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:තමන්ගේ ශක්ති මට්ටමේ ස්වබාවය (කාරනා පහක් බලනවා ඒවා කිවුව කියල වැඩක් නෑ) අවබෝද කරගත්ත ගුරුවරයා තමන්ට කල්පනා කරන්න/පුහුණු කරන්න ලබාදෙන එක දයිෂික/එක පැත්තක් සහිත කරුණ/කාරණය.
    මම මේ උට ආතල් එකක් බන් දුන්නෙ. මට උබ එක්ක වාද කරන්න තරම් දැනුමකුත් නෑ. :yes:
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම මේ උට ආතල් එකක් බන් දුන්නෙ. මට උබ එක්ක වාද කරන්න තරම් දැනුමකුත් නෑ. :yes:
    උඹ මෙන්ෂන් කරපු නිසා මම ඔය ටික ලිවුවේ.මම වාද වලට කොහොමත් නෑ.හේතුව කාටවත් කිසි දෙයක් හරියට අවබෝද කරගන්න අවශ්‍ය කාලයක් නෙමේ මේක.බලපන් මං අසබ්ය වචන උපහාසයට පාවිච්චි කරන තරං. :ROFLMAO: නිර්වාන මාර්ගය කියන්නේ කුඩු කාපු රිලවා වගේ බකන් නිලාගෙන පට්ට බයේ යන ගමනක් නෙමේ. පාර වරද්දල දුන්න ජයින ලොක්ක නිසා සිංහල උන් ඉන්නේ මෙහෙම
    cat-dog.gif
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,900
    2,499
    113
    colombo
    @lankalk කියල දෙයි. එළ කොල්ලෙක්. :yes:


    කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.:no:
    කමටහම කියල එකක් බයිබලේ ද තිබ්බේ
    භාවනා වල තියෙන්නේ කමටහන්
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    හරි බන්. ඒත් එහෙම යනව කියල කෙනෙක්ට බොරු උනත් කියන්න පුලුවන් නේ. පිටින් බලන කෙනෙක්ට ඒක තේරෙන්නෙ නැද්ද?
    බොරු කියන්නේ නෑනේ සාමාන්‍යයෙන්. අනික ඕක ධර්මය කටපාඩම් කරාට බෑ කියලත් දන්නවා ධර්ම භාණ්ඩගාරික ආනන්ද හාමුදුරවො රහත් නොවුන එකෙන්. මොකක් හරි විදියක් ඒ කාලෙත් තියෙන්න ඇති වෙන් කරගන්න. නැත්තං රහත් උනා කියල ලේසියෙන්ම පෙන්නන පුළුවන් නෙ ධර්මය කටපාඩම් නිසා.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිර්වාන මාර්ගය කියන්නේ කුඩු කාපු රිලවා වගේ බකන් නිලාගෙන පට්ට බයේ යන ගමනක් නෙමේ. පාර වරද්දල දුන්න ජයින ලොක්ක නිසා සිංහල උන් ඉන්නේ මෙහෙම
    :yes: :yes: :yes:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බුදුරජාණන් වහන්සේ තමයි ඛුජ්ජුත්තරාට
    මම අහල තිබුනේ වෙන පොඩි ස්වාමින්වහන්සේ නමක් ගෙන් බන ඇහුව කියලා
    සමහර විට මට පටලවිලා වෙන්න ඇති
    ඛුජ්ජුත්තරාට නම් නෙමෙයි කුජ්ජුත්තරා ඒ කාන්තාවගේ කොන්දේ මොකක්දෝ ඇදයක් තිබුන නිසාලු ඒ නම තියෙන්නේ
    ඒක පුද්ගලයා අනුව වෙනස්.
    ඔවු එකත් මම අහල තියනවා
    රජතුමා මුණගැහුනේ කුඹල් ගෙයකදී කියලා ලස්සන කතාවක් මතකයි

    මම උත්සහ කලේ
    කවුරු හරි සරලවම කියපු දෙයක් හොයා ගන්න තිබ්බා නම්
    අපිට (මට) තේරුම් ගන්න පහසු වෙයි නේද කියන අදහස

    බොහොම පින් අදහස් දැක්වුවට
     
    • Love
    • Like
    Reactions: S_M_S and lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඛුජ්ජුත්තරාට නම් නෙමෙයි කුජ්ජුත්තරා ඒ කාන්තාවගේ කොන්දේ මොකක්දෝ ඇදයක් තිබුන නිසාලු ඒ නම තියෙන්නේ
    හරි. පාලියෙන් "ඛුජ්ජ" කියන්නෙ "කුදු" කියන එක.
    කුදු උත්තරා = ඛුජ්ජුත්තරා
    කුදු තිස්ස = ඛුජ්ජතිස්ස
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ත්‍රිපිටකය
    එතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    එතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?
    pitaka.lk eke abhidarma pitakaya nane
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
    චිත්තක්ෂණයක් කියන කාලයම හිතාගන්නවත් බැරි අතිශ්‍ය සියුම් වෙලාවක්, ඒ කොටසම තමා ඔය උත්පාද ටිති බංග කියල වෙන් කරන්නේ, එක තප්පරායක් තුල චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගණනක් ඇති වෙලා නිරුද්ද වෙද්දී, කොහොමද නිත්‍ය ස්වබාවයක් දෙන්නේ, අනික ටිථි ය කිව්වත් අනිත්‍ය වෙමින් පවතින කියලා කියන්නේ.

    ඔය තප්පරයක් තුල චිත්තක්ෂණ කොටි ලක්ෂ ගාණක් ඇති වෙන නිසා තමි, කුසල් අකුසල් මහත් පල විදිහට වැඩ කරන්නේ,
    යම් කර්මයක් රස කරද්දී කොච්චර වෙලාවක් ගත කරනවද ඒ සමානව මහා චිත්තකෂණ ගොඩක්, කුසල් හෝ අකුසල් ගොඩක්,
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?
    ත්‍රිපිටකය ඇසුරෙන් ධර්ම කාරණාවක් කියනවා නම් ඒකට මූලාශ්‍රය (link එක) ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.