[අභිධර්මය] ටිති අවස්ථාව

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මාත් මේ ගැන හිතුව (නලින් ද සිල්වා සර්ගේ blogpost එකක තිබ්බ).

    අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන පැහැදිලි කිරීම නිවැරදි එකක් වෙන්න බැහැ

    රූපං භික්ඛවේ අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං . යං දුක්‌ඛං තදනත්‌තා . යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ චිත්‌තං විරජ්‌ජති, විමුච්‌චති අනුපාදාය ආසවේහි. වේදනා ....(පෙ).... සඤ්‌ඤා ....(පෙ).... සංඛාරා ....(පෙ).... විඤ්‌ඤාණං ...

    පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. වේදනාව ....(පෙ).... සඤ්ඤාව ....(පෙ).... සංස්කාර ....(පෙ).... විඤ්ඤාණය .....

    https://tripitaka.online/sutta/3299
    අවශ්‍ය නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් බලන්න
     
    • Like
    Reactions: kinkon and ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22

    රූපං භික්ඛවේ අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං . යං දුක්‌ඛං තදනත්‌තා . යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ චිත්‌තං විරජ්‌ජති, විමුච්‌චති අනුපාදාය ආසවේහි. වේදනා ....(පෙ).... සඤ්‌ඤා ....(පෙ).... සංඛාරා ....(පෙ).... විඤ්‌ඤාණං අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ චිත්‌තං විරජ්‌ජති, විමුච්‌චති අනුපාදාය ආසවේහි.

    පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. වේදනාව ....(පෙ).... සඤ්ඤාව ....(පෙ).... සංස්කාර ....(පෙ).... විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.

    https://tripitaka.online/sutta/3299
    අවශ්‍ය නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් බලන්න
    මම මේකත් දැක්ක ඒත් මට ඔක්කොම පැටලිලා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    මාත් මේ ගැන හිතුව (නලින් ද සිල්වා සර්ගේ blogpost එකක තිබ්බ).

    අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන පැහැදිලි කිරීම නිවැරදි එකක් වෙන්න බැහැ
    දුක නිසා අනාත්මයි කියල එකක් නෑ. අනාත්මයි කියන්නෙ ආත්මයක් නෑ කියලනෙ.,
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
    udaa harana vidiyata kiyanawa

    minissu leda wenawa අනිත්‍ය yi
    konde sudu wenawa අනිත්‍ය yi
    e nisaa dukayi kiyalaa

    ethakota api hithanne ne
    lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
    kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
    konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa

    budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
    me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa

    thawa tikak hoyanna
    mama waradi deyak kiyala nam matath kiyala denna
    ලෙඩේ අනිත්‍ය වීම නිසා සුවයක් ලැබෙනව කියන්නෙ ඊට වඩා සුවයක් ඊළඟට ලැබීම නිසානෙ..
    මෙහෙම හිතන්ඩකො හිසරදයක් හැදිල තිබිල ඒක සුවවෙලා ඊට වඩා අමාරු හිසරදයක් ඊළඟට හැදෙනව කියල.. ඒක සැපක් නෑනෙ..
    තුවාල වෙච්ච කකුලක් තියෙනව, ඒක නැතිවෙලා යාම සුවයක්ද!!
    ඩොක්ටර් කෙනෙක් කීවොත් තුවාල කකුල කපල දාන්ඩ කියල ..
    තුවාලෙ එක්ක උනත් කකුල තිබ්බ නන් හොඳයි කියල හිතෙනව නේද...
    තුවාලෙ නැතිවීම තුවාලෙට වඩා හොඳයි කියල හිතෙන්නෙ එතනට අලුතෙන් මස් දාල, තුවාලෙ හොඳ වීම නිසයි..
    නැත්තන් තුවාලෙ නැතිවීම (තුවල කකුල කපල දැමීමට වීම ) දුකයි..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බොහොම කනගාටුයි මට ඒත් තේරුනේ නැහැ :(
    ඔය ඨිති කියන අවස්ථාව තුලත් අයෙකුට නිරීක්ෂණය කරන්න පුලුවන් වෙනස් වීමක්. උත්පාදයත් වෙනස්වීමක්, ඨිතස්ස අඤඤථත්තංයත් වෙනස්වීමක් වයත් වෙනස් වීමක්. ඔය අවස්ථා තුනේදීම යෝගියා නිරීක්ෂණය කරන්නෙ වෙනස්වීම.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ඔය ඨිති කියන අවස්ථාව තුලත් අයෙකුට නිරීක්ෂණය කරන්න පුලුවන් වෙනස් වීමක්. උත්පාදයත් වෙනස්වීමක්, ඨිතස්ස අඤඤථත්තංයත් වෙනස්වීමක් වයත් වෙනස් වීමක්. ඔය අවස්ථා තුනේදීම යෝගියා නිරීක්ෂණය කරන්නෙ වෙනස්වීම.
    ම්ම් තව ටිකක් හිතල බලන්නම් ගොඩාක් පිං
     
    • Like
    Reactions: greenthunder

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලෙඩේ අනිත්‍ය නිසා සැපයි කියලා අර්ථයක් එන්නෑ.
    අපි ලෙඩක් නැතුව ඉන්න එක අනිත්‍ය නිසා අපිට ලෙඩ හැදෙනවා
    එතකොට දුකයි
    එතකොට ලෙඩ අනිත්‍ය නිසා අපිට ලෙඩ සනීප වෙනවා
    එතකොට අපිට කොහොමද දුක වෙන්නේ

    මම ලොකුවට ඔය පාලි අභිධර්මය දන්නේ නෑ
    මට ඔය උද තියන ගැටලුව තියනවා

    ඔයා කියන විදියට ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක සැපක් නෙමෙයි නම්
    සනීපෙට ඉන්න එක අනිත්‍ය වෙලා ලෙඩ වෙන එක දුකක් වෙන්නත් බෑ
     
    • Like
    Reactions: lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපි ලෙඩක් නැතුව ඉන්න එක අනිත්‍ය නිසා අපිට ලෙඩ හැදෙනවා
    එතකොට දුකයි
    එතකොට ලෙඩ අනිත්‍ය නිසා අපිට ලෙඩ සනීප වෙනවා
    එතකොට අපිට කොහොමද දුක වෙන්නේ

    මම ලොකුවට ඔය පාලි අභිධර්මය දන්නේ නෑ
    මට ඔය උද තියන ගැටලුව තියනවා

    ඔයා කියන විදියට ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක සැපක් නෙමෙයි නම්
    සනීපෙට ඉන්න එක අනිත්‍ය වෙලා ලෙඩ වෙන එක දුකක් වෙන්නත් බෑ

    විනාඩි 6ක් වගේ තියෙන්නෙ. සම්පූර්ණයෙන්ම අහන්න.

    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අනිත්‍ය වීම නිසා සුවයක් ලැබෙනව කියන්නෙ ඊට වඩා සුවයක් ඊළඟට ලැබීම නිසානෙ
    නැතිවීම තුවාලෙට වඩා හොඳයි කියල හිතෙන්නෙ
    මෙහෙම හොඳ පැත්තට හැරෙනවානම්
    ඒ කියන්නේ තුවාල / අසනීප අනිත්‍ය නිසා එක දුකක් නෙමෙයි සැපක්​
    කකුල කපල දාන්ඩ කියල
    ඊට වඩා අමාරු හිසරදයක්
    අසනීපෙ අනිත්‍ය තව නරක පැත්තට හැරෙනවා නම් ඒක දුකක්
    මට හිතෙන විදිය
    එකම අනිත්‍ය කතාවක අපිට පැහැදිලිවම අදුරගන්න පුළුවන් වෙන්න දුකයි සැපයි පෙන්න තියනවා නම් බුදුහාමුදුරුවෝ කියයි ද අනිත්‍ය දුකයි කියලා විතරක්
    එහෙනම් බුදු හාමුදුරුවෝ කියයි වෙලාවකට දුකයි වෙලාවකට සැපයි කියලා
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්,
    කොහොමද බන් එහෙම ධ්‍යාන වලට යනවමයි කියන්නෙ?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    යන කෙනාට එක දැනෙනවා.

    විතක්ක
    විචාර
    පිතී
    සුක
    එකඟතා
    හරි බන්. ඒත් එහෙම යනව කියල කෙනෙක්ට බොරු උනත් කියන්න පුලුවන් නේ. පිටින් බලන කෙනෙක්ට ඒක තේරෙන්නෙ නැද්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ම්ම් තව ටිකක් හිතල බලන්නම් ගොඩාක් පිං

    ඒ වාක්‍යයේ අන්තර්ගත විශේෂ කාරණය තමා චමෝද් සිදුවෙන වෙනස්වීම පවා වෙනස් වෙමින් සිදුවෙන බවට නිරීක්ෂණය වීම. ඒ ගැන අවධානය යොමු කරමින් හිතලා බලන්න.

    උදාහරණයට ගන්න හුස්ම රැල්ල. ආනාපානය ප්‍රමුඛ කරගෙන සතර සතිපට්ඨානය වඩන යෝගාවචරයාට කල්යාමේදී ආනාපානයේ විවිධ අවස්ථා ප්‍රකට වෙනවා. ආනාපානයේ මුල මැද අග වශයෙන්. උත්පාද ඨිති භංග වලට ඕක දැම්මොත් ආනාපානයේ මුල උත්පාදය, මැද ඨිතියත් අග භංගයත් විදිහට දක්වන්න පුලුවන්. එහෙම මුල මැද අග ප්‍රකට වුන යෝගාවචරයාට තවත් කාලයක් ගිහින් එක් ආශ්වාසයක් හෝ ප්‍රශ්වාසයක් තුල "අවස්ථා" රාශියක් ප්‍රකට වෙනවා. හරියට නිකං හුස්ම ඇතුලෙ තව පුංචි හුස්මවල් වගේ, ඒ පුංචි හුස්මවල් ඇතුලේ තවත් අනු-පුංචි හුස්මවලුත් අත්දකිනවා. ඒ එක පුංචි හුස්මක් වත් කලින් පුංචි හුස්මට සමාන නැහැ. ඒ එක අනු-පුංචි හුස්මක්වත් කලින් හෝ පසුව අනු-පුංචි හුස්මකට සමාන නැහැ. ඒ කියන්නෙ මේකයි අරකයි සමානයි කියලා කියන්න එකලඟ නිරීක්ෂණය වුනු පුංචි හෝ අනුපුංචි අවස්ථා දෙකක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේක ආශ්වාසයේ මැද එහෙමත් නැතිනම් ආශ්වාසයේ ඨිති අවස්ථාවටත් අදාලව තමා නිරීක්ෂණය වෙන්නෙ. යෝගාවචරයාගේ නිරීක්ෂණයට ලක්වෙන්නෙ වෙනස් වීමක් සහ ඒ වෙනස්වීමෙ නිරීක්ෂණය කල හැකි එක ලඟ අවස්ථාත් එකිනෙකට වෙනස්.
     
    ගොඩක් පින්
     
    • Like
    Reactions: greenthunder

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    Sabba kaya kiyanne mokatada?mage sampurna kayatada nattan,mage rupenui bahira rupenui midila itiri wena ashawasa prashawasetada?

    Satipattana sutre sinhala meaning eka tiyenne mage sampurna kaya kiyala.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං

    හේතුවක් නිසා ඇතිවෙලා...හෙතුව නැති වෙනකොට නැති වෙනවනම්...අනිත්යයි...

    දැන් ඔතන රුපය...හෙතුවක් නිසා ඇත් නැත් වෙන නිසා අනිත්යයි...එත කොට..ඔතන...උප්පාද, තිති, බන්ග ඇති වෙන්නෙ හේතුවක් නිසාද...ඔව්..එහෙනම් ඔය අවස්තා තුනත් අනිත්යයි...
     
    • Like
    Reactions: greenthunder