මේ වගේම එලවළු දරුණුවට ගණන් ගියා 2019 දෙසැම්බර් මාසේදී. ඒ මාස 6 ක් පුරා එක දිගට නුවරඑළිය, වැලිමඩ ප්‍රදේශ වලට ඇද වැටුණු වර්ෂාව නිසා.
පසුගිය මාස කීපය පුරාවටම රට පුරා ඇද වැටුනු වර්ෂාපතනය නිසා වගා හානි බොහෝ උනා. වැස්ස වැඩි කොට කන්ද උස බෑවුම් වල තියෙන ගොවි බිම් පාලනය කර ගන්න අමාරුයි. පොළොව හෑවත්, බීජ ගැහැව්වත්, පොහොර ගැහැව්වත් නිකම්ම හෝදං යනවා. පාලනයක් සහිතව, නියමිත ප්‍රමාණයෙන් වතුර දානවා වගේ නෙවෙයි.
ඒ වගේම ඇතැම් බෝග වැස්ස වැඩි වෙන කොට කුණු වෙනවා. පොළොවේ තෙත වැඩියි, අල බහින් ඒවා නාස්ති වෙනවා, මුල් කුණු වෙනවා, කොළ අස්සේ වතුර රැඳිලා කොළ කුණු වෙනවා, මල් හැලෙනවා. වැස්ස එක අපිට අස්වැන්න ලැබෙන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. එතකොට ගොවියට පාඩුයි නිසා සමහරු පායන කං වගා නොකර ඉන්නවා. වගා කරපු අයගේ අස්වැන්න පාඩු වෙනවා.
මේ සියල්ලේ ප්‍රථිපලය තමයි එහෙම වැහි කාලයකට පස්සේ එලවළු සැපයුම අඩු වෙන එක. සැපයුම අඩුවෙන කොටම මිළ ඉහළ යන්න පටන් ගන්නවා. විශේෂයෙන් අඛණ්ඩ සැපයුමක් අවශ්‍ය වෙන කැරට්, බෝංචි, ලීක්ස්, අල වගේ දේවල් වල මිළ බලං ඉද්දි උඩ යනවා.
ඉතිං මේක තමයි දැන් ලෝකයේ තත්ත්වය. දේශගුණික විපර්යාස නිසා ඇද හැලෙන වර්ෂාව අධිකයි. ඒවායින් කඳු නාය යෑම, ගං වතුර, වැව් පිටාර ගැලීම, නියඟ ආදී බොහෝ ස්වාභාවික විපත් ඇති වෙන්න පුළුවන්. ඒවායේම ද්වීතීයික බලපෑම තමයි මිනිසාගේම ආහාර සැපයුමට තර්ජන ඇති වීම.
ඒ වගේම අනිත් පැත්තෙන් ස්වභාවධර්මය තුලත් මේ අසමතුලිතතාවයන් වන සතුන්ට සහ ගහ කොළ වලට වෙනස් කම් ඇති කරනවා. ආහාර දාම බිඳී යෑම, වර්ගයා බෝ කරන ස්වාභාවික උපක්‍රම විනාශ වී යෑම ආදිය මෙන්ම බිත්තර දාන බිත්තර රකින රටා වෙනස් වීමේ ඉඳලා මීමැස්සන්ගේ කෘමීන්ගේ හැසිරීම වෙනස් වීම දක්වා මේ විපර්යාසය බල පවත්වනවා. පැවතුණ ක්‍රමය වෙනස් වෙලා අලුත් තැනකට ලෝකය තුලිත වෙනවා.
විශේෂයෙන් මානවයාට තියෙන ලොකුම අර්බුදය වෙන්නේ මේ ඔස්සේ එන ස්වභාවික විපත් වැඩි වීම, ආහාර නිශ්පාදනයට බාදා එල්ල වීම මෙන්ම පොළොවේ සෝදා යෑම ඉහළ යෑම නිසා පස නිසරු වී යෑම ආදි කරුණු දක්වන්න පුළුවන්.
මේකට අපිට ඉක්මනින් හුරු වෙන්න වෙනවා. Climate adaptation කියන්නේ ඒකට. විශේෂයෙන් ආහාර සැපයුම සුරක්ෂිත කර ගන්න නම් පොළොව ආරක්ෂා කරන, සෝදා පාලුව ආරක්ෂා කරන ක්‍රම වලට ආයෝජනය කරන්න ඕනේ. අනික් පැත්තෙන් හරිතාගාර නිර්මාණය කරන්න වෙනවා මහා පරිමාණයෙන්. විසඳුම තියෙන්නේ තාක්ෂණයේ. නියමිත තාක්ෂණයට, දැනුමට, පුහුණුවට ආයෝජනය නොකර ඔහේ ඉඳගෙන මේක බේරන්න ලැබෙන්නේ නෑ.
Climate Change එක ඇවිල්ලා ඉවරයි. ඔබ දැන් ව්‍යසනයට මුහුණ දෙන ගමන්. වෙනස් තවම ඔබ එහෙම එකක් පිළිබඳව නොදන්න එක. මේ රටේ ඒ ගැන සාකච්ඡාවක්වත් නැත්තේ ඒකයි. ඛේදවාචකය එයයි.
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර