මේ 2න් බන් බලන්නෙ
මේ 2ම දන්න වාහන 2ක් බන්. milage එහෙම අවුලක් නැ.tyre එහෙමත් original ඒවා තියෙන්නේ.nissan එකට තමා මන් ආස.අවුල ඒක දන් 20 years වගේ පරණයි.
------ Post added on Feb 23, 2024 at 7:09 PM
ඔව් නේද බන් රටේ තත්වෙත් එක්ක බලද්දි ඇල්ටෝ වගේ එකක් ගන්න එක හොදයි වගේ
------ Post added on Feb 23, 2024 at 7:12 PM
එහෙමනං, ඔය කියන තත්වෙන් වාහනේ තියෙනවනං,,
ඇල්ටො එක, නඩත්තුව පහසුයි වියදම් අඩුයි... ලඟ පාත දුවන්න ළමයි ඉස්කෝලෙ දාන්න කඩේට යන්න හොඳයි... ලෝං ට්‍රිප් වගේ ඩ්‍රයිවු කරනවනං වෙනිවැල්ගැට බොන්න වෙනව... සේෆ්ටි සෘණ...
Fb 15 එකත්, මැනුවල්නං එන්ජිමත් හොඳ තත්වෙ තියෙනවනං ඇල්ටො එකේ තරමටම තෙල් කරනව ඒ කියන්නෙ, දුර 20 පැනල තෙල් කරනව...
ඔටෝනං, දුර 17ක් 18ක් කරයි... සැප පහසුව උනත් හොඳයි..
නඩත්තුව ගත්තොත් සාමාන්‍ය සර්විස් වලට ඇල්ටො එකේ වියදමම තමයි යන්නෙ...
ලක්ශ දෙක පැනපු වාහනයක් නිසා ඔටෝ ගියර් බොක්ස්, එන්ජින්, සස්පෙන්ශන් රෙපෙයාර් එකක් වගේ සෙට් වුනොත් තමයි පොඩි පරහක් තියෙන්නෙ...
ඒව ගැන ශුවර් එකක් තියෙනවනං මම තෝරගන්නෙ b15 එක...