5KW ongrid Solar ගනන්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Net Metering
    මේකෙද් කිසිම ගෙවීමක් කරන්නෙ නෑ අපිට. අපි Export කරන ඒව ඉදිරියට ගෙනියනව. අපි මේ මාසෙ යුනිට් 500ක් Export කරොත් 300ක් යූස් කරොත් අර 500න් 300 අඩුවෙලා 200 ලබන මාසෙට ගෙනියනව. ලබන මාසෙ අපිට අර 200ත් පාවිච්චි කරන්න පුලුවන්, පාවිච්චි නොකරොත් ඒ මාසෙ ඉතුරු වෙන ඒවත් එක්ක ඊළඟ මාසෙට අරගෙන යනව. කිසිම ගෙවීමක් මේකෙදි වෙන්නෙ නෑ. අපි Export කරපු ගාන & Balance එකත් ඉවර වෙලා ඊට වැඩියෙන් Import කරොත් ඉතුරු බැලන්ස් එකට නෝමල් විදියට ගෙවන්න වෙනව.

    Net Accounting
    මේකෙ අපි Export කරපුව ඉස්සරහට ගෙනියන්නෙ නෑ. ඒ මාසෙ ඇතුලම Export>Import නම්, අර ඉතුරු ටිකට අපිට ගෙවනව මණ්ඩලෙන්, Import>Export නම් අර ඉතුරු ටිකට අපිට මණ්ඩලේට ගෙවන්න වෙනව. මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ ප්ලෑන් එක. හැමෝම වගේ ගන්නෙ මේක. මේකෙදි සල්ලි ගෙවන්න Tariff දෙකක් තියෙනව Variables & Fixed tariff. Fixed tariff එක රුපියල් 37යි. අපිට 37 බැගින් ගෙවනව මණ්ඩලෙන් අර ඉතුරු වෙන ටිකට. Variable tariff එක නම් සංකීර්ණයි වෙනම කතා කරමු.

    Net Plus
    මේකෙදි මීටර් දෙකක් හයි කරනව, එකක් Import වලට අනික Export වලට. මේකෙදි අපි පාවිච්චි කරන එකට සාමාන්‍ය විදියට විදුලි බිල ගෙවනව, Export කරන ඒවට සම්පූර්ණයෙන් ඒ අදාළ ගාන ගෙවනව මාසෙකට සැරයක්. එතකොට මුකුත් පැටලෙන්නෙ නෑ. අපි සාමාන්‍ය විදියට මණ්ඩලේට ගෙවනව පාවිච්චි කරන ඒවට, අපි දෙන ඒවට මණ්ඩලෙන් අපිට ගෙවනව. මේක ටිකක් පාඩු වැඩක්.

    Net Plus Plus
    මේක ගොඩක් අලුත් එකක්. මේක සම්පූර්ණයෙන් Net Plus වලට සමානයි. එකම වෙනස තියෙන්නෙ අපිට වෙනම කනෙක්ෂන් එකක් ගන්න පුලුවන් Export Only. අපි හිතමු උඹට තියෙන්නෙ Single phase connection එකක් කියල. ඒ වගේ කනෙක්ෂන් එකකට ලොකු සිස්ටම් එකක් ගහන්න බෑ. ඒත් Net Plus Plus වලදි ගෙදර කනෙක්ෂන් එක තියෙද්දි Solar වලට විතරක් ඒකට ගැලපෙන කනෙක්ෂන් එකක් ගන්න පුලුවන්. ඒක Export Only Connection එකක්. මේ Scheme එකෙන් උඹට වෙන ගෙදරක උනත් වහල බද්දට අරගෙන ඒ ගෙදර කනෙක්ෂන් එක යූස් නොකර සෝල සිස්ටම් එකක් ගහන්න පුලුවන්. තනිකරම Invest කරන අයට හදපු ප්ලෑන් එකක් මේක.

    මම දන්න ටික මේ කිව්වෙ.

    අඩේ තැන්ක්ස් මචන් වෙලාව අරන් ලිව්වට. :love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    ඔය ගාන සාදාරනයි ..සාමාන්යෙන් 5kw එකක් මාසෙකට units 500 විතර හදනවා .. මේ දවස් වල නම් 650ත් පන්නනවා .. average එකක් හැටියට 500 කියලා ගත්තොත්
    500-200=300 untis ඉතුරු වෙනවා .. ඒවා වලට net accounting හැටියට 37 rate එකට ගියොත් 11100 CEB එකෙන් ගෙවනවා .. තව දැනට ගෙවන බිල 0 වෙනවා .. කොහොම බැලුවත් හොඳ ආයෝජනයක් .. අවරුදු 3-4 කින් ආයෝජනය කරපු මුදල හොයාගන්න පුළුවන් .. CEB එකත් එක්ක අවරුදු 20 කට agreement එකක් ගහන හින්දා අවුරුදු 20 යනකන් units වලට 37 ගානේ ගෙවනවා ..

    අවුරුදු 20ටම 37ගානෙද බං ගෙවන්නේ
     
    • Like
    Reactions: NRTG and san**

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අවුරුදු 20ටම 37ගානෙද බං ගෙවන්නේ
    ඔව් Fixed Tariff එකේ අවුරුදු 20ටම රුපියල් 37බැගින් ගෙවනව

    Variable එකේ අවුරුදු 10ක් යනකල් Formula එකකින් තමයි ගෙවන්නෙ, මාස 3කට සැරයක් ගෙවන ගාන වෙනස් වෙනව Formula එකට අනුව. ඉතුරු අවුරුදු 10ට රුපියල් 20ගානකට Fixed වෙනව. Variable tariff එක ආවෙ රුපියල් 48.89කට, දැන් යන්නෙ 43යි ගානක්ද කොහෙද. මේක රිස්ක් එක වැඩියි. ඒකයි මාත් 37 Fixed එකටම ගියේ.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    ඔව් Fixed Tariff එකේ අවුරුදු 20ටම රුපියල් 37බැගින් ගෙවනව

    Variable එකේ අවුරුදු 10ක් යනකල් Formula එකකින් තමයි ගෙවන්නෙ, මාස 3කට සැරයක් ගෙවන ගාන වෙනස් වෙනව Formula එකට අනුව. ඉතුරු අවුරුදු 10ට රුපියල් 20ගානකට Fixed වෙනව. Variable tariff එක ආවෙ රුපියල් 48.89කට, දැන් යන්නෙ 43යි ගානක්ද කොහෙද. මේක රිස්ක් එක වැඩියි. ඒකයි මාත් 37 Fixed එකටම ගියේ.
    තව අවුරුදු 20කින් නෙමෙයි, 5කින් උනත් 37ක්කියන්නෙ මොකක්ද මචං. Variable දැම්මොත් මේක 100+ යන එකක්.නෑ?
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    තව අවුරුදු 20කින් නෙමෙයි, 5කින් උනත් 37ක්කියන්නෙ මොකක්ද මචං. Variable දැම්මොත් මේක 100+ යන එකක්.නෑ?
    මට හිතෙන්නෙ 37 කියන්නෙ තව කාලෙකට හොඳ රේට් එකක් මචං. මේක අඩු කරන්න යන කතාවක් තියෙනව ඇතුලෙ. මම මොකක්හරි ආටිකල් එකක් දැක්ක ඒකෙ තියෙනව මේ 37 රේට් එක Introduce කරේ ඩොලර් එක 390+ තියෙන, පැනල් එකක් රුපියල් 80,000කට විතර ගිය කාලෙ කියල. දැන් පැනල් එකක් රුපියල් 35,000කට වගේ බැහැල නේ, ඩොලර් එකත් 300 කිට්ටුව තියෙන්නෙ. ඒ නිසා මේ රේට් එක වැඩියි කියල කොහේහරි කියල තිබ්බ. මගේ හිත කියන්නෙ අනිවා මේක අඩු කරයි.

    Variable දැම්මොත් 100 කෙසේවෙතත් මට බය 37ටත් අඩුවෙයි කියල. මේ රේට්ස් තව වැඩි වෙන එකක් නෑ බං මේ දෙන්න පුලුවන් උපරිම දෙනව කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and FuBaR

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    👉 Solar panel aduwata ganna ona nam Gunda power contact karapalla

    JA 550w - 31500
    Phono 550w - 32000


    Contact : +94 76 139 9063


    👉 Nattam
    Heyles ekan ganna puluwan un thami JA official agent

    JA 570w - 32000

    Angoda warehouse eken collect karaganna ona gihin

    contact : +94 77 127 0367
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    එහෙම කරන්නෙ එපා. උඹ ගෙදර පාවිච්චි කරන Units නම් Net Accounting වලටම යන්න Net Plus or Net Plus Plus යන්න එපා.
    ඔන්න ගෙදර රෙන්ට් එකට දීල වගේ වැඩක් නම් එහෙම කරාට කමක් නෑ. මොකද රුපියල් 37ට Fixed වෙනව වගේ දෙයක් වෙන්නෙ Net Accounting වලට ගියොත්. ගොඩක් කරන්ට් එක යූස් කරන කෙනෙක්ට නම් ගොඩක් ලාබයි ඒක.
    Investment එකක් විදියට කරනව නම් පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. එතකොට තමයි ROI එක වැඩි
    thank you wewa..
     
    • Like
    Reactions: NRTG and chami2015