🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කර්මස්ථානය (10- දසවැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාග්‍යස්ථානය (9- නමවැනි භාව කොටුව)

    --
    කේන්ද්‍ර සටහනක දස වැනි භාව කොටුව, 10-2-6 (අර්ථ) අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. කර්මස්ථානය, පිතෘස්ථානය, අභිමානස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් වෘතිය හෝ රැකියාව, දියුණු වීමේ අභිලාශය සහ ඊට මඟ, ධෛර්යය, අභිමානය, පියා සම්බන්ධ කරුණු වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    TtMqkmM.jpg

    ශරීරයේ දණහිස් ප්‍රදේශ දහයට අයිතිවේ. සාමාන්‍යයෙන් සියලුම ග්‍රහයන්, විශේෂයෙන් රවි සහ කුජ ග්‍රහයන් දහයේදී බලවත් වේ. රාජකාරි, රාජපාක්‍ෂික බව, වෘතිය, වෙළඳාම, නිලය හෝ තනතුර සහ පියා ගැන විස්තර දස වැන්න පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකිවේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මීන ලග්නය 10 කුජ + සිකුරු. mage :oo: @Lovtus say something
    කුජ, ශුක්‍ර 10 (ධනු) උසස් රැකිරක්‍ෂා කටයුතු වලටත් රාජ්‍ය සේවයට හිමිකම තිබේ. රැකියා දෙකක් හෝ වියහැකියි. කුජ දශාවෙදී පියාගේ තත්වය උසස් කරයි. අන්‍යන්ගේ උපකාර සහ ගෞරවය ලැබේ. විවාහ දෙකක් හෝ වීමට ඉඩ තිබේ. ද්රෙශ්කාන තත්වය අනුව මෙය වෙනස්විය හැකියි.

    මචං දසමාර යන්ත්‍රය කියන්නෙයි විශ්ණු ආගෝර යන්ත්‍රය කියන්නෙයි එකක්ද? @Lovtus
    නැහැ. දෙකක්
    ------ Post added on May 25, 2024 at 9:24 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    කුජ, ශුක්‍ර 10 (ධනු) උසස් රැකිරක්‍ෂා කටයුතු වලටත් රාජ්‍ය සේවයට හිමිකම තිබේ. රැකියා දෙකක් හෝ වියහැකියි. කුජ දශාවෙදී පියාගේ තත්වය උසස් කරයි. අන්‍යන්ගේ උපකාර සහ ගෞරවය ලැබේ. විවාහ දෙකක් හෝ වීමට ඉඩ තිබේ. ද්රෙශ්කාන තත්වය අනුව මෙය වෙනස්විය හැකියි.

    නැහැ. දෙකක්
    ------ Post added on May 25, 2024 at 9:24 PM
    සිකුරු මහ දසාවක රාහුගෙ ඒරාශ්ඨකයක් තියන කෙනෙක්ට දාන්න කියන්න් ඔය දෙකෙන් කොයි යන්ත්‍රයද? මැණික් දානවනං මොන මැණික්ද දාන්න ඕන?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    සිකුරු මහ දසාවක රාහුගෙ ඒරාශ්ඨකයක් තියන කෙනෙක්ට දාන්න කියන්න් ඔය දෙකෙන් කොයි යන්ත්‍රයද? මැණික් දානවනං මොන මැණික්ද දාන්න ඕන?
    දසමාර යන්ත්‍රය හොඳයි. මැණික් නිර්දේශ කරන්න නම් ග්‍රහ දෘෂ්ටි පරීක්‍ෂා කරන්න ඕන
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    රවි 10 ඉදලත් රවි දශාවේදිම ආණ්ඩුවේ රස්සාවෙන් අයින්වෙන්න වුනා.
    ලග්නෙ මොකක්ද?
    මකර ද දන්නෑ
     
    • Like
    Reactions: Solo Rider