

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාග්‍යස්ථානය (9- නමවැනි භාව කොටුව)
--කේන්ද්‍ර සටහනක දස වැනි භාව කොටුව, 10-2-6 (අර්ථ) අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. කර්මස්ථානය, පිතෘස්ථානය, අභිමානස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් වෘතිය හෝ රැකියාව, දියුණු වීමේ අභිලාශය සහ ඊට මඟ, ධෛර්යය, අභිමානය, පියා සම්බන්ධ කරුණු වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.
ශරීරයේ දණහිස් ප්‍රදේශ දහයට අයිතිවේ. සාමාන්‍යයෙන් සියලුම ග්‍රහයන්, විශේෂයෙන් රවි සහ කුජ ග්‍රහයන් දහයේදී බලවත් වේ. රාජකාරි, රාජපාක්‍ෂික බව, වෘතිය, වෙළඳාම, නිලය හෝ තනතුර සහ පියා ගැන විස්තර දස වැන්න පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකිවේ.
