ගල් යුගයේ ඉන්න සිරි ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විදිය. හැමිනෙනවා ඉතින්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ඩිජිටල් නොමෑඩ් ලා ඉන්න යුගයක ලංකාවේ ඔන්ලයින් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නත් ගෙදර ඉස්සරහා ලොකු බෝඩ් එකක් එල්ලන්න ඕනිලු.


    1.ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයෙන් ෆෝම් එකක් ඉල්ලගන්න. ඒකට සල්ලි ගන්නෙ නෑ.

    2. ඒකත් එක්ක දෙනව ග්‍රාමසේවක මහත්තයට බාර දෙන්න ඕන ෆෝම් එකකුත්.

    3.ඊට පස්සෙ ඕන වෙනව ඔයා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඉඩම් ඔප්පුවේ පත් ඉරුවක් ( මාස 6ක් ඇතුළත ලබාගත් එකක් විය යුතුයි ).

    4.ඊළඟට ඕන වෙනව ඉහත සඳහන් කරන ලද භූමියේ හිමිකරු විසින් , ඔබ අදාල ස්ථානයේ අදාල ව්‍යාපාරය පවත්වාගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළ ලියුමක්.(මෙම ස්තානයේ අයිතිය ඔබට නැතිනම්)

    5.ඊළඟට ඕන වෙනව ඔයා ව්‍යාපාරය කරන තැන, අදාල ව්‍යාපාරය සම්බන්ධව පැහැදිලිව පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය වන නාම පුවරුවක්. තේරෙන විදියට කිව්වොත් Name Board එකක්
    😀


    6.දැන් ජාතික හැඳුනුම්පතේ පොටෝ කොපි 2ක් සහ උප්පැන්න සහතිකයෙ මුල් පිටපතත් අරගෙන අර පළවෙනි ෆෝම් එකත් අරගෙන යන්න ග්‍රාමසේවක මහත්තය ළඟට.

    7.ඊට පස්සෙ අඩුපාඩු තියෙනවනම් ඒවා හදල දෙයි. ඔක්කොම හරි නම් ග්‍රාමසේවක මහත්තයා එයි ව්‍යාපාරික ස්ථානයට. ඒ ආවට පස්සෙ අර කැමැත්ත ප්‍රකාශ කරපු ලියුම ග්‍රාමසේවක මහත්තය ඉදිරියේ අත්සන් කරලා ( භූමියේ අයිතිකරු ) සහතික කරවගන්න පුළුවන්.

    8.ඊළඟට පත්ඉරු, උප්පැන්න සහතිකයෙ පොටෝ කොපි, ID එකේ පොටෝ කොපි අනං මනං ඔක්කොම අරගෙන, අර සම්පූර්ණ කරන ලද පළවෙනි සහ තුන්වෙනි රූපවල තියෙන ෆෝම්ස් අරගෙන බදාදා දවසක AG Office එකට යන්න.

    9.අඩුපාඩු නැත්නම් 4,5,6 කියන ෆෝම්ස් ඔයාට එතනින් දෙයි.

    10.4 වෙනි එක ග්‍රාම නිලධාරී තුමාට/තුමියටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    11. 5වෙනි එක පරිසර නිලධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    12. 6 වෙනි එක සංවර්ධන නිළධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    13. පරිසර සහ සංවර්ධන නිලධාරීන් ව්‍යාපාරය බලන්න ඔයාගෙ ව්‍යාපාරික ස්ථානයට එනව. ඒ ඇවිත් බලලා එයාලා වර්තාවක් යවනව ප්‍රාදේශීය ලේකම් තුමාට. ඊට පස්සෙ ඒක එනව ව්‍යාපාර නාම ලියාපදිංචි කරන නිලධාරියට. AG Office එකට ගිහින් බලන්න වැඩේ කෙරිලද කියල.

    14. අඩුපාඩුවක් නැත්නම් කියයි සල්ලි බඳින්න කියල. ඒකට ඔයාට රිසිට් එකක් දෙයි.ඒකත් අරගෙන මුදල් ගෙවන තැනට ගිහින් සල්ලි දෙන්න.

    15. සල්ලි ගෙව්වම ඔයාට රිසිට් එකක් දෙයි. ඒක අරගෙන ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට සම්බන්ධ නිලධාරියාටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    16. ප්‍රාෙද්ශීය ලේකම් තුමා/තුමිය ඉන්නවනම් විනාඩි 10න් වැඩේ OK.


    උපුටා ගැනීම.
    සුගත් ලියනගේ & තිළිණ විමලප්‍රිය
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,707
    11,005
    113
    මේවා දාද්දී මේවායේ තියෙන අවුල් මොනවද කියලත් දාන්න
    ව්‍යාපාරයේ board එකක් දාන්න කියන එක අවුල් ඇයි?
    බෝර්ඩ් ගහගෙන කරන රස්සාවක් නෙමේනම් ? සමහර උන් ඉන්නවා උන්ට කන්ටැක් තිබ්බට ෆ්රීලාන්ස් විදියට වැඩ කරගන්න අකමැති කම්පැනි . උදාහරනෙකට , ඉස්සර හේමාස් එකට දෙන්න උනා චාජර් වගයක් . ඒවා ගන්න උනේ නැහැ අදුරන පොට් එකකින් , උන්ට බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බරයක් දෙන්න බැරි උන නිසා (මොනාහරි ටැක්ස් හරි මොනාහරි ලබ්බක් ) පස්සේ වෙන කඩේකින් ගන්න උනේ . එකටත් ලබ්බ BR එකේ නම්බරේ දාන්න උනා . දැන් ඔයවගේ කරන එකෙක්ට බෝර්ඩ් එකක් ඕනේ කියමුකෝ . හැබැයි වෙබ් හදන සිස්ටම් හදන එකෙක්ට ඕකක් ඕනේ නැනේ ? තව මට සෙට් උනා ක්ලයන්ට් කෙනෙක් , ඌ උගේ ප්‍රයිවට් වැඩේ කරගත්තා මට කියලා . , හැබැයි උ වැඩ කරන කම්පනියේ වෙන ඩිව් එකක් දෙන්න බැරිඋනා මට කම්පැනි BR එකක් සහ ටැක්ස් ගෙවන නම්බරයක් නැහැ කියලා . උගේ රට ප්‍රම්සේ . ඔයවගේ අපත වැඩ සෙට් වෙන සීන් ඇතිනේ .

    අඩුපාඩුවක් නැත්නම් කියයි සල්ලි බඳින්න කියල. ඒකට ඔයාට රිසිට් එකක් දෙයි.ඒකත් අරගෙන මුදල් ගෙවන තැනට ගිහින් සල්ලි දෙන්න
    කීයක් කුඩු වෙනවද වැඩේට ?
    ------ Post added on Aug 19, 2024 at 9:55 PM
     
    • Like
    Reactions: libero and ITGuy25

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,484
    18,117
    113
    Private limited register කරන්න. හුගක් ප්‍රශ්න ඉවරයි. කොහෙවත් යන්න ඕනෙ නෑ
     
    • Like
    Reactions: wissnshaftler

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,312
    113
    New Zealand
    මේ කොහේදබන්?
    බෝඩ් එක අනිවාර්‍ය නෑ. ග්‍රාමසේවකයව උබ දන්නව නම්, උබ නොකරන බිස්නස් එකක් උනත් කරනවා ලියලාඅත්සන ගන්න පුලුවන්. අනික ග්‍රාමසේවකයා එන්නෙ නෑ උබ බිස්නස් කරනවද නැද්ද හොයන්න. ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන උනුත් අගේට රෙජිස්ටර් කර ගන්නවා. උන්ට බෝඩ් එකක් තියා, ඔෆිස් එකක්වත් නෑනේ. ග්‍රාමසේවකයගේ අතේතමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඌව උබ දන්නව නම් කිසිම ගේමක් නෑ. හැබැයි උබව දන්නෙ නැති උනත් ඌ ඕක අත්සන් කරලා දෙනවා බන්.කවුරුත් එන්නෙ නෑ බිස්නස් කරන්වදනැද්ද කියලා හොයන්න. මම දන්න විදියට මේ ෆෝම් සෙට් එකත් එක්ක, ප්‍රාදේශිය සභාවෙන්නවෙලද බලපත්‍රයක් ගන්න ඕනි. ඒකට අඩූම තරමේ අවුරුද්දකට රු 3000ක් යනවා. දැන් උබ BRඑක ගන්න ඕකගත්තට පස්සේ , ප්‍රාදේශිය සභාවේ උන් බදු එකතු කරන්න එද්දි ඕකත් එකතු කරන්න එනවා. පට්ට කරුමයක් වෙනවා. බිස්නස් එක බැරි වෙලාවත් කැන්සල් කරොත් ලියුම් දීලා බලපත්‍ර්‍ය කැන්සල් කරන්නත් වෙනවා.
     
    • Love
    Reactions: wissnshaftler

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ කොහේදබන්?
    බෝඩ් එක අනිවාර්‍ය නෑ. ග්‍රාමසේවකයව උබ දන්නව නම්, උබ නොකරන බිස්නස් එකක් උනත් කරනවා ලියලාඅත්සන ගන්න පුලුවන්. අනික ග්‍රාමසේවකයා එන්නෙ නෑ උබ බිස්නස් කරනවද නැද්ද හොයන්න. ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන උනුත් අගේට රෙජිස්ටර් කර ගන්නවා. උන්ට බෝඩ් එකක් තියා, ඔෆිස් එකක්වත් නෑනේ. ග්‍රාමසේවකයගේ අතේතමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඌව උබ දන්නව නම් කිසිම ගේමක් නෑ. හැබැයි උබව දන්නෙ නැති උනත් ඌ ඕක අත්සන් කරලා දෙනවා බන්.කවුරුත් එන්නෙ නෑ බිස්නස් කරන්වදනැද්ද කියලා හොයන්න. මම දන්න විදියට මේ ෆෝම් සෙට් එකත් එක්ක, ප්‍රාදේශිය සභාවෙන්නවෙලද බලපත්‍රයක් ගන්න ඕනි. ඒකට අඩූම තරමේ අවුරුද්දකට රු 3000ක් යනවා. දැන් උබ BRඑක ගන්න ඕකගත්තට පස්සේ , ප්‍රාදේශිය සභාවේ උන් බදු එකතු කරන්න එද්දි ඕකත් එකතු කරන්න එනවා. පට්ට කරුමයක් වෙනවා. බිස්නස් එක බැරි වෙලාවත් කැන්සල් කරොත් ලියුම් දීලා බලපත්‍ර්‍ය කැන්සල් කරන්නත් වෙනවා.
    natham 750k dada gahana polosiyen 15000k thel gahan enawa. mage yaluwekta una!
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒ සීන් එක මොකක්ද
    oota br ekak tibba gedetta . awurudde gana 750i eka gam sabawak. dan whala godak kal. dan oo inne colaba. 750 gewala na kiyala gam sabawa usawi gihi nadu dala. sithasi awilla. eka oota denna polosiya 15000k thel gahala oowa hoyanna yanna - polosiya unge hoda yaluwo.
    kunuhabben bannalu pradesiya sabawe unta. pissu ratak oi meka
    aye man ali eken badu wageyak gennala custom letter awa. giyama tax na kiyala badu aran yanna kiwwa. mage kalaya - unge kalaya - kadadasi kola - postal eke kalaya okoma nasthi,
    loke godak goverment wala oya seen thiyenawa. USA wala usd 50 tax gewala nathnam gewal wendesi karanawa. ekko gedara badu aran yanawa. pissu lokeyak meka
     
    • Like
    Reactions: Nidarshana_k

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    මේවා දාද්දී මේවායේ තියෙන අවුල් මොනවද කියලත් දාන්න

    Umbata me pissu process eka kiyawala meke awulak penne naththan ithin ethanin ehata wadak naha....

    Kee sarayak rasthiyadu wenna onada eka eka un hambela? Mewa eka paara online apply karanna bari ayi? Sanwardana niladarin arun mun okkoma hambenna wenawa.

    Me loku company ekak danna nemei. Thani pudgala podi wyaparayak karanna.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,845
    113
    In Aus you can get an ABN (Australian Business Number) asap via online

    No paper involved

    But if it's say a food business, I could understand if some more processes are involved with the local council etc but certainly it won't be bearuocratic like this..!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    ඔය රෙද්දවල් ඇහුවේ නෑනේ බං මම කරපු කාලෙ. තාත්තාගෙන් ලියුමක් ඕනි උනා ගෙදර ලිපිනය දාපු නිසා.