කූඩ ක්‍රමේට transport කරන්න පුළුවන් ප්‍රමාණය අඩු නිසා
කූඩ ක්‍රමේට transport කරන්න පුළුවන් ප්‍රමාණය අඩු නිසා නෙවෙයි ඇත්තටම ඌට ඒක කරන්න උවමනාවක් වත්, හැකියාවක් වත් නැති නිසා.
හරි හමන් වැඩපිළිවෙළක් තියෙන්න ඕන ඒකට. "හා හැමෝම හෙට ඉඳන් කූඩ ක්‍රමේට transport කරපල්ලා කිව්වට කරන්න බෑ" කොහොමද උන්ට වෙන පාඩුව අඩු කරන්නේ, දීර්ඝ කාලීන, කෙටි කාලීන සැලසුම්, ඉලක්ක මොනවද, ගොවියෝ ඒකට යොමු වෙන එක encourage කරන්න මොනවද කරන්න පුළුවන් වගේ ගොඩක් දේවල් බලන්න ඕන. කෙටි කාලීන පාඩුවක් උනත් දරාගන්න පුළුවන් විදියේ ආර්ථිකයක් තියෙන අය නෙවෙයිනේ බහුතර ගොවියෝ. එතකොට පාඩුව පියවා ගන්න විදියක් නැති උනාම එකපාරටම විරුද්ධ වෙන එක පුදුමයක් නෙමෙයි. ඒකට සැලසුම් හදන්න තමයි ඒකට ගැලපෙන, ඔලුවක් තියෙන, හැකියාවක් තියෙන උන් ඉන්න ඕන.
තමන්ගෙ පැත්තෙන් විතරක් හිතලා හරියන්නෙ නෑ. රටේ ආහාර සුරක්ෂිතතාව ගැන ප්‍රශ්නයක් තියෙනව.