ඉඩම් ඔප්පු (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ, කළුතර මම දන්නා තැනක ගඟක් අයිනේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියනවා. ඒක කිහිපදෙනෙකුට අයිතිලු. දැන ගත්ත විදියට ඒ කුඹුරේ අයිති අය ඉන්නේ ඒ ගමෙන් සෑහෙන ඈතකලු. මට ඒ කුඹුරු යායෙන් කොටසක් මිලදී ගන්න ආසයි.
    ඒ කුඹුරු යායට යාබද ඉඩමක පදිංචි අයෙක් හා යාබද කුඹුරක් අයිති අයෙක් මම හොදින් දන්නා අය. එයාලගෙන් උදවුවක් ගන්නත් පුළුවන්. එයාලාගේ ඔප්පු වල අංක වලින් අර පුරන් වෙච්ච කුඹුරේ ඔප්පුව සොයා ගෙන ඒ ඔප්පු අනුව සැබෑ අයිතිකරු කවුද ? පුරන් කුඹුර කොච්චර ප්‍රමාණයක එකක්ද කියන විස්තර ටික දැනගන්න පුළුවන් නේද ?? කොහොමද ඒ වැඩේ කරගන්නේ ??

    ( P.S. නීති විරෝධිව හෝ බලෙන් ඉඩම අල්ලා ගැනීමට මට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නීත්‍යනුකුලව මිලදී ගැනීමටයි.):cool:
     
    • Love
    Reactions: Sinhalese Victor

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    කුඹුරු වලට අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා නං මෙහෙමයි වෙන්නෙ
    කුඹුර වැඩ කරන කාලෙට මාරුවෙන් මාරුවට වැඩ කරන්නෙ
    උදාහරනෙකට අයිති කාරයො 3න් දෙනෙක් ඉන්නවා A- 25%, B-25%, C-50% අයිතිය තියන විදියට. එතකොට කුඹුර වැඩ කරන කාලෙකට අවුරුද්දක් A ඊලඟ අවුරුද්දෙ C ආයෙ B, ආයෙ C වගේ විදියට එන්නෙ (අවුරුද්දක් ඇර අවුරුද්දක් C ට එනවා අවුරුදු 2ක් ඇර අවුරුදු දෙකක් A ට සහ Bට එනවා)
    ඕකෙන් කෑල්ලක් වෙන් කරගන්න එක සංකීර්ණයි. එක්කෙනෙක්ගෙ අයිතිය ගත්තා කියලා (උදාහරනෙකට C ගෙ) කුඹුරෙන් බාගයක් වෙන් කරගන්න බැහැ

    අනික් එක කුඹුරු වලට අයිතිකාරයා සහ අඳ අයිති කාරය කියලා දෙන්නෙක් ඉන්න කුඹුරු තියනවා, එතකොට අයිතිය වෙනස් උනාට කුඹුර වගා කරන්නෙ අඳ අයිතිකාරයා, එතකොට උඹ කුඹුර ගත්තට අඳ අයිති කාරයට තමයි වගා කරන්න පුලුවන්
    උඹට අඳ අයිතිය ගන්න පුලුවන් එහෙම උනොත් කුඹුර වගා කරන අයිතිය විතරයි උඹට හම්බෙන්නෙ, උඹ වගා කරාම එන ලාබෙන් කොටසක් අයිති කෙනාට දෙන්න ඕන

    සමහර කුඹුරු තියනවා ඔය උඩ තියන දෙකේ කලවමක්. අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා අඳ අයිතිකාරයෙක් වෙනම ඉන්නවා. එතකිට අඳ අයිතිකාරයා කුඹුර වගා කරලා අර අයිතිකාරයන්නෙ අයිතියෙ විදියට කොටස දෙනවා

    ඔය කියන කුඹුර මොන වගේ එකක්ද කියලා හරියටම හොයාගන්න. ඇත්තටම අඳ ගොවියෙක් හිටියත් ඒක පුරන් වෙලා නං අයිතිකාරයට පුලුවන් අඳ අයිතිය නැති කරන්න. එතකොට අර අඳ කේස් එක නැති වෙනවා
    අඳ ගොවිය(අඳ අයිතිකාරය) ගෙන් අඳ අයිතියත් ගන්න පුලුවන් වෙනම සල්ලි වලට ඒකට කුඹුරෙ අයිතිකාරය කැමති වෙන්න ඕන සීන් එකක් තියනවා

    කුඹුර සින්නක්රම අයිති තනි කෙනෙක් නං ඉන්නෙ වැඩේ ලේසි වෙයි, හැබැයි අර අනෙක් විදි වලට නං තියෙන්නෙ කට්ටක් කන්න වෙනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    අපේ පැත්තෙත් මේ වගේ කුඹුරු යායක් මෙලට ගත්තා කෙනෙක් ළඟදී.

    අඳ ගොවියාට වෙනම කෑල්ලක් වෙන් කරලා දුන්නා.

    ඉඩම බලාගන්ඩ තවත් වෙනම කෙනෙක් හිටියා එයා හැබැයි නැති වුණා.

    අයිතිකාරයෝ හිටියේ විදෙස්ගත වෙලා.
    ඕකත් හෙන සංකීරණ වෙලා තිබ්බෙ කොහොම හරි තව ඒ කුඹුරෙන් කෑල්ලක් වෙන පාරකටත් වෙන් වෙලා තිබ්බා තව කොටසක් රජයටත් ගිහිල්ලා.

    හැබැයි දැන් ඉඩම වර්තමානයේ අයිතිකාරයාට ටිකක් සම්බන්ධකම් තියෙන සල්ලි තියෙන කෙනෙක් ඒ හින්දා එයා කොහොම හරි වැඩේ කරගත්තා
     
    • Like
    Reactions: Tz4400 and NEMISIS

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කුඹුරු වලට අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා නං මෙහෙමයි වෙන්නෙ
    කුඹුර වැඩ කරන කාලෙට මාරුවෙන් මාරුවට වැඩ කරන්නෙ
    උදාහරනෙකට අයිති කාරයො 3න් දෙනෙක් ඉන්නවා A- 25%, B-25%, C-50% අයිතිය තියන විදියට. එතකොට කුඹුර වැඩ කරන කාලෙකට අවුරුද්දක් A ඊලඟ අවුරුද්දෙ C ආයෙ B, ආයෙ C වගේ විදියට එන්නෙ (අවුරුද්දක් ඇර අවුරුද්දක් C ට එනවා අවුරුදු 2ක් ඇර අවුරුදු දෙකක් A ට සහ Bට එනවා)
    ඕකෙන් කෑල්ලක් වෙන් කරගන්න එක සංකීර්ණයි. එක්කෙනෙක්ගෙ අයිතිය ගත්තා කියලා (උදාහරනෙකට C ගෙ) කුඹුරෙන් බාගයක් වෙන් කරගන්න බැහැ

    අනික් එක කුඹුරු වලට අයිතිකාරයා සහ අඳ අයිති කාරය කියලා දෙන්නෙක් ඉන්න කුඹුරු තියනවා, එතකොට අයිතිය වෙනස් උනාට කුඹුර වගා කරන්නෙ අඳ අයිතිකාරයා, එතකොට උඹ කුඹුර ගත්තට අඳ අයිති කාරයට තමයි වගා කරන්න පුලුවන්
    උඹට අඳ අයිතිය ගන්න පුලුවන් එහෙම උනොත් කුඹුර වගා කරන අයිතිය විතරයි උඹට හම්බෙන්නෙ, උඹ වගා කරාම එන ලාබෙන් කොටසක් අයිති කෙනාට දෙන්න ඕන

    සමහර කුඹුරු තියනවා ඔය උඩ තියන දෙකේ කලවමක්. අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා අඳ අයිතිකාරයෙක් වෙනම ඉන්නවා. එතකිට අඳ අයිතිකාරයා කුඹුර වගා කරලා අර අයිතිකාරයන්නෙ අයිතියෙ විදියට කොටස දෙනවා

    ඔය කියන කුඹුර මොන වගේ එකක්ද කියලා හරියටම හොයාගන්න. ඇත්තටම අඳ ගොවියෙක් හිටියත් ඒක පුරන් වෙලා නං අයිතිකාරයට පුලුවන් අඳ අයිතිය නැති කරන්න. එතකොට අර අඳ කේස් එක නැති වෙනවා
    අඳ ගොවිය(අඳ අයිතිකාරය) ගෙන් අඳ අයිතියත් ගන්න පුලුවන් වෙනම සල්ලි වලට ඒකට කුඹුරෙ අයිතිකාරය කැමති වෙන්න ඕන සීන් එකක් තියනවා

    කුඹුර සින්නක්රම අයිති තනි කෙනෙක් නං ඉන්නෙ වැඩේ ලේසි වෙයි, හැබැයි අර අනෙක් විදි වලට නං තියෙන්නෙ කට්ටක් කන්න වෙනවා.
    ස්තුතියි අදහස් දැක්වීමට . මේ කුඹුරු යායේදී අර A,B,C සිස්ටම් එක නෑ. යායට අයිතිකාරයෝ 4ක් ඉන්නවලු. නමුත් හතර දෙනාගේම කුඹුරු කොටස් කරලා තියෙන්නේ එක අඳ ගොවියෙක්. නමුත් යායෙන් කොටසක් දැන් පුරන් වෙලා. කොටසක් වපුරනවා. ඊට යාබද කුඹුරු වලට වෙනත් අයිතිකරුවන් හා පිරිසිදු ඔප්පු තියනවා. ඒ අයගේ උදවු නම් ගන්න පුළුවන්. අර කුඹුරේ අයිතිකාරයෝ කවුද, නොබෙදූ ඉඩමක්ද, කොටස් වල විශාලත්වයන් වගේ දේවල් හොයාගන්නේ කොහොමද ? (ගොවි ජන සේවා එකට ගිහින් බලන්න බෑ. එතනින් මේක පත්තරේ දැම්ම වගේ වෙනවා).
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබ කුඹුර වැඩ කරහන්. එක ආරංචි වුනහම අයිතිකාරයෝ දුවගෙන ඒවි. ඊට පස්සේ ඕන දේ කියහන්.

    වටේ උන් එහෙම බැහැ කිව්වොත්, උන්ම අයිතිකාරයෝ හොයලා උන්ට දැනුම් දෙයි
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උබ කුඹුර වැඩ කරහන්. එක ආරංචි වුනහම අයිතිකාරයෝ දුවගෙන ඒවි. ඊට පස්සේ ඕන දේ කියහන්.

    වටේ උන් එහෙම බැහැ කිව්වොත්, උන්ම අයිතිකාරයෝ හොයලා උන්ට දැනුම් දෙයි
    එහෙම වැඩ කරලා චාටර් වෙන්න බෑ බන්. වටේ එවුන් මට උන්ගේ ඔප්පු පවා දෙන්න කැමති මේ දක්වා ජෙනුයින් විදියට ජීවත් වෙච්ච නිසා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    හවුලේ කැඳවත් එපා කියලා කතාවක් තියෙනවා නේ. හවුලක් කියන්නේ අවුලක්. :dull: 🥴
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    යාළුවනේ, කළුතර මම දන්නා තැනක ගඟක් අයිනේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියනවා. ඒක කිහිපදෙනෙකුට අයිතිලු. දැන ගත්ත විදියට ඒ කුඹුරේ අයිති අය ඉන්නේ ඒ ගමෙන් සෑහෙන ඈතකලු. මට ඒ කුඹුරු යායෙන් කොටසක් මිලදී ගන්න ආසයි.
    ඒ කුඹුරු යායට යාබද ඉඩමක පදිංචි අයෙක් හා යාබද කුඹුරක් අයිති අයෙක් මම හොදින් දන්නා අය. එයාලගෙන් උදවුවක් ගන්නත් පුළුවන්. එයාලාගේ ඔප්පු වල අංක වලින් අර පුරන් වෙච්ච කුඹුරේ ඔප්පුව සොයා ගෙන ඒ ඔප්පු අනුව සැබෑ අයිතිකරු කවුද ? පුරන් කුඹුර කොච්චර ප්‍රමාණයක එකක්ද කියන විස්තර ටික දැනගන්න පුළුවන් නේද ?? කොහොමද ඒ වැඩේ කරගන්නේ ??

    ( P.S. නීති විරෝධිව හෝ බලෙන් ඉඩම අල්ලා ගැනීමට මට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නීත්‍යනුකුලව මිලදී ගැනීමටයි.):cool:
    ඔය ඉඩම ගන්න එපා සිම්හලයො. තෝ ලෝක අමාරුවක වැටෙන්න ළගයි. ගගවල් අයිනේ තියන ඉඩම් දිහා පොඩ්ඩක් බලපන්. ටීක කාලයක් යද්දි ඉඩමෙන් කෑල්ලක්ම ගගට හේදිලා ගිහින් ගග ලොකු වෙනවා. මේක කුඹුරු ඉඩමක් නොවී, ගොඩ ඉඩමක් උනා නම් ඒ ඉඩමේ බිල්ඩිමක් ගහන්න ආකිටෙක් ප්ලෑන් එක අනුමත කර ගද්දි ගගේ ඉදන්‍ රිසවේෂන් අයින් කරලා, පාරවල් වල රිසවේෂන් අයින් කරාම ඉඩමෙන් ලොකු ප්‍රමාණයක් රිසවේෂන් විදියට අයින් වෙනවා. එතකොට බිල්ඩිම ගහන්න වෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක. ගගවල් අයින්වල ඉඩම් ගන්න එපා. අනිත් දේ තමයි නිරවුල් නැති හවුල් ඉඩම්වලටත් අත ගහන්න එපා. උබ මේ ඉඩම ගත්තටපස්සේ හවුල්කාරයෙක් ඇවිත් කේස් එකක් දාලා උසාවි යන්න උනොත් පරම්පරා ගාණකට නඩූ කිය කිය ඉන්න පුළුවන්