ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    හිතට අවංකවම ඇත්ත කියන්නම්. උඹලට වැදගත් කියල දෙයක් තියෙනවනම් ගනිල්ලා.
    මම අවුරුදු 21 ඉඳල ගෙදරට බරක් වුණේ නෑ. පුළුවන් උපරිමෙන් මම මොකක්ම හරි කරල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වෙන්න පුරුදුවෙලා හිටියෙ. අපේ තාත්ත රජයෙ සේවකයෙක්. අම්ම රැකියාවකට ගියේ නෑ. පවුලෙ වැඩිමලා මම.
    උසස්පෙළ ඉවරවෙලා ටික කාලයක් ගමේම එක එක මගුල් කර කර ඉඳල මම කොළඹ එද්දි මට අවුරුදු 21යි. ඒ ආවෙ තව මොනවහරි ටිකක් වැඩිපුර ඉගෙනගන්න. කොළඹ ආවෙ මගේ ගමේ යාළුවෙක් නිසා. ඇත්තටම මගේ යාළුව මට උදවු කරා. එයාලට නුගේගොඩ ගෙයක් තිබුණා. ඒ ගෙදර මට ඉන්න පහසුකම් දුන්නා. ඒක මට සෑහෙන්න ලොකු දෙයක් වුණා.
    කොළඹ ආවට පස්සෙ වයිට් කොලර් ජොබ් එකක් සෙට් වුණා හැබැයි ෂිෆ්ට් එකට වැඩ. මට සෙට් වෙන්නෙම නයිට් ෂිෆ්ට්. මාස තුනකට වැඩිය එතන හිටියෙ නෑ මොකද මගේ ඉගෙනගන්න එකට ඒක ටිකක් කරදර වගේ දැනුන නිසා.
    ඊට පස්සෙ මගේ වියදමට සල්ලි හොයාගන්න නොකරපු දෙයක් නැති තරම්.
    මම ඉගෙනගත්ත ක්ෂේත්‍රයට අදාල රැකියාව ලැබෙනකොට මට වයස 27ක්. ඒ රස්සවෙන්ම මම පරස්තාවත් හොයාගත්තා.
    මම කසාද බඳිද්දි මට රුපියල් 80,000ක වගේ මූලික වැටුපක් තිබුණෙ. ඒ වෙද්දි මම ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක ඉංජිනේරුවෙක්. කසාදෙ වැඩ ටික කරගන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. යාළුවෙක්ගෙන් පොඩි ණයක් ලැබුණා. දෙපැත්තෙම කට්ටියට තිබුණෙ එක දවසෙ උත්සවයක්. ඒක බජට් එක ගැන හිතලම තමයි කරේ. හෝම් කමින් එකට ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඇත්තම කිව්වොත් බං සල්ලි මදි වුණා වැඩ ටික ඉවර වෙද්දි. තාත්තා ඒ වෙලාවෙ මට පොඩි ගාණක් දුන්නා ගෙදර තිබුණ වාහනේ ලීස් කරල.
    කසාද බඳින්න කලින් ඉඳන්ම මම හිතන් හිටියෙ අපේ දෙමවුපියො එක්ක ඉන්නෙ නෑ කියන එක. ඒක නිසා මම වැඩට යන්නත් පහසු විදියට කොළඹින් පොඩි තැනක් කුලියට අරන් ඒකට ගියා. එක කාමරයයි. සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි. අපි දෙන්නට ශේප් ඉතින්.
    ඒ අතරෙ තමයි වයිෆ්ට රජයෙ රස්සාවක් ලැබෙන්නෙ. ඒ අපේ ගමේ. ඒක නිසා අන්තිමට එයාට ගමේ නතරවෙන්න වුණා. නිල නිවාසයක් ලැබුණත් තනියම ඒකෙ නතරවෙන්න බැරි නිසා එයාට සිද්දවෙනව අපේ ගෙදර නතරවෙන්න. ටික කාලයක් මෙහෙම ඉඳල එයා ජොබ් එක මාරු කරා. රජයේ වෙන දෙපාර්තමේන්තුවකට පත්වීම ලැබෙනව කොළඹට ආසන්නයෙන්. මේ වෙද්දි මම මගේ ඩිප්ලෝමා එක විතරයි ඉවරකරල තිබුණෙ. වයිෆ් මගේ ලඟට ආව නිසා මම කල්පනා කරා උපාධියත් කරන්න. සල්ලි අතේ තියාගෙන පටන්ගත්ත නෙවෙයි බං. මූලික ගාස්තුව හැරුණුකොට ඉතුරු සල්ලි ඔක්කොම ගෙව්වෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්... ඉන්ස්ටෝල්මන්ට් විදියට. නිකන් ලැබෙන ක්‍රෙඩිට් කාඩ් වල වටිනාකම අන්න ඒකයි. මේ අතරෙ අපේ ප්‍රොජෙක්ට් එක ඉවරවුණු නිසා වෙන ජොබ් එකක් හොයාගන්න වුණා. තිබුණ සුදුසුකම් එක්ක මට ගත්ත වගේ දෙගුණයක පඩි ලැබෙන ජොබ් දෙකක් සෙට් වුණා. ඒකෙන් Loan එකක් දාල, ඉඩමක් ගන්න ට්‍රයි කරා කොළඹින්ම. අපේ තාත්තගෙ ඉඩම් කීපයක් තිබුණා මේ වෙද්දි ගමේ. ගමේ පදිංචි වෙන්න යන්න අදහසක් නොතිබුණ නිසා තාත්තත් එක්ක කතා කරල කොළඹ අවට ඉඩම් හොයන්න පටන් ගත්තා. හිතට හරියන ඉඩමක් ලැබුණා හැබැයි ඒකට ලක්ෂ 60ක් විතර සම්පූර්ණ ගාණ ඒ වෙද්දි. එතනදි තාත්ත මට අර තිබුණ එක ඉඩමක් විකුණල සල්ලි ටිකක් දුන්න ඒක ගන්න. මට ලැබුණෙ ලක්ෂ 20යි. ඔප්පු ගාස්තු අනංමනං එක්ක ඔක්කොම ලක්ෂ 65කට කිට්ටුව ගාණක් ඕනි. ලෝන් එකක් දැම්මා ලක්ෂ 44ක. වාරිකේ 60,000යි. අවුරුදු 10ක්... ලොකු අවුලක් නෑ බං. පඩියෙ තරමට ඒක ගෙවාගෙන යන්න පුළුවන්.
    මගේ වයිෆ් වුණත් සෑහෙන්න කට්ටක් කාපු කෙල්ලෙක්. වයිෆ්ලත් ලොකු සල්ලි තියෙන ෆැමිලි එකක නෙවෙයි. එයාටත් සල්ලි ප්‍රශ්ණ නිසාම ඉගෙනගන්න එක මග නතර කරන්න වෙලා තියෙනවා. මම එයාට කිව්වෙ පුළුවන් තරම් ඉගෙනගන්න කියල. ඒ වගේම එයාව එයා කැමති ෆීල්ඩ් එකෙන් උසස් අධ්‍යාපනයට යොමු කරා. එයාගෙත් ඩිප්ලෝමා එක ඉවරවුණු හැටියෙ තමයි අපි කසාද බැන්ඳෙ. පස්සෙ එයත් උපාධිය කරන්න පටන්ගත්තා. එයා උපාධිය කරන අතරෙ තමයි පුතා ලැබෙන්න ආවෙ. සමහර දවස්වල එක්සෑම් වලට මෙයාට බස් එකේ යන්න එන්න අමාරු නිසා තාත්ත මට ගෙදර වාහනේ ගෙනල්ල දුන්නා. කොහොමහරි වයිෆ් එයාගෙ උපාධියත් සම්පූර්ණ කරා.
    පුතා ලැබිල ටික කාලෙකින් මට රට එන්න චාන්ස් එකක් වැදුනා. මට ලැබුණෙ හොඳම අවස්ථාවක් නෙවෙයි. හැබැයි මම හිතුව ඒක තමයි ඒ වෙලාවෙ හැටියට හොඳම අවස්ථාව කියල. මම රට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි දැන්. ඒ අතරේ මම ගත්ත ඉඩමෙ ගේ හැදුවා. වයිෆ්, පුතා දෙන්න විසිට් වලට මම ගෙන්නගන්නවා. මමත් අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට යනවා.
    ***
    ඇත්තම කිව්වොත් බං අපේ අම්ම, තාත්තා අපි උසස්පෙළ කරනකම් අපිට වියදම් කරල, පස්සෙන් ඉඳගෙන හැමදේම පුළුවන් විදියට හොයල බලල කරල දුන්නත් අපි ගෙදරින් ඈත් වුණාම එයාල අපි ගැන ලොකුවට හොයන්න බලන්න, අපේ පස්සෙන් පන්නන්න එන්නෙ නෑ. හැබැයි හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා.
    උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා.
    වරදින එකක් නෑ.
    ඒ වගේම තමයි තමන් නිරතවෙන වෘත්තියෙ පේපර් කොලිෆිකේෂන් ටික හදාගන්න බලපන් උපරිමෙන්. මම දන්න තරමින් මේ එළකිරියෙ කල් ගෙවන ගොඩක් එවුන් මොකක් හරි ක්ෂේත්‍රයක වැඩ්ඩෙක්. හැමෝටම දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාවලින් වැඩ ගන්න අපි දැනගන්න ඕනි.
    හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා.
    උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා.
    වරදින එකක් නෑ.

    ගොඩාක් උන් කෙලවෙන point එක
    හොදට කියවලා හිතට ගනිල්ලා
    :yes:
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා.
    උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා.
    වරදින එකක් නෑ.

    ගොඩාක් උන් කෙලවෙන point එක
    හොදට කියවලා හිතට ගනිල්ලා
    :yes:
    wish i could have wife like that.. :(
     

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    62
    46
    18
    මට ගෙදරින් කියලා මොනවත්ම ලැබුනේ නෑ. ලැබුනේ නෑ කියන්නේ එහෙම දෙන්න දෙයක් අපිට තිබුනේ නෑ. මම පටන් ගත්තේ 18න්, පලවෙනි මාසේ පඩිය 1650/- ( ඒ ඉන්සුවරන්ස් කම්පැනි එකක ) එතනින් පටන් අරගෙන 28 වෙනකොට කාමර දෙකක පොඩි ගෙයක් අරගෙන, මරුටි කාර් එකක් අරගෙන, අම්මා අසනීපයෙන් ඉන්නකොට සහ නැති උන වෙලාවේ සියලු වියදම් කරලා අන්තිමේදී වෙඩින් එකත් ගත්තා. ඔය සේරම කරලා ඉවර වෙනකොට මගේ ණය රුපියල් 100,000/-. හැබැයි ඒ මැච් එක ගහන්න අවුරුදු 10ක් තිස්සේ මම කාපු කට්ට දන්නේ මම විතරයි. හැබැයි මගේ වයිෆ්, ( ඒ කාලේ මගේ girl friend ) මට දුන්නේ පුදුමාකාර සහයක්. ඇත්තටම එයා නැත්තම් ඔය කිසිම දෙයක් කර ගන්න ලැබෙන්නේ නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    වෙඩින් ගන්නවනන් මිනිස්සුන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. මිනිස්සුන්ට දෙන්න පුලුවන් විදිහටනෙ දෙන්නෙ. එන එන වෙඩින් එකට රු.5000 දෙන්න බෑ මිනිස්සුන්ට. එක්කො උන්ට ඉන්වයිට් නොකර ඉඳපන් එක්කො වෙඩින් නොගෙන ඉඳපන් සල්ලි නැත්තන්.
    මම නම් කොස්ට් එකවත් කවර් වෙන්න දෙනවා. නැති බැරි එවුන් නෙවේ බං කැරිකම. පවුලේ ලඟම එවුන් විශේෂයෙන්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    ලෝකෙන් හුතුම් රට ශ්‍රී ලන්කට්ටුවේ කඹුරන්නේ නැතුව හොඳ ජොබ් එකකට වෙන රටකට පල. එහෙම බැරිනම් ලන්කට්ටුවේ බත් මුට්ටිය ගිල ගිලම ඉන්න ඕනේ නම්. ජාවාරමක් කරපන්. 🤌
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    ලෝකෙන් හුතුම් රට ශ්‍රී ලන්කට්ටුවේ කඹුරන්නේ නැතුව හොඳ ජොබ් එකකට වෙන රටකට පල. එහෙම බැරිනම් ලන්කට්ටුවේ බත් මුට්ටිය ගිල ගිලම ඉන්න ඕනේ නම්. ජාවාරමක් කරපන්. 🤌
    :yes:
     
    • Like
    Reactions: jennt and Cypress

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ මචන්. මුලින් prioritize කරපන් උඹට ඕන මොනාද කියලා. වාහන කියන්නෙ මේ කාලේ එච්චර තේරුමක් නැති දෙයක්. උඹට වාහනයක් ගන්න ගානෙන් 1000 sqft ගෙයක් ගහගන්න පුලුවන්.

    වෙඩින් ගන්න එකත් නිකන් බොරු සීන් තමා.අපේ කාලේ තිබ්බ පුකේ අමාරුවක් තමා ලක්ශ ගනන් (කෙල වෙන්න කලින්) ණයට අර ශූට්, මේ ශූට් ගහලා ලොකුවට ගන්නවා. අන්තිමට අවුරුදු ගානක් එ නයට හිරවෙලා විඳවනවා. ඕවට කන්න බොන්න ආපු උන්ව ආයි හොයන්න නෑ. සමහර උන් හොඳට කාල බීලා 2000ක් විතර දික් කරන් යනවා. කොවිඩ් ආවට පස්සෙ 100ට අඩුවෙන් ගන්න සීන් එක ආව. ඉස්සර ඕක මදි කමක් විදියට සැලකුවේ. පුලුවන්නම් ගෑනිට තේරුම් කරලා ඕක පොඩියට ගනින්. වැඩකට තියෙන්නෙ ෆොටෝ ටික විතරයි මචන්. උඹලගෙ ගෙදර උන්ට කියපන් කටයි පුකයි වහන් ඉන්න කියලා සල්ලි නැත්තන්.

    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අපිට ඒක මතක් වෙන්න ෆොටෝ ටික තියෙනවා. අපිට ඒක හොඳටම ඇති. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.

    තමන්ගෙ පමනට ජීවත් වෙන්න පුරුදු වෙයන්, ඒවගේ ජීවත් වෙන්න කැමැති ගෑනියෙක් හොයාගනි. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, ඒත් වෙන්නට් තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. මාත් 2012 පටන්ගන්න කොට ඔය තත්වෙ තමා හිටියෙ. එහෙම ඉඳලා තමා දැන් ඉන් ලෙවල් එකේ ඉන්නෙ. උත්සාහය, මොලය සහ වෙලාව තමා වැදගත් වෙන්නෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ, උඹට වෙච්ච වැඩේ උඹෙන් පස්සෙ උඹේ ලමයින්ට නොවෙන්න හරියට plan කරලා ජීවත් වෙයන්. නැත්තන් උනුත් අපේ ලමයින්ගෙන් මේ ප්‍රශ්නෙම අහයි.
    mage wedime total cost Eka laksha 10i :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    අත පය පයිය හොඳට තියෙනවා නම් ගෙදර රෙද්දවල් නැතිව උඩ ගියපු ඕනේ තරම් ඉන්නවා.

    18 වෙනකම් බලාගත්තා නම් දෙමාපියන්ට පින් දීලා තමන්ගේ මගක පලයල්ලා. බලපන් අර කුලියාපිටියේ සැලුන් බුවා, මුරට හිටපු ඉඩමම දෙමාපියන්ට අරගෙන දීලා.
    https://www.salonliyo.com/about-us
     
    Last edited:
    • Like
    Reactions: jennt

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,518
    7,743
    113
    මෙන්න මෙතන...
    අත පය පයිය හොඳට තියෙනවා නම් ගෙදර රෙද්දවල් නැතිව උඩ ගියපු ඕනේ තරම් ඉන්නවා.

    18 වෙනකම් බලාගත්තා නම් දෙමාපියන්ට පින් දීලා තමන්ගේ මගක පලයල්ලා. බලපන් අර කුලියාපිටියේ සැලුන් බුවා, මුරට හිටපු ඉඩමම දෙමාපියන්ට අරගෙන දීලා.
    https://www.salonliyo.com/about-us
    :eek:
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    ගෙවල් හදන් නෑ දැන්ම. රෙන්ට් එකට ඉන්නව කියල තීරණය කලා.

    කොලඹින් ඉඩමක් ගන්නවා හිමීට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    ගෙවල් හදන් නෑ දැන්ම. රෙන්ට් එකට ඉන්නව කියල තීරණය කලා.

    කොලඹින් ඉඩමක් ගන්නවා හිමීට

    ඵයාල දෙන දේවල් ගත්තොත් ඵයාල කියන විදිහට ඉන්න වෙනවා..ඒක නිසා බැඳලනම් පුළුවන්තරම් වෙනම ඉන්න බලන්න..ඵහෙම හිටියම ප්‍රශ්ණ අඩුයි.
     
    • Like
    Reactions: jennt

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,662
    4,913
    113
    Pandora
    beri neh try karanna, hithanna epa patan ganna
    podi example ekak dennam
    2010-no job ohe gedara hitiya
    2011-podi job ekak 8000rs salary
    2012- tikak hoda job ekak 14000 salary
    2014- wedding
    2015- land ekak gatta 1.8M 10 year loan
    2016- house eke foundation dala biththi negguwa
    2019- car ekak gatta
    2021- salli tikak ithiri karagena house eke slab eka, plastering, wiring, putty, widnows tika damma ground floor eke
    2022- padinchiyata giya incomplete geyakata
    2023- gate dala room ekai, kitchen ekai tile kara
    2023- baba labuna
    2024- dining living tile gatta
    2025- plan karanawa tile karala, windows waterbase karala paint karanna. ethakota yata floor eka iwarai, first floor eka 0% tama
    මැරි කරලා අවුරුදු 9ක් හිටියද බබෙක් හදන්න? ඇයි එච්චර කාලයක්?
     
    • Like
    Reactions: jennt

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,290
    5,609
    113
    2025- plan karanawa tile karala, windows waterbase karala paint karanna. ethakota yata floor eka iwarai
    mekath done
    මැරි කරලා අවුරුදු 9ක් හිටියද බබෙක් හදන්න? ඇයි එච්චර කාලයක්?
    5years kohoma hadanne ne kiyala birth control kara. then house building, covid, economy crisis
     
    • Like
    Reactions: jennt and Avatar998