මේකයි..මමයි මගේ ෆැමිලි එකයි ඉන්නේ ඔස්ට්‍රියාවේ...මට අවුරුදු 4ක පුතෙක් ඉන්නවා. තැනට එයා ජර්මන් භාශාවෙන් ඉගෙන ගන්නේ.මම මිඩ් 30s ඉන්නේ. ඇත්තම කතාව කිව්වොත් වයසට ගිහින් ලෙඩ ඇදට වැටෙනකන් ඔස්ට්‍රියාවේ ඉන්න ආස නැහැ. ලංකාවේ ගෙවල් දෙකක් හදල රෙන්ට් එකට දීල තියනවා..වාහනයක් තියනවා. ඔස්ට්‍රියාවේ තියන අපාර්ට්මන්ට් එකත් රෙන්ට් කරන්න පුලුවන්..තව ඉන්කම් දෙකක් වත් හදාගන්න පුලුවන්..හැබැයි දැන් ඔස්ට්‍රියාවේ කාල ඇදල බීල ඉන්න විදියට ලංකාවේ ඉන්න බැහැ කියල දන්නවා..ඒත් පුතාගේ ඇද්‍යාපන කටයුතු හොද internatonal school එක්කට දාල කරවන්න ඕන නිසා තව අවෘදු 5කින් ලංකාවට එන්න හිතන් ඉන්නවා..අදහස් ඕන...මට ගොඩක් ලග අය හැරුනු කොට වෙන අයට මේ කතාව කිව්වම උන් හිනා වෙනවා..ඒත් ඇත්තටම දුර දිග හිතලයි මෙහෙම කල්පනා කලේ.